BREAKING
ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●
Top Ad
පුවත්

ධීවර සංස්ථාවේ හිටපු සභාපති මහීල්ට ඇප ලැබුණත් කොන්දේසි සපුරන්න බැරිව රිමාන්ඩ්

T

The Leader Desk

August 18, 2026 • 3:15 PM

 ධීවර සංස්ථාවේ හිටපු සභාපති මහීල්ට ඇප ලැබුණත් කොන්දේසි සපුරන්න බැරිව රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලෙවිසැල් 55ක් ඉදිකිරීමේ ප්‍රසම්පාදන අක්‍රමිකතා චෝදනා මත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
  • බෝදරගම හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ, 2010 - 2012 කාලසීමාව තුළ දිවයින පුරා ධීවර සංස්ථාවට අයත් මසුන් අලෙවිසැල් 55ක් ඉදිකිරීමේදී සහ ප්‍රතිසංස්කරණය කිරීමේදී නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කර ඇති බවයි.
  • එමෙන්ම මෙම විමර්ශනයට අදාළව ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් දෙදෙනා සහ තවත් සාක්ෂිකරුවන් දස දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ඇති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද පැමිණිල්ල ඉල්ලා සිටියේය.
  • මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේ ප්‍රධාන සාක්ෂිකරුවන්ගෙන් මෙතෙක් ප්‍රකාශ සටහන් කරගැනීමට පෙර සැකකරු හදිසියේ අත්අඩංගුවට ගැනීමට හේතුව කුමක්ද යන්නයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප සහ විදෙස් ගමන් තහනමක්; වැඩිදුර වාර්තාව නොවැම්බර් 6 වැනිදාට

ලංකා ධීවර නීතිගත සංස්ථාවේ හිටපු සභාපති නම්බුකාර හැලඹගේ මහීල් ප්‍රියදර්ශී සේනාරත්න ට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප නියම කළ ද, අදාළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ගේ සහෝදරයෙකු වන මහීල් සේනාරත්නව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (18) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.

අල්ලස් කොමිසමේ චෝදනාව සහ අධිකරණයේ ප්‍රශ්න කිරීම

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ, 2010 - 2012 කාලසීමාව තුළ දිවයින පුරා ධීවර සංස්ථාවට අයත් මසුන් අලෙවිසැල් 55ක් ඉදිකිරීමේදී සහ ප්‍රතිසංස්කරණය කිරීමේදී නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කර ඇති බවයි.

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සෘජුවම තෝරාගත් සමාගම් දෙකක් වෙත එම කොන්ත්‍රාත්තු ලබාදීම සහ අදාළ ගෙවීම් කඩිනමින් සිදුකරන ලෙස සංස්ථා නිලධාරීන්ට බලපෑම් එල්ල කිරීම මඟින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකර 'දූෂණය' නැමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව කොමිසම අධිකරණයට දැන්වීය.

එමෙන්ම මෙම විමර්ශනයට අදාළව ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් දෙදෙනා සහ තවත් සාක්ෂිකරුවන් දස දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ඇති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද පැමිණිල්ල ඉල්ලා සිටියේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේ ප්‍රධාන සාක්ෂිකරුවන්ගෙන් මෙතෙක් ප්‍රකාශ සටහන් කරගැනීමට පෙර සැකකරු හදිසියේ අත්අඩංගුවට ගැනීමට හේතුව කුමක්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසම කියා සිටියේ අදාළ කොන්ත්‍රාත්කරුවන් දෙදෙනා අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ප්‍රමාද වූ බවයි.

විත්තියේ තර්කය සහ සෞඛ්‍ය තත්ත්වය

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ පාලිත සුභසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා විමර්ශන සඳහා ආරම්භයේ සිටම පූර්ණ සහයෝගය ලබාදී ඇති බව පෙන්වා දුන්නේය.

"මගේ සේවාදායකයා 2010 වසරේ සභාපති ධුරයට පත්වන විට ධීවර සංස්ථාව සේවක අර්ථසාධක (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර (ETF) අරමුදල් පවා ගෙවාගත නොහැකි දැඩි අර්බුදයක පැවතුණේ. ඔහු එම තත්ත්වය වෙනස් කර සංස්ථාව ලාභ ලබන තත්ත්වයට ගෙන ආවා. මෙම අලෙවිසැල් ජාලය ස්ථාපිත කළේ මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු රුපියල් මිලියන 5ක ප්‍රතිපාදන සහ ලංකා බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන 100ක ණය මුදලක් උපයෝගී කරගෙනයි. සැකකරු වරදකරුද නැද්ද යන්න තීරණය විය යුත්තේ විධිමත් නඩු විභාගයකින්. එබැවින් ඇප පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව ඔහුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා," යනුවෙන් නීතිඥවරයා සඳහන් කළේය.

තවද තම සේවාදායකයා දැඩි රෝගාබාධ කිහිපයකින් පෙළෙන, එක් වකුගඩුවකින් පමණක් ජීවත් වන සහ කොඳු ඇට පෙළේ ආබාධයක් හේතුවෙන් කෙටි වේලාවක් හෝ සිටගෙන සිටීමට අපහසු තත්ත්වයක පසුවන අයෙකු බැවින් සෞඛ්‍යමය හේතූන් මත ද ඇප ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අධිකරණ නියෝගය

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, සැකකරුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රබල නීතිමය කරුණු පැමිණිල්ල පාර්ශ්වයෙන් ඉදිරිපත් වී නොමැති බව නිරීක්ෂණය කළේය.

ඒ අනුව රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කළ අධිකරණය, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටත්, සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයකින් බලපෑම් නොකිරීමටත් කොන්දේසි පැනවීය.

කෙසේ වෙතත්, අධිකරණ නියෝගයට අදාළ ඇප කොන්දේසි අද දින තුළ නිසි පරිදි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන ප්‍රගති වාර්තාව ලබන නොවැම්බර් 06 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අල්ලස් කොමිසමට නියම විය.

 

  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...