BREAKING
ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●
Top Ad
පුවත්

තාරුණ්‍යයේ සිහින දිනවන 'සතුටු දැයක්' වෙනුවෙන් සර්වජන බලයෙන් ස්ථාවර සැලැස්මක්

T

The Leader Desk

August 16, 2026 • 4:29 AM

තාරුණ්‍යයේ සිහින දිනවන 'සතුටු දැයක්' වෙනුවෙන් සර්වජන බලයෙන් ස්ථාවර සැලැස්මක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පශ්චාත්තාපයෙන් තොර දීප්තිමත් අනාගතයකට මග පාදන "සර්වජන Youth Vibe 26" කුරුණෑගලදී අතිසාර්ථකව
  • කිසිම දිනක මේ රටේ තාරුණ්‍යයට කනස්සල්ලට හෝ පශ්චාත්තාපයට පත්වන්නට වන කිසිදු ක්‍රියාවක් අපේ ව්‍යාපාරය තුළින් සිදුවන්නේ නැහැ," යනුවෙන් ඔහු සඳහන් කළේය.
  • තරුණ පරපුර ආර්ථික වශයෙන් ශක්තිමත් වීම, තමන්ගේම නිවසක් සහ වාහනයක් හිමි කරගැනීම මෙන්ම ස්ථාවර ආදායම් මාර්ග නිර්මාණය කරගැනීම තුළින් ගොඩනැගෙන "සතුටු දැයක්" (Happy Nation) නිර්මාණය කිරීම සිය මූලික ඉලක්කය බව හෙතෙම පෙන්වා දුන්නේය.
  • පසුබෑම වෙනුවට ධනාත්මක චින්තනයෙන් නැගී සිටිමින් අප ප්‍රාර්ථනා කරන නව්‍ය ශ්‍රී ලංකාව ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතුයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


නව ඡන්ද පදනම රටේ ආර්ථික හා සමාජීය පරිවර්තනයක නියමුවන් කර ගැනීමේ දැක්ම දිලිත් ජයවීර පැහැදිලි කරයි


ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට කිසිදු අයුරකින් පසුතැවීමට ඉඩ නොතබන, අනාගත අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කෙරෙන ස්ථාවර වැඩපිළිවෙළක් සිය දේශපාලන ව්‍යාපාරය සතු බව ‘සර්වජන බලය’ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල මහ නගර සභා ක්‍රීඩාංගණයේ ඇම්ෆිතියටර් (Amphitheater) පරිශ්‍රයේදී පැවැති "සර්වජන Youth Vibe 26" තරුණ සමුළුව අමතමිනි. "වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු" යන තේමාව පෙරදැරිව පැවැති මෙම වැඩසටහන සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

775260585 1078157041268347 6601332874613454875 n776921624 1078156987935019 290449190796578896 n777303891 1078157027935015 5511636292523542805 n
අසාධාරණයට ලක්වූ තාරුණ්‍යයට සාධාරණය ඉටුකිරීමේ දැක්ම

සාම්ප්‍රදායික දේශපාලන රැස්වීම් රාමුවෙන් ඔබ්බට යමින් තරුණ පරපුරේ සැබෑ ගැටලු සහ අපේක්ෂාවන් හඳුනාගැනීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වූ බව පෙන්වා දුන් දිලිත් ජයවීර, අතීතයේදී දේශපාලන පොරොන්දුවලට රැවටී කලකිරීමට පත් වූ තරුණ ප්‍රජාව කෙරෙහි සැබෑ අවධානය යොමුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

"අද අපි මේ ඔබ ආමන්ත්‍රණය කරන්නේ තවත් දේශපාලන රැස්වීමක නෙවෙයි. ඉතිහාසයේ මේ තාරුණ්‍යයට කොහේ හරි තැනක අසාධාරණයක් වුණා නම් එය නිවැරදි විය යුතුයැයි දැඩිව විශ්වාස කරන කණ්ඩායමක් හැටියටයි අපි කතා කරන්නේ. කිසිම දිනක මේ රටේ තාරුණ්‍යයට කනස්සල්ලට හෝ පශ්චාත්තාපයට පත්වන්නට වන කිසිදු ක්‍රියාවක් අපේ ව්‍යාපාරය තුළින් සිදුවන්නේ නැහැ," යනුවෙන් ඔහු සඳහන් කළේය.

තීරණාත්මක ඡන්ද බලය සහ ආර්ථික ස්වාධීනත්වය

එළඹෙන මැතිවරණ ක්‍රියාවලියේදී තරුණ ඡන්දදායකයින් සතු බලපෑම සංඛ්‍යාත්මකව සහ ගුණාත්මකව ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ඉදිරි මැතිවරණයකදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පමණක් අලුතින් එක්වන තරුණ ඡන්ද එක්ලක්ෂ පනස්දහසකට අධික ප්‍රමාණය රටේ ඉදිරි ගමන්මග තීරණය කිරීමෙහිලා ප්‍රබල සාධකයක් වන බව පැහැදිලි කළේය.

තරුණ පරපුර ආර්ථික වශයෙන් ශක්තිමත් වීම, තමන්ගේම නිවසක් සහ වාහනයක් හිමි කරගැනීම මෙන්ම ස්ථාවර ආදායම් මාර්ග නිර්මාණය කරගැනීම තුළින් ගොඩනැගෙන "සතුටු දැයක්" (Happy Nation) නිර්මාණය කිරීම සිය මූලික ඉලක්කය බව හෙතෙම පෙන්වා දුන්නේය.

ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය සහ ධනාත්මක චින්තනය

නූතන ගෝලීය ප්‍රවණතා සමග මුසුවෙමින් Gen Z සහ Gen Alpha පරම්පරාවන් ආර්ථික ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් බවට පත්කිරීම සඳහා "ව්‍යවසායකත්ව රාජ්‍ය" සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු බව දිලිත් ජයවීර මෙහිදී තවදුරටත් කියා සිටියේය.

"සෘණාත්මක ආකල්පවලින් මිදී ලෝකයේ ඕනෑම රටක් සමග තරග කළ හැකි ශක්තිය, දැනුම හා ආත්මවිශ්වාසය අපේ තාරුණ්‍යය සතුයි. පසුබෑම වෙනුවට ධනාත්මක චින්තනයෙන් නැගී සිටිමින් අප ප්‍රාර්ථනා කරන නව්‍ය ශ්‍රී ලංකාව ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතුයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...