BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ද්විත්ව වැටුප් චෝදනාව: සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

T

The Leader Desk

August 25, 2026 • 5:00 PM

ද්විත්ව වැටුප් චෝදනාව: සුගීෂ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කරයි
  • රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සහ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන මෙම විමර්ශනයට අදාළව සැකකරු ඉකුත් ජුනි මස 18 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවේ.
  • හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම මෙම විමර්ශන කටයුතුවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිසිය අධිකරණයට දන්වයි

ජනාධිපති වැය ශීර්ෂය යටතේ එකම කාලසීමාවක් තුළ තනතුරු දෙකක් සඳහා වැටුප් හා දීමනා ලබාගැනීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ඉදිරිපත් කළ ඇප අයදුම්පත කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (25) ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව සැකකරු ලබන සැප්තැම්බර් මස 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ කරුණු දැක්වීම

සිද්ධියට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ 2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී, එම කාලසීමාවේදීම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයක ද කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බවයි.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සහ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන මෙම විමර්ශනයට අදාළව සැකකරු ඉකුත් ජුනි මස 18 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවේ.

හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම

මෙම විමර්ශන කටයුතුවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.

විමර්ශන කටයුතු තවදුරටත් පුළුල් ලෙස ක්‍රියාත්මක වන බැවින් සැකකරුට ඇප ලබාදීම විමර්ශනවලට බාධාවක් විය හැකි බවට පොලිසිය කළ පෙන්වාදීම් සහ දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...