BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුව: ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නව නියෝගයක්

T

The Leader Desk

August 24, 2026 • 3:29 PM

 වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුව: ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නව නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හයවන විත්තිකරු පාස්කු ප්‍රහාර මහ නඩුවට ඉදිරිපත් කිරීම හේතුවෙන් නඩු විභාගය කල් තැබේ
  • 'වොයර් ඩයර්' පරීක්ෂණය සහ නීතිමය පසුබිම අබු හනීෂා මොහොමඩ් මුසීත් හෙවත් අබු දහිදා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත්තේ අධිචෝදනා 14ක් යටතේය.
  • ගපූර් මාමා ඇතුළු පාස්කු ප්‍රහාර මහ නඩුවේ චූදිතයන් කිහිපදෙනෙකුම මෙම වනාතවිල්ලුව අවි ගබඩා කිරීමේ නඩුවේද චූදිතයන් ලෙස නම් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පාපොච්චාරණයේ ස්වේච්ඡාභාවය තහවුරු කෙරෙන 'වොයර් ඩයර්' පරීක්ෂණය සැප්තැම්බර් මාසයට

සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායම් සමඟ එක්ව 2018 වසරේදී පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ නීතිවිරෝධී ලෙස ගිනි අවි හා පුපුරන ද්‍රව්‍ය රැස්කර තැබීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන සැප්තැම්බර් මස 18 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කළේය.

මෙම නඩුව ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ චතුරිකා වික්‍රමසේකර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබීය.

'වොයර් ඩයර්' පරීක්ෂණය සහ නීතිමය පසුබිම

අබු හනීෂා මොහොමඩ් මුසීත් හෙවත් අබු දහිදා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත්තේ අධිචෝදනා 14ක් යටතේය.

නඩුවේ හයවන විත්තිකරු වන මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාජිත් හෙවත් සාජිත් මවුලවි (අබු නජා) විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබා දී ඇති ප්‍රකාශය ස්වේච්ඡාවෙන් ලබා දුන් එකක්ද යන්න තීරණය කිරීම සඳහා පැවැත්වෙන ‘වොයර් ඩයර්’ (Voir Dire) විශේෂ මූලික පරීක්ෂණය සඳහා සාක්ෂි විමසීම එදින සිදු කිරීමට නියමිතව තිබිණි.

මහ නඩුව සහ සාක්ෂි විභාගය ගැටගැසුණු අයුරු

කෙසේ වෙතත්, විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රුෂ්මි හබීබ් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, 2019 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල දීමේ චෝදනා මත විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති පාස්කු මහ නඩුවේ විභාගයද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවැත්වෙන බවයි.

එම නඩුවේද විත්තිකරුවකු වන මෙම හයවන විත්තිකරු අද පෙරවරු 9.00ට එම අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇති බැවින්, මෙම නඩුවේ සාක්ෂි විභාගය වෙනත් දිනයකට කල් තබන ලෙස නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඬුල්ල නඩු විභාගය සැප්තැම්බර් 18 වැනිදා දක්වා කල් තැබීය.

වනාතවිල්ලුව වැටලීම සහ පුපුරන ද්‍රව්‍ය තොගය

2018 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ සිදුකළ විශේෂ වැටලීමකදී පුපුරන ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා නයිට්‍රේට්, නයිට්‍රික් අම්ලය සහ යූරියා ඇතුළු රසායනික ද්‍රව්‍ය තොගයක්, ගිනි අවියක් මෙන්ම සජීවී උණ්ඩ 12ක් ඇතුළු උපකරණ රැසක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබිණි.

ගපූර් මාමා ඇතුළු පාස්කු ප්‍රහාර මහ නඩුවේ චූදිතයන් කිහිපදෙනෙකුම මෙම වනාතවිල්ලුව අවි ගබඩා කිරීමේ නඩුවේද චූදිතයන් ලෙස නම් කර ඇත.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...