BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

එක්ස්ප්‍රස් පර්ල් වන්දියට මොකද වුණේ? විපක්ෂ නායකගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න වැලක්

T

The Leader Desk

August 22, 2026 • 4:04 AM

එක්ස්ප්‍රස් පර්ල් වන්දියට මොකද වුණේ? විපක්ෂ නායකගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න වැලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නියම කළ වන්දි මුදල්වලින් මෙතෙක් ලැබී ඇති සැබෑ ප්‍රමාණය සහ බැර වූ ගිණුම් විස්තර විමසයි.
  • "වාර්තා වන ආකාරයට මෙතෙක් ලැබී ඇත්තේ රුපියල් මිලියන 300ක් වැනි සුළු මුදලක් පමණක් බවට තොරතුරු පළ වෙනවා.
  • *සිංගප්පූරු නඩු කටයුත්ත, වන්දි කොමිසමේ ගැටලු සහ නිව් ඩයමන්ඩ් අනතුර සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


*සිංගප්පූරු නඩු කටයුත්ත, වන්දි කොමිසමේ ගැටලු සහ නිව් ඩයමන්ඩ් අනතුර සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු කරයි.

2021 වසරේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී විනාශයට පත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ (X-Press Pearl) නෞකා අනතුර හේතුවෙන් මෙරට සමුද්‍රීය පද්ධතියට, ධීවර ප්‍රජාවට සහ සමස්ත ආර්ථිකයට සිදු වූ බරපතළ හානිය වෙනුවෙන් අය කරගත යුතු වන්දි මුදල්වල වත්මන් තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී රජයෙන් කරුණු විමසා සිටියේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27(2) යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මඟින් අදාළ වන්දි මුදල් අය කරගැනීම සඳහා නීතිමය පදනම සකස් කර දී තිබියදීත්, එම නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ මෙතෙක් ලැබී ඇති මුදල් පිළිබඳව නිල හා විනිවිදභාවයකින් යුතු තොරතුරු ජනතාව හමුවේ නොමැති බවයි.

වන්දි වාරික සහ ලැබී ඇති සත්‍ය මුදල් ප්‍රමාණය

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රකාරව නියම කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලින් නියමිත පළමු වාරිකය රජයට ලැබී ඇත්දැයි විමසා සිටි විපක්ෂ නායකවරයා, නියමිත කාලසීමාවන් තුළ සම්පූර්ණ මුදල අය කරගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව ද සභාවේ අවධානය යොමු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ප්‍රශ්න කර සිටියේය.

"වාර්තා වන ආකාරයට මෙතෙක් ලැබී ඇත්තේ රුපියල් මිලියන 300ක් වැනි සුළු මුදලක් පමණක් බවට තොරතුරු පළ වෙනවා. එය නියමිත පළමු වාරිකයෙන් පවා ඉතා කුඩා ප්‍රතිශතයක්. එබැවින් මේ වන විට සැබැවින්ම ලැබී ඇති සම්පූර්ණ මුදල් ප්‍රමාණය, එම මුදල් ගෙවූ පාර්ශ්වය, මුදල් බැර වූ නිල ගිණුම් විස්තර සහ තවදුරටත් ලැබීමට ඇති මුදල් ප්‍රමාණය පිළිබඳ සත්‍ය දත්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි."

එමෙන්ම ලැබුණු මුදල් ධීවර ප්‍රජාවගේ සුබසාධනයට හෝ සාගර පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතුවලට වෙන් කර ඇත්ද යන්න පැහැදිලි කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

සමස්ත පාරිසරික හානිය සහ ‘නිව් ඩයමන්ඩ්’ අර්බුදය

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කරන ලද මූලික වන්දියට අමතරව, මෙරටට සිදු වූ සමස්ත ආර්ථික හා දිගුකාලීන පාරිසරික හානිය නිශ්චය කර ඒ වෙනුවෙන් අතිරේක වන්දි ලබාගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය. මීට සමගාමීව මෙරට නැගෙනහිර මුහුදු තීරයේදී අනතුරට පත් වූ ‘නිව් ඩයමන්ඩ්’ (MT New Diamond) නෞකා ව්‍යසනයෙන් සිදු වූ හානි වෙනුවෙන් වන්දි අය කරගැනීමේ වත්මන් ප්‍රගතිය ද මෙහිදී විමසීමට ලක් විය.

නඩු පැවරීම් සහ වගකිවයුත්තන්ට එරෙහි පියවර

අනතුර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ පරිදි අපරාධ විමර්ශන හා නඩු පැවරීමේ කටයුතු අවසන් කර ඇත්දැයි විමසූ විපක්ෂ නායකවරයා, නියෝගවලට අනුකූල නොවූ පාර්ශ්වයන්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර සහ ඒ සඳහා වන කාලරාමුව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය.

විශේෂයෙන්ම, සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය (SICC) හමුවේ පවරන ලද නඩුව සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවේ දැක්වුණු නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින්, විදේශීය නීති උපදේශන සඳහා මෙතෙක් වැය කර ඇති මුදල් ප්‍රමාණය සහ අදාළ ක්‍රියාවලියේ ඉදිරි තීරණ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.

වන්දි කොමිසමේ ක්‍රියාකාරීත්වය සහ ආයතනික ප්‍රතිසංස්කරණ

එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිසමේ වත්මන් ක්‍රියාකාරී තත්ත්වය සහ එහි සභාපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවල සඳහන් වන පරිපාලන, නීතිමය හා ව්‍යවස්ථාමය ගැටලු විසඳීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී කරුණු විමසන ලදී.

රාජ්‍ය ආයතන අතර පැවති සම්බන්ධීකරණ ඌනතා හා අකාර්යක්ෂමතාවන් මඟහරවා ගනිමින් අනාගතයේදී මෙවැනි සාගර ව්‍යසනයන් කළමනාකරණය කිරීම සඳහා හඳුන්වා දීමට නියමිත ආයතනික හා නීතිමය ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් විපක්ෂ නායකවරයා සිය විශේෂ ප්‍රකාශය අවසන් කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...