BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

එල්-නිනෝ අවදානම හමුවේ ජාතික ආහාර හා බලශක්ති සුරක්ෂිතතාවට විශේෂ සැලසුම්

T

The Leader Desk

August 22, 2026 • 4:18 AM

එල්-නිනෝ අවදානම හමුවේ ජාතික ආහාර හා බලශක්ති සුරක්ෂිතතාවට විශේෂ සැලසුම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ලබන වසරේ මුල් කාර්තුවේදී දැඩි වියළි කාලගුණයක් – ජනපති ප්‍රධානත්වයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවක්
  • පසුගිය යල කන්නයේදී පූර්ව සූදානමකින් යුතුව වගා කටයුතු සිදු කිරීම නිසා වගා හානි අවම කර ගැනීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
  • ලැබෙන වර්ෂාපතනය උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සැලසුම් කිරීමේ වැදගත්කම අවධාරණය කෙරුණු අතර, ඔක්තෝබර් මාසයේ ලැබෙන පළමු වර්ෂාවත් සමඟම ජලාශවල ජලය නිකුත් කරන තෙක් නොසිට බිම් සැකසීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
  • ජල කළමනාකරණය, විදුලිබලය සහ ජීවනෝපාය රැකගැනීම වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාමේ අවදානමක් පවතින බැවින්, පානීය ජල අවශ්‍යතා මෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් ජල ධාරිතාව කළමනාකරණය කිරීමට තීරණය වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


*පානීය ජලය, විදුලිබලය සහ කෘෂිකර්මාන්තය අඛණ්ඩව පවත්වා ගැනීමට පූර්ව ක්‍රියාමාර්ග

දේශගුණික විපර්යාස හමුවේ ලොව පුරා බලපෑම් එල්ල කරමින් පවතින 'එල්-නිනෝ' (El Niño) තත්ත්වයේ බලපෑම ශ්‍රී ලංකාවට ද එල්ල විය හැකි බවට කාලගුණ විද්‍යා අංශ අනාවැකි පළ කර ඇති පසුබිමක, ඊට මුහුණදීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් පිළිබඳ විශේෂ සමාලෝචනයක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්විණි.

එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අභියෝග කළමනාකරණය කිරීම සඳහා පත්කෙරුණු විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර, ජනතාවගේ පානීය ජල සැපයුම, කෘෂිකාර්මික අවශ්‍යතා, බලශක්ති සුරක්ෂිතතාව මෙන්ම ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.

ඉදිරි වියළි කාලගුණය සහ කෘෂිකාර්මික සූදානම

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී දිවයින පුරා දැඩි වියළි කාලගුණික තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතී. පසුගිය යල කන්නයේදී පූර්ව සූදානමකින් යුතුව වගා කටයුතු සිදු කිරීම නිසා වගා හානි අවම කර ගැනීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

ලැබෙන වර්ෂාපතනය උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සැලසුම් කිරීමේ වැදගත්කම අවධාරණය කෙරුණු අතර, ඔක්තෝබර් මාසයේ ලැබෙන පළමු වර්ෂාවත් සමඟම ජලාශවල ජලය නිකුත් කරන තෙක් නොසිට බිම් සැකසීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ගොවීන්ට අවශ්‍ය බිත්තර වී සහ පොහොර අඛණ්ඩව සැපයීම කෙරෙහිද අවධානය යොමු කෙරිණි.

ජල කළමනාකරණය, විදුලිබලය සහ ජීවනෝපාය රැකගැනීම


වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාමේ අවදානමක් පවතින බැවින්, පානීය ජල අවශ්‍යතා මෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් ජල ධාරිතාව කළමනාකරණය කිරීමට තීරණය වී ඇත. ජල කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය වුවහොත්, ජලාශ සම්පූර්ණයෙන්ම සිඳී යන තෙක් නොසිට අදාළ ප්‍රදේශවල ජනතාව දැනුවත් කර ක්‍රමවත් සැලැස්මක් අනුව කටයුතු කිරීමට උපදෙස් ලබාදී තිබේ. ප්‍රයෝජනයට ගත නොහැකි මට්ටමේ පවතින ජල මූලාශ්‍ර සුද්ධ පවිත්‍ර කර ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය බලතල ලබාදීම පිළිබඳවද සාකච්ඡා විය.

එසේම, ඉදිරි වියළි කාලගුණය හමුවේ ජල විදුලි උත්පාදනයට එල්ල විය හැකි බාධා සැලකිල්ලට ගනිමින්, විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ බලශක්ති සැපයුමක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අතිරික්ත විදුලි ධාරිතාව සැලසුම් සහගතව කළමනාකරණය කිරීමට බලශක්ති අංශ පියවර ගෙන ඇත.

මීට අමතරව, මිරිදිය ධීවර කර්මාන්තය, වැවිලි ක්ෂේත්‍රය සහ වනජීවී කලාපවල සතුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීම කෙරෙහිද අවධානය යොමු කෙරුණු අතර, පීඩාවට පත්විය හැකි ප්‍රජාවන්ගේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තෙක් ඔවුන්ට අවශ්‍ය සුබසාධන පහසුකම් සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධ වැඩසටහන් සකස් කෙරේ.




ගෝලීය එල්-නිනෝ තත්ත්වය සහ එහි බලපෑම

දේශගුණික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ නිවර්තන පැසිෆික් සාගරයේ ජල උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම ස්වාභාවික එල්-නිනෝ සංසිද්ධිය හටගන්නා බවයි. ගෝලීය වශයෙන් වාර්තා වන දේශගුණික විපර්යාස හමුවේ මෙවර එල්-නිනෝ තත්ත්වය වඩාත් ප්‍රබල විය හැකි බවට ජාත්‍යන්තර කාලගුණ විද්‍යා ආයතන පෙන්වා දී ඇති අතර, ඒ හේතුවෙන් ලොව කලාප රැසක දැඩි නියඟ, ගංවතුර සහ කෘෂිකාර්මික නිෂ්පාදන පහත වැටීම් වාර්තා වෙමින් පවතී.

මෙම ගෝලීය තත්ත්වයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ දේශගුණයට එල්ල කළ හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා සියලු අදාළ අමාත්‍යාංශ සහ ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

 



වැඩිදුර තොරතුරු සහ මූලාශ්‍ර:




World Meteorological Organization (WMO) - El Niño/La Niña Updates
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...