BREAKING
සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●
Top Ad
පුවත්

මහාචාර්ය රවීන්ද්‍රනාත් ඝාතනය: පිල්ලෙයාන් ඇතුළු සිව්දෙනෙකුට පොළොන්නරුව මහාධිකරණයේ අධිචෝදනා

T

The Leader Desk

August 17, 2026 • 4:11 PM

මහාචාර්ය රවීන්ද්‍රනාත් ඝාතනය: පිල්ලෙයාන් ඇතුළු සිව්දෙනෙකුට පොළොන්නරුව මහාධිකරණයේ අධිචෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර විස්සකට ආසන්න අභිරහසකට නීතිපතිගෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු
  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරුව 2025 අප්‍රේල් 8 වන දින පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනිණි.
  • අනුමැතියක් නැති රහසිගත කඳවුර අදාළ සෙවණපිටිය කඳවුර පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් කිසිදු නිල අවසරයක් හෝ අනුමැතියක් ලබා දී නොමැති බව ජාතික බුද්ධි ප්‍රධානියා ලිඛිතව තහවුරු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත.
  • මහාධිකරණයේ ඉදිරි පියවර පොළොන්නරුව මහාධිකරණ විනිසුරු දුලානි වීරතුංග විසින් විත්තිකරුවන්ට ඉදිරි දිනයකදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සෙවණපිටිය රහසිගත කඳවුර ගැන CID අනාවරණයත් සමඟ අධිකරණ ක්‍රියාමාර්ග දැඩි වෙයි

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ මෙම අධිචෝදනා පත්‍ර ගොනු කර ඇති අතර, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට අමතරව කදීර් තම්බයියා, තංගවේලු කදිරයාර් සහ නාගරාසා රත්නම් යන අය මෙහි සෙසු විත්තිකරුවෝ වෙති.

කොළඹ සම්මන්ත්‍රණයේ සිට සෙවණපිටිය දක්වා

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාව සිටි මහාචාර්ය රවීන්ද්‍රනාත් මහතා 2006 දෙසැම්බර් 15 වන දින කොළඹ අධි ආරක්ෂිත කලාපයක පැවති විද්‍යා සම්මේලනයකට සහභාගී වී ආපසු එමින් සිටියදී අතුරුදන් විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරුව 2025 අප්‍රේල් 8 වන දින පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනිණි. රැඳවුම් නියෝග හතරක් යටතේ දින 359ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, හිටපු උපකුලපතිවරයාව පොළොන්නරුව සෙවණපිටිය ප්‍රදේශයේ පිහිටි කඳවුරකට රැගෙන ගොස් වධහිංසා පමුණුවා ඝාතනය කර පුළුස්සා දමා ඇති බව එහිදී අනාවරණය විය.

අනුමැතියක් නැති රහසිගත කඳවුර

අදාළ සෙවණපිටිය කඳවුර පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් කිසිදු නිල අවසරයක් හෝ අනුමැතියක් ලබා දී නොමැති බව ජාතික බුද්ධි ප්‍රධානියා ලිඛිතව තහවුරු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ විමර්ශන උදෘත සලකා බැලූ නීතිපතිවරයා මෙම අධිචෝදනා ගොනු කිරීමට පියවර ගෙන තිබේ.

මහාධිකරණයේ ඉදිරි පියවර

පොළොන්නරුව මහාධිකරණ විනිසුරු දුලානි වීරතුංග විසින් විත්තිකරුවන්ට ඉදිරි දිනයකදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇත. නියමිත දිනට විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ නීතිඥ අනුරාධ විජේසුරේන්ද්‍ර මඟින් අදාළ අධිචෝදනා පත්‍ර භාරදීමට නියමිතය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...