BREAKING
සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●
Top Ad
පුවත්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ඉවත්වෙයි

T

The Leader Desk

August 18, 2026 • 3:34 AM

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ඉවත්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *පෞද්ගලික සහ වෘත්තීය හේතු මත හිටපු සභාපතිවරයා ධුරය අතහරී
  • පෞද්ගලික සහ වෘත්තීයමය හේතුන් මුල් කරගනිමින් තමන් මෙම තීරණයට එළඹි බව බුද්ධික හේවාවසම් විසින් සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා අමාත්‍යවරයා වෙත යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.
  •   ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආරාධනයෙන් 2024 ඔක්තෝබර් මාසයේදී තනතුර භාරගත් තමන්, ජාතික අවශ්‍යතාව සහ ආයතනික විනිවිදභාවය මුල්කර ගනිමින් කටයුතු කළ බව හෙතෙම පෙන්වා දෙයි.
  •   කෙසේවුවද බුද්ධික හේවාවසම් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ලෙස තවදුරටත් කටයුතු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


*සුරන්ජිත් වැවිට නව සභාපති පුටුවට  


ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

පෞද්ගලික සහ වෘත්තීයමය හේතුන් මුල් කරගනිමින් තමන් මෙම තීරණයට එළඹි බව බුද්ධික හේවාවසම් විසින් සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා අමාත්‍යවරයා වෙත යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.  

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආරාධනයෙන් 2024 ඔක්තෝබර් මාසයේදී තනතුර භාරගත් තමන්, ජාතික අවශ්‍යතාව සහ ආයතනික විනිවිදභාවය මුල්කර ගනිමින් කටයුතු කළ බව හෙතෙම පෙන්වා දෙයි. ගෝලීය සමාජ-දේශපාලනික අභියෝග සහ ස්වභාවික බාධක මධ්‍යයේ වුවද, පසුගිය වකවානුව තුළ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ වර්ධනයක් සටහන් කර ගැනීමටත්, ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිකර ගැනීමටත් හැකි වූ බව සිය ලිපිය මඟින් සිහිපත් කර ඇති බුද්ධික හේවාවසම්, නව නායකත්වයට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බවද දන්වා තිබේ.  

කෙසේවුවද බුද්ධික හේවාවසම් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ලෙස තවදුරටත් කටයුතු කරයි.

buddika letter
නව සභාපති සුරන්ජිත් වැවිට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති ධුරයේ කටයුතු කළ බුද්ධික හේවාවසම් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එම ධුරය සඳහා සුරන්ජිත් වැවිට (Suranjith Wevita) පත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් තීරණය කර ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග තහවුරු කරයි.  

අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, නව සභාපති ධුරයට පත් කිරීමට නියමිත වැවිට විදානලාගේ මාධව කීර්ති සුරන්ජිත් වැවිට සංචාරක ක්ෂේත්‍රය, කළමනාකරණය මෙන්ම බැංකු ක්ෂේත්‍රය තුළද දීර්ඝ කාලීන පළපුරුද්දක් සහිත වෘත්තිකයෙකි. ඔහු සංචාරක කර්මාන්ත සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයකු ලෙසද මීට පෙර සක්‍රීයව දායකත්වය ලබා දී ඇත.  

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (IBSL) සහ ඉංජිනේරු විද්‍යා පිළිබඳ අධ්‍යයන පසුබිමක් සහිත ඔහු, ජාතික හා ප්‍රාදේශීය සංචාරක මඟපෙන්වන්නන්ගේ (Tourist Guide Lecturer) බලපත්‍රලාභියෙකු ලෙසද කටයුතු කරමින් ක්ෂේත්‍රයේ බිම් මට්ටමේ ප්‍රායෝගික අත්දැකීම් බහුල නිලධාරියෙකි. ඊට අමතරව පරිසර හිතකාමී සහ ප්‍රජා මූලික සංචාරක ව්‍යාපෘති ප්‍රවර්ධනය උදෙසාද ඔහු කාලයක් මුළුල්ලේ සිය හඬ අවදි කර තිබේ.  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...