*විත්තියේ සාක්ෂි සහ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමෙන් පසුව ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දීර්ඝ නඩු විභාගය
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති ප්‍රධාන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීමේ කටයුතු වසර 5කට ආසන්න කාලයක් තුළ දින 245ක් පුරා පවත්වා අවසන් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය පියවර ගෙන තිබේ.
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාග වන අතර, පැමිණිල්ලේ සාක්ෂි විමසීම නිමාවීමත් සමග ඉදිරියේදී විත්තියේ සාක්ෂි කැඳවීම සහ දෙපාර්ශ්වයේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සිදුවීමට නියමිතය.
පාස්කු මහ නඩුවේ ප්‍රධාන තොරතුරු සංග්‍රහය
| ප්‍රධාන විත්තිකරුවන්: නවුෆර් මවුලවි ඇතුළු 24 දෙනෙක්
| විනිසුරු මඬුල්ල: මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක, රාමනාදන් කන්නන්
| පැමිණිල්ලේ සාක්ෂි විමසීම: වසර 05කට ආසන්න කාලයක් තුළ දින 245ක් පුරා පවත්වා අවසන් කෙරිණි
| විශේෂ සාක්ෂි: සහරාන්ගේ මරාගෙන මැරෙන කණ්ඩායමේ සාමාජිකයෙකු රජයේ සාක්ෂිකරුවෙකු ලෙස සාක්ෂි දීම
| පැමිණිල්ලේ නීතිඥ කණ්ඩායමය: ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තු කණ්ඩායම
නඩු විභාගය කාර්යක්ෂම කිරීමට ගත් පියවර
පාස්කු ප්‍රහාරයට අදාළව නඩු 31ක් පවරා ඇති අතර, ඉන් නඩු 05ක් ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ විභාගයට ගැනිණි. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර දෙදෙනාට එරෙහි නඩුව මෙන්ම මාවනැල්ල බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීමේ නඩුව ඇතුළු නඩු 03ක තීන්දු මේ වන විටත් ප්‍රකාශයට පත්කර අවසන්ය.
ඉතිරි නඩු විභාගයන් ඉක්මන් කිරීම සඳහා පුත්තලම ත්‍රිපුද්ගල මහාධිකරණයේ පැවැති ලැක්ටෝස් වත්ත ත්‍රස්ත පුහුණු කඳවුර පිළිබඳ නඩුව ද කොළඹට ගෙනවිත් විභාග කිරීමට පියවර ගැනිණි. අලුත්කඩේ පැරණි මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ස්ථාපිත නව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පරිශ්‍රයේදී මෙම නඩුව දිනපතා රාත්‍රී 10.00 දක්වා විභාගයට ගත් අතර, අධිකරණ වාර නිවාඩු කාලසීමාවන්හිදී පවා නඩුව විභාග කිරීම විශේෂත්වයකි.
විමර්ශන තොරතුරු සහ ඉදිරි නීතිමය පියවර
පැමිණිල්ලේ සාක්ෂි විමසීමේදී විත්තිකරුවන් විසින් ලබාදී තිබූ පාපොච්චාරණයන් කිහිපයක් ස්වේච්ඡාවෙන් ලබාදුන් ඒවා බවට පැවැති සත්‍යතා පරීක්ෂණවලදී තහවුරු වී තිබිණි. තවද සහරාන් හෂීම්ගේ මරාගෙන මැරෙන කණ්ඩායමේ සිටි සාමාජිකයෙකු රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටිමින් අතිශය තීරණාත්මක තොරතුරු රැසක් අධිකරණය හමුවේ අනාවරණය කළේය.
සාමාන්‍ය නීතිමය ක්‍රියාපටිපාටිය යටතේ වසර 10කට අධික කාලයක් ඇදී යාමට තිබූ මෙම දීර්ඝ නඩු විභාගය, දිනපතා නඩු ඇසීමේ විශේෂ ක්‍රමවේදය හේතුවෙන් කෙටි කාලයක් තුළ තීරණාත්මක අවසාන අදියර වෙත පැමිණ ඇත. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥ කණ්ඩායමක් පැමිණිල්ල මෙහෙයවන ලදී.
| මුලාශ්‍රය : දිනමිණ
පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන්: නඩුව තීරණාත්මක අදියරකට!
T
The Leader Desk
August 12, 2026 • 4:00 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- *නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව දින 245ක් පුරා පැවැති පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම නිමාවෙයි
- අලුත්කඩේ පැරණි මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ස්ථාපිත නව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පරිශ්‍රයේදී මෙම නඩුව දිනපතා රාත්‍රී 10.00 දක්වා විභාගයට ගත් අතර, අධිකරණ වාර නිවාඩු කාලසීමාවන්හිදී පවා නඩුව විභාග කිරීම විශේෂත්වයකි.
- විමර්ශන තොරතුරු සහ ඉදිරි නීතිමය පියවර පැමිණිල්ලේ සාක්ෂි විමසීමේදී විත්තිකරුවන් විසින් ලබාදී තිබූ පාපොච්චාරණයන් කිහිපයක් ස්වේච්ඡාවෙන් ලබාදුන් ඒවා බවට පැවැති සත්‍යතා පරීක්ෂණවලදී තහවුරු වී තිබිණි.
- තවද සහරාන් හෂීම්ගේ මරාගෙන මැරෙන කණ්ඩායමේ සිටි සාමාජිකයෙකු රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටිමින් අතිශය තීරණාත්මක තොරතුරු රැසක් අධිකරණය හමුවේ අනාවරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



