BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

මරණ දඬුවම සහ ජීවිතාන්ත සිරකරුවන්ට පොදු සමාව දීමේ නිර්දේශ කැබිනට්ටුවට

T

The Leader Desk

August 21, 2026 • 12:09 PM

මරණ දඬුවම සහ ජීවිතාන්ත සිරකරුවන්ට පොදු සමාව දීමේ නිර්දේශ කැබිනට්ටුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා කමිටු වාර්තාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට
  • එම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන නිර්දේශ අතර; | මරණ දඬුවම නියම වී සිටින රැඳවියන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා ලිහිල් කිරීම.
  • | ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින රැඳවියන්ගේ සිරකාලය වසර 20 දක්වා සීමා කිරීම.
  • මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ දීර්ඝ කාලයක සිට පවතින අධික තදබදයට සහ මානුෂීය ගැටලුවලට සාධනීය විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ රිමාන්ඩ්, මැගසින් සහ වැලිකඩ කේන්ද්‍ර කරගනිමින් හදිසි ප්‍රතිචාර හා සුභසාධන ඒකකයක්


දීර්ඝ කාලයක් තිස්සේ මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා වන විධිමත් නිර්දේශ ඇතුළත් විශේෂ කමිටු වාර්තාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වැලිකඩ, නව මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල පවතින තත්ත්වය නිරීක්ෂණය කරමින් එහි රඳවා සිටින සිරකරුවන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට එක්වූ අවස්ථාවේදීය.

තුරෙයිරාජා කමිටු වාර්තාවේ ප්‍රධාන නිර්දේශ

pri 1
මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ රැඳවියන්ට පොදු සමාව ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ අරමුණින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා ගේ ප්‍රධානත්වයෙන් පත්කළ විශේෂ කමිටුව මාස 10ක පුළුල් අධ්‍යයනයකින් අනතුරුව සිය වාර්තාව අධිකරණ අමාත්‍යාංශය වෙත භාරදී තිබේ.

එම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන නිර්දේශ අතර;

| මරණ දඬුවම නියම වී සිටින රැඳවියන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා ලිහිල් කිරීම.


| ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින රැඳවියන්ගේ සිරකාලය වසර 20 දක්වා සීමා කිරීම.

| දීර්ඝ කාලීන රැඳවියන්ට සමාජගත වීමට පෙර 'නිවාස නිවාඩු' (Home Leave) ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.

| ජනාධිපති සමාව ලබාදීම සඳහා විනිවිදභාවයකින් යුතු ස්ථාවර නිර්ණායක පද්ධතියක් හඳුන්වාදීම.


මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ දීර්ඝ කාලයක සිට පවතින අධික තදබදයට සහ මානුෂීය ගැටලුවලට සාධනීය විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බන්ධනාගාර ආරක්ෂාව සහ කළමනාකරණයට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

මේ අතර, බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයක් හෝ අර්බුදයක් මතු වුවහොත් ක්ෂණිකව ක්‍රියාත්මක වීම සහ රැඳවියන්ගේ සුභසාධනය විධිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක සහභාගීත්වයෙන් යුත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවීමට ද පියවර ගෙන තිබේ.

කොළඹ රිමාන්ඩ්, නව මැගසින් සහ වැලිකඩ යන බන්ධනාගාර තුන කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරෙන මෙම වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේදී පැවැත්විණි.

හදිසි අවස්ථාවකදී ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සහ සාමාන්‍ය පරිපාලන කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ගිනි නිවන ඒකක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර අන්තර් ආයතනික සම්බන්ධීකරණයක් මෙමඟින් ස්ථාපිත කෙරේ.

එම සාකච්ඡාව සඳහා වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර, 14 වන පාබල බලසේනාවේ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජනරාල් අසිත පුෂ්පකුමාර, කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ආරක්ෂක අංශ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයට විසඳුම්

අධිකරණ අමාත්‍යවරයා බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාව අතරතුර කාන්තා හා පිරිමි රැඳවියන් හමුවී ඔවුන්ගේ සෘජු ගැටලු පිළිබඳවද අවධානය යොමු කළේය. එහිදී රජයේ රස පරීක්ෂක වාර්තා ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවීමට සිදුවීම පිළිබඳව රැඳවියන් විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රස පරීක්ෂක වාර්තා කඩිනමින් අධිකරණ වෙත ලබාදීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ පරිපාලනමය ක්‍රියාමාර්ග දැනටමත් සකස් කරමින් පවතින බවයි.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...