BREAKING
සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●
Top Ad
පුවත්

'අවදානමක් නොගෙන සැබෑ වෙනසක් කළ නොහැකියි' - ජනපති නීතිඥ සංගමයට කෙළින්ම කියයි!

T

The Leader Desk

August 13, 2026 • 4:49 PM

'අවදානමක් නොගෙන සැබෑ වෙනසක් කළ නොහැකියි' - ජනපති නීතිඥ සංගමයට කෙළින්ම කියයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 22 වන සංශෝධනය පුද්ගල කේන්ද්‍රීය එකක් නොවන බවත්, විධායක බලතල අනිසි ලෙස නොයොදවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ අවධාරණය
  • එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිදු ලෙසක තනි පුද්ගලයන් ඉලක්ක කරගත් එකක් නොවන බවත්, එය අධිකරණ පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් ගනු ලබන ව්‍යවස්ථානුකූල ප්‍රවේශයක් බවත්ය.
  • එමෙන්ම, වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 60 සිට 63 දක්වා දීර්ඝ කළ ආකාරයෙන්ම රටට අවශ්‍ය පරිණත වෘත්තිකයන්ගේ සේවය පද්ධතිය තුළ රඳවා ගැනීමේ පොදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන බව ද හෙතෙම සඳහන් කළේය.
  • විමර්ශන ආයතන ශක්තිමත් කිරීම සහ යටිතල පහසුකම් නැංවීම අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සමගාමීව විමර්ශන ආයතන ශක්තිමත් කිරීමට ද රජය පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණ ඩිජිටල්කරණය, නව මහාධිකරණ 11ක්, අල්ලස් කොමිසමට ප්‍රාදේශීය කාර්යාල 24ක් සහ පොලිසියට 10,000ක් බඳවා ගැනීමේ පූර්ණ පද්ධතිමය සංවර්ධන සැලැස්ම හෙළිවෙයි


නීතිඥ සංගමය හමුවේ ජනාධිපතිගේ ස්ථාවරය සහ 22 වන සංශෝධනය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන් වෙත පැවරී ඇති විධායක බලතල කිසිසේත්ම ව්‍යවස්ථා රාමුවෙන් ඔබ්බට හෝ තනි අභිමතය පරිදි පාවිච්චි නොකරන බවත්, ජනතාව උදෙසා අවශ්‍ය වන වෙනස්කම් සිදුකිරීමේදී පැමිණෙන ඕනෑම අවදානමක් භාර ගැනීමට තමන් සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නියෝජිතයන් හමුවේ ඊයේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීමකට අනුව ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම හමුවේදී විනිසුරුවරුන්ගේ ධූර කාලය වැඩි කිරීම සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිදු ලෙසක තනි පුද්ගලයන් ඉලක්ක කරගත් එකක් නොවන බවත්, එය අධිකරණ පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් ගනු ලබන ව්‍යවස්ථානුකූල ප්‍රවේශයක් බවත්ය.

 
   අධිකරණ හා විමර්ශන පද්ධති ප්‍රතිසංස්කරණ

| අධිකරණ ව්‍යුහය: අලුතින් මහාධිකරණ 11ක් ඉදිකිරීම සහ මහාධිකරණ විනිසුරු සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීම 

| අල්ලස් කොමිසම: ප්‍රාදේශීය කාර්යාල 24ක් පිහිටුවීම සහ නව උසස් වැටුප් තල යටතේ නිලධාරීන් 373 දෙනෙකු බඳවා ගැනීම 

| පොලිස් දෙපාර්තමේන්තුව:කාඩර් හිඟය පියවීමට අලුතින් 10,000ක් බඳවා ගැනීම සහ විමර්ශන තාක්ෂණය ශක්තිමත් කිරීම

| නීතිපති දෙපාර්තමේන්තුව:නව නීති නිලධාරීන් 50 දෙනෙකු බඳවා ගැනීම සහ දීමනා නිරාකරණය කිරීම                                
| තාක්ෂණික පියවර: ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තුළ ඩිජිටල්කරණ පරීක්ෂණ අදියර ක්‍රියාත්මක කිරීම       


පාස්කු මහ නඩුව, විනිසුරුවන්ගේ උසස්වීම් සහ ඩිජිටල්කරණය

අතීතයේදී ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 11 සිට 17 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 12 සිට 20 දක්වාත් වැඩි කළ අවස්ථාවලදී නොයෙකුත් දේශපාලන චෝදනා එල්ල වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, වත්මන් රජයේ අරමුණ හුදෙක් පුද්ගලයන් මාරු කිරීම නොව සමස්ත පද්ධතියේම වෙනසක් (Systemic Change) ඇති කිරීම බව පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම චෝදනා 23,000කට අධික ප්‍රමාණයක් සහිත පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ නඩුව විභාග කරනු ලබන්නේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම මහාධිකරණ විනිසුරුවන් තිදෙනා විසින් බවත්, එම විනිසුරුවරුන්ගේ උසස්වීම් ප්‍රමාද කිරීම මගින් අදාළ නඩුව කඩා වැටීමට ඉඩ නොදී, නඩුව ඉක්මනින් අවසන් කර විපතට පත්වූවන්ට සාධාරණත්වය ඉටු කිරීම රජයේ වගකීමක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම, වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 60 සිට 63 දක්වා දීර්ඝ කළ ආකාරයෙන්ම රටට අවශ්‍ය පරිණත වෘත්තිකයන්ගේ සේවය පද්ධතිය තුළ රඳවා ගැනීමේ පොදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන බව ද හෙතෙම සඳහන් කළේය.


විමර්ශන ආයතන ශක්තිමත් කිරීම සහ යටිතල පහසුකම් නැංවීම

අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සමගාමීව විමර්ශන ආයතන ශක්තිමත් කිරීමට ද රජය පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

කොළඹට පමණක් සීමා වී තිබූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා ප්‍රාදේශීය කාර්යාල 24ක් පිහිටුවීමටත්, ඒ සඳහා උසස් වැටුප් තලයන් යටතේ නිලධාරීන් 373 දෙනෙකු බඳවා ගැනීමටත් අනුමැතිය ලබා දී තිබේ.

ඊට අමතරව පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින කාඩර් හිඟය පියවීම සඳහා අලුතින් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට සහ නීතිපති දෙපාර්තමේන්තුව සඳහා නව නීති නිලධාරීන් 50 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු යොදා ඇත.

අධිකරණවල නඩු ගොඩගැසීම වැළැක්වීම උදෙසා අලුතින් මහාධිකරණ 11ක් ඉදිකිරීමටත්, මහාධිකරණ විනිසුරු සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමටත් තීරණය කර තිබේ.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තුළ ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමේ පරීක්ෂණ අදියර මේ වන විටත් ක්‍රියාත්මක අතර, මෙමගින් අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය තවදුරටත් තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතාවය බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

 

 

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...