සභාපතිවරයාගේ ප්‍රකාශ එදිනම ලබාදුන් බවත්, සෙසු කොටස් ඉදිරියේදී ලබාදෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියයි
ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් අතර පසුගිය අගෝස්තු 12 වනදා පැවති සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම් ලබාගැනීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය සහ ජනාධිපති මාධ්‍ය අංශය අතර ලිපි හුවමාරුවක් සිදුව තිබේ.
නීතිඥ සංගමයේ පරිපාලන ලේකම් සුරානි සමරසේකර ගේ අත්සනින් යුතුව අගෝස්තු 14 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකළ ලිපිය මඟින් ඉල්ලා ඇත්තේ, අදාළ සාකච්ඡාවේ කිසිදු සංස්කරණයකට ලක්නොකළ සම්පූර්ණ වීඩියෝ සහ ශ්‍රව්‍ය පටිගත කිරීම හැකි ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් ලබාදෙන ලෙසයි.
නීතිඥ සංගමයේ ලිපියෙන් පෙන්වා දුන් කරුණු
තමන් වෙත මේ වන විට ලැබී ඇත්තේ සාකච්ඡාවේ ආරම්භක අදියරට අදාළ කොටසක් පමණක් බවත්, එම පටිගත කිරීම සම්පූර්ණ නොවන අතර ඇතැම් ස්ථානවල ශබ්ද තත්ත්වයද පැහැදිලි නොවන බවත් නීතිඥ සංගමය සිය ලිපිය මඟින් පෙන්වා දී ඇත.
සාකච්ඡාව පුරා සිදුවූ සියලු මැදිහත්වීම්, දෙපාර්ශ්වයේම නිරීක්ෂණ, ප්‍රතිචාර මෙන්ම නීතිඥ සංගමයේ නියෝජිත පිරිසේ අවසන් අදහස් දැක්වීම්ද ඇතුළත් සම්පූර්ණ පටිගත කිරීම සංගමය වෙත ලබාදෙන ලෙස එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රතිචාරය
නීතිඥ සංගමයේ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා විසින් ලිඛිත පිළිතුරක් යොමුකර ඇත.
එම ලිපිය මඟින් දන්වා ඇත්තේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් කරන ලද නිල ප්‍රකාශවල සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම් සාකච්ඡාව පැවති අගෝස්තු 12 වන දිනම එම සංගමය වෙත නිල වශයෙන් භාරදී ඇති බවයි.
එමෙන්ම, රැස්වීමට සහභාගී වූ අනෙකුත් පාර්ශ්වයන්ගේ කරුණු දැක්වීම් ඇතුළත් පටිගත කිරීම්, අදාළ නිල පරිපාලන ක්‍රියාපටිපාටීන්ට යටත්ව ඉදිරියේදී හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. අදාළ දර්ශන විධිමත්ව හා නිසි ක්‍රමවේදයට අනුව ලබාදීමට ජනාධිපති කාර්යාලයේ සම්පූර්ණ සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවද එම නිල නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
නීතිඥ සංගමයේ සභාපතිගේ වීඩියෝව සඟවන්නේ කවුද?
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජවිපෙ විසින් පවත්වාගෙන යනු ලබන 'ලංකා ට්රුත් (lankatruth.com) ' පුවත් වෙබ් අඩවියේ විශේෂ වාර්තාවක් පළකර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින්, ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී පවත්වන ලද සාකච්ඡා දී නීතිඥ සංගමයේ සභාපති ඇතුළු නියෝජිතයින් කරුණු දැක්වීම් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම සංගමයට ලබා දුන් බව ''ලංකා ට්රුත් පවසයි.
එම සංගමයේ කරුණු ජනාධිපති මාධ්‍ය අංශය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම ආචාර ධාර්මික නොවන බැවින් ජනාධිපතිවරයාගේ කරුණු දැක්වීම් පමණක් ප්‍රසිද්ධ කරනු ලැබූ බවද එම වාර්තාවේ සඳහන් වේ.
එහෙත් නීතිඥ සංගමයට ලබා දුන් වීඩියෝව මේ දක්වා ප්‍රසිද්ධියට පත් නොකළේ මන්දැයි බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වී ඇතැයි ද 'ලංකා ට්රුත්' වැඩි දුරටත් සඳහන් කර ඇත.
ජනපති - නීතිඥ සංගම් හමුවේ වීඩියෝව ඉල්ලද්දී රජිව්ගේ කතාව එළියට
T
The Leader Desk
August 15, 2026 • 10:00 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සංස්කරණය නොකළ සම්පූර්ණ දර්ශන ඉල්ලා නීතිඥ සංගමය ජනපති ලේකම් කාර්යාලයට ලියයි
- සාකච්ඡාව පුරා සිදුවූ සියලු මැදිහත්වීම්, දෙපාර්ශ්වයේම නිරීක්ෂණ, ප්‍රතිචාර මෙන්ම නීතිඥ සංගමයේ නියෝජිත පිරිසේ අවසන් අදහස් දැක්වීම්ද ඇතුළත් සම්පූර්ණ පටිගත කිරීම සංගමය වෙත ලබාදෙන ලෙස එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
- ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රතිචාරය නීතිඥ සංගමයේ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා විසින් ලිඛිත පිළිතුරක් යොමුකර ඇත.
- එම ලිපිය මඟින් දන්වා ඇත්තේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් කරන ලද නිල ප්‍රකාශවල සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම් සාකච්ඡාව පැවති අගෝස්තු 12 වන දිනම එම සංගමය වෙත නිල වශයෙන් භාරදී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



