BREAKING
ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●
Top Ad
පුවත්

රහස් පොලිසිය ගෆූර් මාමාට බලෙන් ඌරු මස් කවා පාපොච්චාරණ ගත්තේයැයි උසාවියේදී හෙළිවෙයි

T

The Leader Desk

August 19, 2026 • 4:54 AM

රහස් පොලිසිය ගෆූර් මාමාට බලෙන් ඌරු මස් කවා පාපොච්චාරණ ගත්තේයැයි උසාවියේදී හෙළිවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාර නඩුවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විත්ති වාචිකය ඉදිරිපත් කරමින් රහස් පොලිස් අත්අඩංගුවේදී සිදු වූ අමානුෂික වධහිංසා පිළිබඳ දෙවන විත්තිකරුගෙන් බරපතළ හෙළිදරව්වක්.
  • දින දෙකක් ප්‍රකාශ දුන් විත්තිකරුවන් අතරින් අඩකට වැඩි පිරිසක් අධිකරණයට පවසා ඇත්තේ රහස් පොලිසිය පාපොච්චාරණවලට අත්සන් ගත්තේ වධහිංසා පැමිණවීමෙන් බවයි.
  • දෙවැනි විත්තිකරු ද ඇතුළු තවත් විත්තිකරුවන් හත් දෙනකු විසින් ඊයේ විත්ති වාචික ඉදිරිපත් කරනු ලැබුණි.
  • "මේක ඉතාම බරපතල ක්‍රියාවක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ආගමික ඇදහිලි ඉලක්ක කර ගනිමින් බලහත්කාරයෙන් පාපොච්චාරණ ලබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ICCPR පනත ද උල්ලංඝනය කිරීමක් බවට නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීම්.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ දී තමන්ට දරුණු වධහිංසා පමුණුවා රාමසාන් උපවාස සමයේ බලහත්කාරයෙන් ඌරු මස් කැවු බව එම නඩුවේ විත්තිකාර ඉස්ලාම් භක්තිකයකු අඟහරුවාදා (18) පැවති නඩු විභාගයේ විත්ති වාචකය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කොට තිබේ.

බාහිර ප්‍රවේශ සීමා කරමින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ  විභාගයට ගැනෙන එම නඩුවේ දෙවැනි විත්තිකාර මොහාමඩ් සරිදු ආදම් ලෙබ්බේ හෙවත් මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් ගෆූර් මාමා හෙවත් අබු හදීත් තව දුරටත් කියා ඇත්තේ පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටි කාලය පුරාම තමන් දැඩි ශාරීරික සහ මානසික වධහිංසාවන්ට ලක් කළ බවයි.

දින දෙකක් ප්‍රකාශ දුන් විත්තිකරුවන් අතරින් අඩකට වැඩි පිරිසක් අධිකරණයට පවසා ඇත්තේ රහස් පොලිසිය පාපොච්චාරණවලට අත්සන් ගත්තේ වධහිංසා පැමිණවීමෙන් බවයි.

දෙවැනි විත්තිකරු ද ඇතුළු තවත් විත්තිකරුවන් හත් දෙනකු විසින් ඊයේ විත්ති වාචික ඉදිරිපත් කරනු ලැබුණි.

ඒ,  7 වැනි විත්තිකාර මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් හෙවත් තායිබු හෙවත් අබු මිසාම්, 8 වැනි විත්තිකරු ලෙස නම් කොට ඇති අබ්දුල් මනාෆ් මොහොමඩ් සිරිදවුස්, 10,18,19 විත්තිකරුවන් ලෙස නම් කොට ඇති අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆී, රාසික් රාසා හුසේයින්, කවිච් මොහොමදු මොහොමදු ජෙම්සිත් සහ 12 ,  14 විත්තිකරුවන් ලෙස අධිචෝදනා ලැබ සිටින මොහොමද්  සවාහිර් මොහොමඩ් හසන් සහ රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම්  යන අයයි.
   
තමන්ට වධහිංසා පමුණුවා රාමසාන් උපවාස සමයේ  ඌරු මස් සමග බලහත්කාරයෙන් ආහාර කැවු CID යේ නිලධාරින් කවුරුන් දැයි දෙවැනි විත්තිකාර මොහොමඩ් සරිදු ලෙබ්බේ විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවසා ඇති අතර, නමුත්  ඒ සම්බන්ධයෙන් තමන් කවර නම් නෛතික ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේ දැයි විනිසුරුවරුන් කිසිවක් ප්‍රකාශ නොකළ බවත් අධිකරණ ආරංචි මාර්ගයන් මගින් අප හට දැන ගන්නට ලැබුණි.

බරපතල මානව හිමිකම් උල්ලංඝණයක්

මෙය හුදෙක් ශාරීරික වධහිංසාවෙන් ඔබ්බට ගිය, පුද්ගලයෙකුගේ ආගමික ඇදැහීමේ සහ සංස්කෘතිමය විශ්වාසයන්ට එරෙහිව රාජ්‍ය මට්ටමින් සිතාමතාම සිදු කළ අති දරුණු ක්‍රියාවක් ලෙස සැලකිය හැකි බැවින් විත්ති වාචිකය මත යමින් එයට එරෙහිව විනිසුරුවන්ට ගත හැකි නෛතික ක්‍රියාමාර්ගයන් කවරේ දැයි අප විසින් කළ විමසීමේදි මානව හිමිකම් පිළිබඳ  ප්‍රකට නීතිඥවරයෙක් කියා සිටියේ නඩු විභාගයන් අතරතුර හෙළිදරව් වන මෙවැනි හිංසන ක්‍රියා සම්බන්ධයෙන් අදාල වගකිව යුතු නිලධාරින්ට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන පවතින බවයි.

"මේක ඉතාම බරපතල ක්‍රියාවක්. යම් පුද්ගලයෙකුගේ ආගමික, සංස්කෘතිමය හෝ ඇදැහිලි විශ්වාසයන් දුර්වලතාවයක් විදිහට සලකලා එක වධහිංසාවක් විදිහට පාවිච්චි කරලා පොලිසිය, අපරාධ පරික්ෂකවරුන් පාපොච්චාරණ හරි ප්‍රකාශ හරි ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වලා අධිකරණයට කරුණු වාර්තා කරන්න කියලා නියෝග කරන්න විනිසුරුවරුන්ට පුලුවන්,” යැයි එම නීතිඥවරයා ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථාව සහ ICCPR පනත

එමෙන්ම මෙවැනි හිංසන ක්‍රියාවන් ව්‍යවස්ථාපිත නීතිය යටතෙත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේත් මෙය දඩුවම් ලැබිය හැකි වරදක් බවයි එම නීතිඥවරයා විසින් පැහැදිලි කරන ලද්දේ.

" අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12( 2) වගන්තියේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ආගම, ජාතිය, කුලය වගේ වෙනස්කම් මත පිහිටලා කටයුතු කරන්න බෑ කියලා. අනෙක සිවිල් හා දේශපාලන සම්මුති පනතෙත් ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා එවැනි වෙනස් කම් හරි ආගම, ජාතිය සහ සංස්කෘතිය මත එයට පරිභව වෙන  ආකාරයට හරි කටයුතු කරන්න බෑ කියලා.”

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...