BREAKING
'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●
Top Ad
පුවත්

ඩොලර් ලක්ෂ දෙකහමාරක හැමර් ගනුදෙනුව හබක්: කඩුවෙල වාහන සමාගමට අධිකරණ වාරණයක්

T

The Leader Desk

August 20, 2026 • 7:26 AM

ඩොලර් ලක්ෂ දෙකහමාරක හැමර් ගනුදෙනුව හබක්: කඩුවෙල වාහන සමාගමට අධිකරණ වාරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය සමාගමක පැමිණිල්ලකට අනුව කොළඹ වාණිජ මහාධිකරණයෙන් නියෝගයක්
  • අදාළ වාහන පරිවර්තනයෙන් අනතුරුව නැවත ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට දෙපාර්ශ්වය අතර ගිවිසුම්ගතව තිබුණද, විත්තිකාර සමාගම එම කොන්දේසි නිසි පරිදි ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව නීතිඥවරයා පැවසීය.
  • මෙම ගනුදෙනුව පිළිබඳව අවස්ථා ගණනාවකදී විමසීම් කළද විත්තිකාර පාර්ශ්වය ඊට නිසි ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිට ඇති අතර, ගිවිසුම උල්ලංඝනය කරමින් කඩුවෙල කර්මාන්තශාලාව හදිසියේ වසා දැමීමේ සූදානමක් පවතින බවද අධිකරණයට දැනුම් දෙන ලදී.
  • ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ සමාගම වසා දැමීම, කොටස් පැවරීම හෝ එහි දේපළ අන්සතු කිරීම වළක්වමින් වාරණ නියෝගයක් සහ අතුරු තහනම් දැන්වීම් නොතීසි නිකුත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


විදේශීය අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද ක්‍රියාත්මකයි



රියදුරු අසුන වමේ සිට දකුණට මාරු කිරීම (Left-Hand to Right-Hand Drive Conversion) සහ සුඛෝපභෝගී වාහන නවීකරණය සිදුකරන කඩුවෙල පිහිටි විදේශීය සමාගමක කර්මාන්තශාලාවක් වසා දැමීම හෝ එහි වත්කම් අන්සතු කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ (19) අතුරු වාරණ නියෝගයක් නිකුත් කළේය.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග විසින් මෙම නියෝගය ලබාදුන්නේ ඉන්දියාවේ සුප්‍රකට සුඛෝපභෝගී වාහන උපාංග නිෂ්පාදන සමාගමක් වන 'ගවුප් ඔටෝමෝටිව් ටෙක්නොලොජීස්' (Gaup Automotive Technologies Private Limited) විසින් ගොනු කරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවය. මෙම නියෝගය බලපැවැත්වෙන්නේ විදේශීය අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් මෙහෙයවනු ලබන කඩුවෙල 'ඔටෝ ගෲප්' (Autogroup) පුද්ගලික සමාගමට එරෙහිවයි.

ඩොලර් 250,000ක ගිවිසුම සහ බිඳවැටුණු එකඟතාව

පැමිණිලිකාර ඉන්දීය සමාගම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත අති නවීන 'හැමර් ඊවී' (Hummer EV) වර්ගයේ විදුලි මෝටර් රථ දෙකක් ආනයනය කර, ඒවායේ වම්පස ධාවන පද්ධතිය දකුණුපස ධාවන පද්ධතිය බවට පරිවර්තනය කරදීම සඳහා විත්තිකාර සමාගම ඇමෙරිකානු ඩොලර් 250,000ක (රුපියල් කෝටි අටකට ආසන්න) මුදලක් ලබාගෙන ඇති බවයි.

අදාළ වාහන පරිවර්තනයෙන් අනතුරුව නැවත ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට දෙපාර්ශ්වය අතර ගිවිසුම්ගතව තිබුණද, විත්තිකාර සමාගම එම කොන්දේසි නිසි පරිදි ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව නීතිඥවරයා පැවසීය. මෙම ගනුදෙනුව පිළිබඳව අවස්ථා ගණනාවකදී විමසීම් කළද විත්තිකාර පාර්ශ්වය ඊට නිසි ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිට ඇති අතර, ගිවිසුම උල්ලංඝනය කරමින් කඩුවෙල කර්මාන්තශාලාව හදිසියේ වසා දැමීමේ සූදානමක් පවතින බවද අධිකරණයට දැනුම් දෙන ලදී.

විදෙස් ගමන් තහනම සහ අධිකරණ නියෝගය

විත්තිකාර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විදේශිකයන්ගෙන් සමන්විත වීම හේතුවෙන්, ඔවුන් රටින් පිටවීම වැළැක්වීම සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් මේ වන විටත් විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති බවද පැමිණිලි පාර්ශ්වය අධිකරණය හමුවේ අනාවරණය කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ සමාගම වසා දැමීම, කොටස් පැවරීම හෝ එහි දේපළ අන්සතු කිරීම වළක්වමින් වාරණ නියෝගයක් සහ අතුරු තහනම් දැන්වීම් නොතීසි නිකුත් කළේය. මෙම නඩුවට අදාළව ලබන සැප්තැම්බර් 03 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස විත්තිකාර සමාගමේ පාර්ශ්වකරුවන්ට නියෝග කෙරිණි.

පැමිණිලිකාර ඉන්දීය සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක සමඟ නීතිඥ සංජය මාරඹේ සහ නීතිඥ චමත් සූරසේන ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...