BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

මංගලගේ දුරදක්නා ප්‍රතිපත්ති අද රටට අවශ්‍ය වෙලා – පූජ්‍ය මීගොඩ සුඛිත හිමි

T

The Leader Desk

August 24, 2026 • 2:01 PM

මංගලගේ දුරදක්නා ප්‍රතිපත්ති අද රටට අවශ්‍ය වෙලා – පූජ්‍ය මීගොඩ සුඛිත හිමි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු අමාත්‍යවරයකු වූ දිවංගත මංගල සමරවීර මහතාගේ පස්වන ගුණානුස්මරණය නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාවට සමගාමීව
  • මංගල සමරවීර මහතාගේ අභාවයෙන් පසුව ඔහු සතු දැනුම, දේශපාලන දැක්ම සහ ප්‍රතිපත්ති පිළිබඳව වඩාත් ගැඹුරින් අවබෝධ කරගැනීමට හැකි වූ බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
  • මෙම පුණ්‍ය කටයුත්ත සඳහා මංගල සමරවීර මහතාගේ සහෝදරිය වන ජයන්ති සමරවීර ගුණවර්ධන මහත්මිය, ඔහුගේ ඥාතිවරියක වන චංචලා ගුණවර්ධන මහත්මිය ඇතුළු මංගල සමරවීර මහතාට ආදරය කළ මාතර ජනතාව විශාල පිරිසක් සහභාගි වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

මාතර ඓතිහාසික බෝධිරාජයා අබියසදී සුමධුර ධර්ම දේශනාවක් ඊයේ (23) රාත්‍රියේ පැවැත්විණි.

වජිරාරාම විහාරවාසී පූජ්‍ය පණ්ඩිත මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ විසින් මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබූ අතර, එහිදී උන්වහන්සේ මංගල සමරවීර මහතාගේ දේශපාලන දැක්ම සහ දුරදක්නා ප්‍රතිපත්ති පිළිබඳවද අදහස් පළ කළහ.එහිදී උන්වහන්සේ සඳහන් කළේ, මංගල සමරවීර මහතා වැනි පුද්ගලයකු අද ජීවත්ව සිටියේ නම්, ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති සහ මිල සූත්‍රය වැනි ප්‍රතිපත්ති අද රට තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති ආකාරය දැකගත හැකි බවයි.

මංගල සමරවීර මහතා දුරදක්නා නුවණින් සකස් කළ ප්‍රතිපත්ති සම්පාදනයන්හි වැදගත්කම අද වන විට වඩාත් පැහැදිලි වී ඇති බවද පූජ්‍ය මීගොඩ සුඛිත හිමියෝ පැවසූහ.තවද, මංගල සමරවීර මහතා ජීවත්ව සිටි සමයේ ඔහු සමීපව ඇසුරු කිරීමට නොහැකි වීම පිළිබඳව තමන් කනගාටු වන බවත්, ඔහුගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබූ බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මංගල සමරවීර මහතාගේ අභාවයෙන් පසුව ඔහු සතු දැනුම, දේශපාලන දැක්ම සහ ප්‍රතිපත්ති පිළිබඳව වඩාත් ගැඹුරින් අවබෝධ කරගැනීමට හැකි වූ බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

මෙම පුණ්‍ය කටයුත්ත සඳහා මංගල සමරවීර මහතාගේ සහෝදරිය වන ජයන්ති සමරවීර ගුණවර්ධන මහත්මිය, ඔහුගේ ඥාතිවරියක වන චංචලා ගුණවර්ධන මහත්මිය ඇතුළු මංගල සමරවීර මහතාට ආදරය කළ මාතර ජනතාව විශාල පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප - පංකජ
 

 000MS 5y 1

000MS 5y 2000MS 5y 3000MS 5y 4000MS 5y 5000MS 5y 6000MS 5y 7000MS 5y 8000MS 5y 10000MS 5y 11000MS 5y 12000MS 5y 14000MS 5y 15000MS 5y 16

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...