BREAKING
ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●
Top Ad
පුවත්

අධිකරණ ක්ෂේත්‍රයේ තීන්දු ගැන නාමල්ගෙන් ජනපතිට ප්‍රශ්නාවලියක්

T

The Leader Desk

August 15, 2026 • 4:18 PM

අධිකරණ ක්ෂේත්‍රයේ තීන්දු ගැන නාමල්ගෙන් ජනපතිට ප්‍රශ්නාවලියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උපදෙස් දුන් ජ්‍යෙෂ්ඨයන් කවුදැයි හෙළි කරන්නැයි පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක්
  • හැබැයි ඉතින් අවදානම කෙසේ වෙතත් ජනාධිපතිතුමා කාගේ හරි අවධානය යොමු කරගන්න දඟලන බවක් නම් පේනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ කීය.
  • විශේෂයෙන්ම ගොවි ජනතාව මුහුණ දෙන අභියෝග, පොහොර සහ අස්වනු මිලදී ගැනීමේ ක්‍රියාවලිය මෙන්ම ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා රජයේ ප්‍රමුඛ අවධානය යොමුවිය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
  • කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීම සාධනීය පියවරක් වන අතර, පවතින ජනතා ගැටලුවලට කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් ලබාදීම රජයේ වගකීමක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අධිකරණයේ ස්වාධීනත්වය සහ කාලීන මහජන ගැටලු ගැනත් අවධානය යොමු වෙයි
අධිකරණ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිත්වය සහ විෂය පථය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා උපදෙස් ලබාගත් බව කියන ජ්‍යෙෂ්ඨයන් සහ ප්‍රවීණයන් කවුරුන්ද යන්න රටට හෙළි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

නෙළුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, අධිකරණ ක්ෂේත්‍රයේ ස්වාධීනත්වයට සහ ප්‍රතිසංස්කරණවලට අදාළව ගනු ලබන තීරණ පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගේ අවධානය යොමුව ඇති පසුබිමක එම ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදුවිය යුතු බවයි.

විෂය ප්‍රවීණයන් සහ වෘත්තීය සංගම්වල මතය
අධිකරණ පද්ධතියේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම පිළිබඳව අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේ, ක්ෂේත්‍රයේ දිගුකාලීන අත්දැකීම් ඇති ප්‍රවීණයන් විශාල පිරිසක් සිටින බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය හා කලාපීය නීති ක්ෂේත්‍රයේ නියෝජිතයන්ගේ අදහස්ද මෙවැනි ප්‍රතිසංස්කරණවලදී සැලකිල්ලට ගැනීම වැදගත් බවත්, ආයතනික තීන්දු ගැනීමේදී සියලු පාර්ශ්වයන්ගේ මැදිහත්වීම තහවුරු විය යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය. එසේම, ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමය අතර පැවති සාකච්ඡාවේ කරුණු මාධ්‍ය වෙත නිදහස් කිරීමේදී දෙපාර්ශ්වයේම අදහස් සමබරව ඉදිරිපත් වීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.

''ජනාධිපතිතුමා කාගේ හරි අවධානය යොමු කරගන්න දඟලනවා''
"දැන් ජනාධිපතිවරයා පැහැදිලිවම අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන කාරණයක් සම්බන්ධයෙන් අත්තනෝමතික තීරණයක් ගන්නවා.රටේ නීතිඥ සංගමය ඒකට විරුද්ධයි නම්, විනිශ්චයකාරවරුන්ගේ විරෝධයක් තියෙනවා නම්, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය මේ සංශෝධනයට විරුද්ධ නම් ජනාධිපතිවරයා ගන්න අවදානම ගැන මට නම් හිතාගන්න බෑ. හැබැයි ඉතින් අවදානම කෙසේ වෙතත් ජනාධිපතිතුමා කාගේ හරි අවධානය යොමු කරගන්න දඟලන බවක් නම් පේනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ කීය.

ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා
අධිකරණ ක්ෂේත්‍රයේ කරුණුවලට අමතරව රටේ පවතින ආර්ථික හා ග්‍රාමීය ගැටලු පිළිබඳවද අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලු සහ ආපදාවලට ලක්වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

විශේෂයෙන්ම ගොවි ජනතාව මුහුණ දෙන අභියෝග, පොහොර සහ අස්වනු මිලදී ගැනීමේ ක්‍රියාවලිය මෙන්ම ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා රජයේ ප්‍රමුඛ අවධානය යොමුවිය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීම සාධනීය පියවරක් වන අතර, පවතින ජනතා ගැටලුවලට කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් ලබාදීම රජයේ වගකීමක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...