BREAKING
'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●
Top Ad
පුවත්

මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමේ සූදානමක්: බිරිඳගෙන් ජනපතිට හදිසි ලිපියක්

T

The Leader Desk

August 21, 2026 • 4:16 AM

මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමේ සූදානමක්: බිරිඳගෙන් ජනපතිට හදිසි ලිපියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *හෘද සැත්කමකින් පසු සලේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ බවට අනාවරණයක්
  • බිරිඳගෙන් ජනාධිපතිවරයා වෙත ලිඛිත ආයාචනයක් මේ අතර, සුරේෂ් සලේගේ බිරිඳ වන එස්.බී.එම්.එස්.සලේ බන්දුසේන විසින් ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඊයේ (අගෝස්තු 20) දින විශේෂ ලිඛිත අභියාචනයක් යොමු කර ඇත.
  • එම ලිපිය මඟින් ඇය පෙන්වා දෙන්නේ තම සැමියාගේ රැඳවුම් කාලය තවදුරටත් දීර්ඝ නොකර, අධිකරණ අධීක්ෂණය සහිත රක්ෂිත බන්ධනාගාර භාරයට (Remand Custody) පත් කරන ලෙසයි.
  • රඳවා ගැනීමේ කාලය තුළ සිදුකළ උපවාසයකින් පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගිය අතර, ඉකුත් ජුනි 07 වැනිදා කොළඹ ජාතික රෝහලටත්, අනතුරුව ජුනි 27 වැනිදා ජාතික රෝහලේ හෘද රෝග ඒකකයටත් මාරු කර යවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


*රැඳවුම් නියෝග වෙනුවට අධිකරණ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලීමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය (Detention Order) තවත් දින 90ක කාලයකට දීර්ඝ කිරීමට බලධාරීන් සූදානම් වන බව වාර්තා වේ.

කෙසේ වෙතත්, තම සේවාදායකයාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට නොගෙන, පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් යළිත් රැඳවුම් නියෝග දීර්ඝ කිරීමට පියවර ගතහොත් එය විමර්ශකයන්ගේ අභිප්‍රායන් පිළිබඳ නීතිමය ගැටලු මතු කරන්නක් බව ඔහුගේ නීතිඥවරු පෙන්වා දෙති. විශේෂයෙන්ම, වත්මන් රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නව රාජ්‍ය ආරක්ෂණ නීති සම්පාදනය කිරීමට පියවර ගනිමින් සිටින පසුබිමක මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ඔවුහු සඳහන් කරති.

බිරිඳගෙන් ජනාධිපතිවරයා වෙත ලිඛිත ආයාචනයක්

මේ අතර, සුරේෂ් සලේගේ බිරිඳ වන එස්.බී.එම්.එස්.සලේ බන්දුසේන විසින් ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඊයේ (අගෝස්තු 20) දින විශේෂ ලිඛිත අභියාචනයක් යොමු කර ඇත.

එම ලිපිය මඟින් ඇය පෙන්වා දෙන්නේ තම සැමියාගේ රැඳවුම් කාලය තවදුරටත් දීර්ඝ නොකර, අධිකරණ අධීක්ෂණය සහිත රක්ෂිත බන්ධනාගාර භාරයට (Remand Custody) පත් කරන ලෙසයි.

රඳවා ගැනීමේ කාලය තුළ සිදුකළ උපවාසයකින් පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගිය අතර, ඉකුත් ජුනි 07 වැනිදා කොළඹ ජාතික රෝහලටත්, අනතුරුව ජුනි 27 වැනිදා ජාතික රෝහලේ හෘද රෝග ඒකකයටත් මාරු කර යවා තිබේ. එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව, ජීවිත අවදානම කළමනාකරණය කිරීම සඳහා ඔහුගේ හදවතට 'Implantable Cardioverter-Defibrillator' (ICD) උපකරණයක් බද්ධ කිරීමේ සංකීර්ණ ශල්‍යකර්මයකට ද ලක්කර ඇති බව එම ලිපියේ සඳහන් වේ.

ජීවිත ආරක්ෂාව සහ විමර්ශනවලට සහයෝගය දැක්වීම

හෘද සැත්කමකින් පසු පසුවන රෝගියෙකු යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනීමෙන් ඔහුගේ ජීවිතයට සෘජු හා බරපතළ අවදානමක් මතුවිය හැකි බව පෙන්වා දෙන සුරේෂ් සලේ ගේ බිරිඳ , මෙය හුදෙක් රැඳවුම් කොන්දේසි පිළිබඳ ප්‍රශ්නයක් නොව ජීවත්වීමේ අයිතිය හා බැඳුණු මානුෂීය කාරණයක් බව අවධාරණය කරයි.

තවද, නීත්‍යනුකූලව සිදුකරන කිසිදු විමර්ශනයකට බාධා කිරීමේ හෝ එය ප්‍රමාද කිරීමේ කිසිදු අදහසක් තම පවුලේ පාර්ශ්වයට නොමැති බවත්, අධිකරණමය අධීක්ෂණය යටතේ පවතින ඕනෑම නීතිමය පරීක්ෂණයකට පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවත් ඇය ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.

රාජ්‍ය භාරයේ පසුවන සැකකරුවෙකුගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සහ නීතියේ නිසි ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීම යන සමබරතාව සුරැකෙන පරිදි මෙම තීරණය ගන්නා ලෙස ඇය ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

manori letter

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...