BREAKING
බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●
Top Ad
පුවත්

ආහාර අර්බුදයට විසඳුම් සෙවීමට තරුණ පරපුරට ජාතික වේදිකාවක්: ලෝක ආහාර දිනයට සමගාමීව දැවැන්ත වැඩපිළිවෙළක්

T

The Leader Desk

August 19, 2026 • 11:49 AM

ආහාර අර්බුදයට විසඳුම් සෙවීමට තරුණ පරපුරට ජාතික වේදිකාවක්: ලෝක ආහාර දිනයට සමගාමීව දැවැන්ත වැඩපිළිවෙළක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය, පෞද්ගලික සහ ජාත්‍යන්තර සංවිධාන එක්ව විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නවෝත්පාදන අභියෝගතාවක් අරඹයි
  • තරුණ පරපුර සතු හැකියාවන් මගින් ජාතික සංවර්ධනයට සහ කෘෂි ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට තිරසර විසඳුම් බිහි කළ හැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
  • ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් සඳහන් කළේ, අනාගත ආහාර පද්ධතියේ තිරසර පැවැත්ම තීරණය වන්නේ නව තාක්ෂණය සහ තරුණ නවෝත්පාදන මත බවයි.
  • පර්යේෂණාගාර හෝ පන්ති කාමරවලට සීමා වූ අදහස් ගොවියා, ධීවරයා සහ පාරිභෝගිකයා වෙත සෘජුව ළඟා කරවීම මෙහි අරමුණ බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


අස්වනු හානිය, දේශගුණික බලපෑම් සහ වෙළඳපොළ ගැටලුවලට තාක්ෂණික විසඳුම් කෙරෙහි අවධානය



ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන පද්ධතිය මුහුණ දී ඇති ප්‍රමුඛ පෙළේ අභියෝග ජය ගැනීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ නව නිපැයුම් සහ ව්‍යවසායකත්ව හැකියාවන් සෘජුව දායක කරගැනීමේ අරමුණින් "ලෝක ආහාර දින යෞවන නවෝත්පාදන අභියෝගතාව" (Youth Innovation Challenge) නිල වශයෙන් ආරම්භ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ හැටන් නැෂනල් බැංකුව (HNB) එක්ව ක්‍රියාත්මක කරන මෙම ජාතික වැඩසටහන එළඹෙන ඔක්තෝබර් 16 වැනිදාට යෙදෙන ලෝක ආහාර දිනය නිමිත්තෙන් සංවිධානය කෙරේ. මෙවර එහි තේමාව වන්නේ "අද නවෝත්පාදනය කරමු - හෙට දවස පෝෂණය කරමු" (Innovate Today – Nourish Tomorrow) යන්නයි.

 

IMAGE 1
කෘෂි සහ ආහාර ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අභියෝග


දැනට මෙරට කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රධාන බාධක ලෙස හඳුනාගෙන ඇති අස්වැන්න නෙළීමෙන් පසු සිදුවන නාස්තිය (Post-harvest losses), දේශගුණික විපර්යාස, ජල කළමනාකරණ ගැටලු, පළිබෝධ හා රෝග ව්‍යාප්තිය, ධීවර ආම්පන්න හානි සහ වෙළඳපොළ සම්බන්ධතා දුර්වලතා වැනි ගැටලුවලට ප්‍රායෝගික තාක්ෂණික විසඳුම් සංවර්ධනය කිරීම මෙම තරගාවලියේ මූලික ඉලක්කය වේ.

රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාල මෙන්ම උසස් අධ්‍යාපන ආයතනවල විවිධ විෂය ධාරා හදාරන ශිෂ්‍ය කණ්ඩායම්වලට විද්‍යා, ඉංජිනේරු, ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යාපාරික දැනුම උපයෝගී කරගනිමින් මේ සඳහා යෝජනා ඉදිරිපත් කළ හැකිය.

අධ්‍යාපනය ප්‍රායෝගික භාවිතයට ගෙන ඒමේ අවස්ථාවක්

වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ, විශ්වවිද්‍යාල තුළ සිටින තරුණ පරපුරේ නිර්මාණශීලී හැකියාව රටේ ප්‍රමුඛ ගැටලු විසඳීම සඳහා ඵලදායීව මෙහෙයවීමට මෙමගින් පසුබිම සැකසෙන බවයි.

"මෙම තරගාවලිය හරහා විවිධ විෂයයන් හදාරන සිසුන්ට තමන් ලබන අධ්‍යාපනය ප්‍රායෝගික ගැටලු නිරාකරණයට යොදා ගැනීමට අවස්ථාව ලැබෙනවා. එසේම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නව නිපැයුම් සහ ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැගීමට ද මෙය ශක්තියක් වනු ඇත."
- ආචාර්ය හරිනි අමරසූරිය, අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය

ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා තරුණ ව්‍යවසායකත්වය දිරිගැන්වීමේ වැදගත්කම හැටන් නැෂනල් බැංකුවේ (HNB) කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලේවත්ත පෙන්වා දුන්නේය. තරුණ පරපුර සතු හැකියාවන් මගින් ජාතික සංවර්ධනයට සහ කෘෂි ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට තිරසර විසඳුම් බිහි කළ හැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් සඳහන් කළේ, අනාගත ආහාර පද්ධතියේ තිරසර පැවැත්ම තීරණය වන්නේ නව තාක්ෂණය සහ තරුණ නවෝත්පාදන මත බවයි. පර්යේෂණාගාර හෝ පන්ති කාමරවලට සීමා වූ අදහස් ගොවියා, ධීවරයා සහ පාරිභෝගිකයා වෙත සෘජුව ළඟා කරවීම මෙහි අරමුණ බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

 

IMAGE 2
තරගාවලියේ ක්‍රියාදාමය සහ අවස්ථා

දිවයින පුරා සිසුන්ගෙන් සංකල්ප පත්‍රිකා කැඳවීමෙන් අනතුරුව, මූලික තේරීම් මට්ටමේදී කණ්ඩායම් 25ක් මාර්ගගත (Online) ඉදිරිපත් කිරීම් සඳහා තෝරා ගැනේ. ඉන් අනතුරුව ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් 10ක් තෝරාගෙන, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාකාරී මූලික ආකෘති (Prototypes) නිර්මාණය කෙරේ.

අවසාන වටයට තේරෙන හොඳම කණ්ඩායම් 5ට ජාතික ලෝක ආහාර දින සැමරුම් උත්සවයේදී විනිශ්චය මණ්ඩල සහ අනාගත ආයෝජකයන් හමුවේ තම නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන අතර, ප්‍රමුඛ කණ්ඩායම් 3 සඳහා මූල්‍ය ත්‍යාග පිරිනැමේ.

මෙම ජාතික වැඩසටහන සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, ධීවර, ජලජ සහ සමුද්‍ර සම්පත් අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙන්ම විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය ද සහාය දක්වයි. ඊට අමතරව TRACE Expert City, IEEE ශ්‍රී ලංකා ශාඛාව, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC), ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය (SLAF), ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය (IFSTSL), ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA) තාක්ෂණික දායකත්වය ලබා දෙන අතර, Square Hub ආයතනය මෙහෙයුම් සහකරුවා ලෙස කටයුතු කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...