BREAKING
ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●
Top Ad
පුවත්

ඩුබායිහිදී කොටුවූ ශිරාන් බාසික් මෙරටට: ජාත්‍යන්තර ජාලය ගැන පුළුල් විමර්ශන

T

The Leader Desk

August 15, 2026 • 5:41 AM

ඩුබායිහිදී කොටුවූ ශිරාන් බාසික් මෙරටට: ජාත්‍යන්තර ජාලය ගැන පුළුල් විමර්ශන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන-අමෙරිකා ගැටුම් තොරතුරු දුරකථනයේ තිබී මැයි 26 අත්අඩංගුවට
  • ඩුබායි වැටලීම සහ ජාත්‍යන්තර සබඳතා දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ශිරාන් බාසික් 2018 වසරේදී මෙරටින් පලාගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් සැඟව සිට ඇත.
  • ඉකුත් මැයි මස 26 වැනිදා ඩුබායි ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ, කලාපීය යුද ගැටුම් අතරතුර ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවල ඡායාරූප හා වීඩියෝ දර්ශන ජංගම දුරකථනයේ තබාගෙන සිටීමේ චෝදනාව මතය.
  • ඉරාන මත්ද්‍රව්‍ය ජාලය සමඟ මොහු සෘජු සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන අතර, අමෙරිකානු ආරක්ෂක අංශද මොහු සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තොරතුරු ඉල්ලා තිබූ බවට වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


තවත් සැකකරුවන් දෙදෙනෙකු සමඟ කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී අත්අඩංගුවට ගත් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වන මොහොමඩ් ශිරාන් බාසික් නැමැත්තා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ දිවයිනට රැගෙනවිත් තිබේ.

අගෝස්තු 14 වැනිදා රාත්‍රී 08.48 ට එයාර් ඇරේබියා ගුවන් සේවයට අයත් 3L-708 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ මෙම සැකකරුවන්ගෙන් ගුවන්තොටුපොළේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලික ප්‍රකාශ සටහන් කරගත්තේය. අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත භාරදුන් බව පොලිස් මූලස්ථානය තහවුරු කළේය.

ඩුබායි වැටලීම සහ ජාත්‍යන්තර සබඳතා

දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ශිරාන් බාසික් 2018 වසරේදී මෙරටින් පලාගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් සැඟව සිට ඇත. ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය (Interpol) හරහා රතු නිවේදන (Red Notice) නිකුත් කර තිබිණි.

ඉකුත් මැයි මස 26 වැනිදා ඩුබායි ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ, කලාපීය යුද ගැටුම් අතරතුර ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවල ඡායාරූප හා වීඩියෝ දර්ශන ජංගම දුරකථනයේ තබාගෙන සිටීමේ චෝදනාව මතය. ඉරාන මත්ද්‍රව්‍ය ජාලය සමඟ මොහු සෘජු සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන අතර, අමෙරිකානු ආරක්ෂක අංශද මොහු සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තොරතුරු ඉල්ලා තිබූ බවට වාර්තා වේ.

චෝදනා ගොනුව සහ මුදල් විශුද්ධිකරණය

ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන ආකාරයට මොහුට එරෙහිව ප්‍රධාන චෝදනා රැසක් ගොනුවී පවතී.

| මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීම
| නීතිවිරෝධී ගිනි අවි සහ තියුණු ආයුධ සන්තකයේ තබාගැනීම
| සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවීම සහ හානි සිදුකිරීම
| නීතිවිරෝධී වත්කම් උපයාගැනීම සහ මුදල් විශුද්ධිකරණය


මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා මෙරට මුහුදුබඩ ප්‍රදේශවල විවිධ පුද්ගලයන්ගේ නමින් හෝටල් සහ දේපළ ඉදිකිරීම ඇතුළු නීතිවිරෝධී වත්කම් රැස්කිරීම පිළිබඳව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ඉදිරියේදී පුළුල් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. මොහු සමඟ මෙරටට රැගෙන ආ හංවැල්ලේ ලලිත් කන්නංගර සහ  අනෙක් සැකකරුකු මෙරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ පැවැත්වූ සබඳතා පිළිබඳවද මේ වන විටත් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...