BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

වත්කම් හෙළිදරව්වේ මහජන අයිතිය සීමා නොකරන්න: පැෆ්රල්, ජනපතිගෙන් ඉල්ලයි

T

The Leader Desk

August 26, 2026 • 4:19 AM

වත්කම් හෙළිදරව්වේ මහජන අයිතිය සීමා නොකරන්න: පැෆ්රල්, ජනපතිගෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *වත්කම් බැරකම් ප්‍රකාශ භාවිතය සීමා කිරීම දූෂණ විරෝධී ප්‍රයත්නයට බාධාවක් බවට පෙන්වා දෙයි
  • රාජ්‍ය කොටස් හිමිකාරිත්වය සහ සහවාසිකයන්ගේ වත්කම් දූෂණ විරෝධී පනතේ 80(ආ) වගන්තියට ගෙන ඒමට නියමිත සංශෝධන සම්බන්ධයෙන් ද පැෆ්රල් සංවිධානය සිය නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ.
  • දැනට පවතින නීතිය යටතේ රජය හෝ රජයේ සංස්ථාවක් සතුව සියයට 25ක කොටස් හිමිකාරිත්වයක් පවතින ආයතන ප්‍රධානීන්ට වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති නමුත්, නව සංශෝධනයෙන් එම සීමාව සියයට 50 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.
  • මීට අමතරව, වත්කම් ප්‍රකාශකයකු සමඟ අවම වශයෙන් මාස හයක කාලයක් ජීවත් වූ තැනැත්තකුගේ වත්කම් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීමට යෝජනා වී ඇති බව ද එම ලිපියේ දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


*පනත් කෙටුම්පතේ සාධනීය කරුණු මෙන්ම ගැටලුසහගත වගන්ති ගැනත් පුළුල් සංවාදයක් ඉල්ලයි

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට යෝජිත නව සංශෝධන මඟින් වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් මහජනතාවට සහ ජනමාධ්‍යයට ඇති තොරතුරු භාවිත කිරීමේ අයිතිය කිසිසේත්ම සීමා නොකරන ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල් සංවිධානය) ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලා සිටියි.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති විශේෂ ලිපියක් මඟින් මෙම කරුණු අවධාරණය කර තිබේ.

තොරතුරු අයිතිය සහ නීතිමය භාවිතයේ සීමාව

2023 දී සම්මත වූ දූෂණ විරෝධී පනත මඟින් රාජ්‍ය නිලධාරීන්ගේ සහ මහජන නියෝජිතයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියේ භාවිත කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දීම මෙරට විනිවිදභාවය තහවුරු කිරීමේ වැදගත් පියවරක් වූ බව පැෆ්රල් පෙන්වා දෙයි.

එහෙත් පසුගිය ජූලි 24 වැනිදා ගැසට් කර ඇති නව සංශෝධන කෙටුම්පත අනුව, පුද්ගලයකුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයක සංස්කරණය කළ පිටපතක් ලබාගන්නා අයකුට එය අදාළ නිලධාරියකුට හෝ ආයතනයකට ඉදිරිපත් කිරීම හැර වෙනත් කිසිදු පොදු කාර්යයක් සඳහා භාවිත කිරීමට නොහැකි වන පරිදි සීමා පැනවීමට යෝජනා කර ඇත.

එවැනි සීමාවක් පැනවීම හරහා නීත්‍යනුකූලව ලබාගන්නා තොරතුරු සමාජගත කිරීම හෝ ප්‍රයෝජනයට ගැනීම අපරාධමය වරදක් බවට පත්වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන එම සංවිධානය, වත්කම්වල පවතින පරස්පරතා හඳුනා ගැනීමට සහ ආදායම් මාර්ගවල නීත්‍යනුකූලභාවය විමසා බැලීමට මාධ්‍යවේදීන්ට මෙන්ම සිවිල් පුරවැසියන්ට ඇති අවස්ථාව ඇහිරී යා හැකි බව ද සඳහන් කරයි.

රාජ්‍ය කොටස් හිමිකාරිත්වය සහ සහවාසිකයන්ගේ වත්කම්

දූෂණ විරෝධී පනතේ 80(ආ) වගන්තියට ගෙන ඒමට නියමිත සංශෝධන සම්බන්ධයෙන් ද පැෆ්රල් සංවිධානය සිය නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ. දැනට පවතින නීතිය යටතේ රජය හෝ රජයේ සංස්ථාවක් සතුව සියයට 25ක කොටස් හිමිකාරිත්වයක් පවතින ආයතන ප්‍රධානීන්ට වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති නමුත්, නව සංශෝධනයෙන් එම සීමාව සියයට 50 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

මීට අමතරව, වත්කම් ප්‍රකාශකයකු සමඟ අවම වශයෙන් මාස හයක කාලයක් ජීවත් වූ තැනැත්තකුගේ වත්කම් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීමට යෝජනා වී ඇති බව ද එම ලිපියේ දැක්වේ. එවැනි ප්‍රතිපාදනයක් ඉවත් කිරීම හරහා වත්කම් වෙනත් පාර්ශ්වයන්ගේ නමින් පැවරීමේ ඉඩකඩ නිර්මාණය විය හැකි බවට එම සංවිධානය අනතුරු අඟවයි.

එසේම, කොමිෂන් සභාවේ බලතල තනි පුද්ගලයකු වටා කේන්ද්‍රගත නොවී ස්වාධීන ආයතනික ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක වීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දී තිබේ.

පුළුල් මහජන කතිකාවක අවශ්‍යතාව


නව සංශෝධන කෙටුම්පත තුළ මෙතෙක් ආවරණය නොවූ නව ක්ෂේත්‍ර ගණනාවක් ඇතුළත් කිරීම සහ පවතින නීතියේ ඇතැම් අපැහැදිලි තැන් නිරාකරණය කිරීම වැනි සාධනීය කරුණු රැසක් පවතින බව ද පැෆ්රල් සංවිධානය සිය ලිපිය මඟින් පිළිගනී.

කෙසේ වෙතත්, වත්කම් විකෘති කරමින් යම් පුද්ගලයකු අපකීර්තියට පත්කිරීම වැළැක්වීමට නීතිමය රැකවරණ පැවතීම යුක්ති සහගත වුව ද, මහජන බලතල සහ දේපළ භාවිත කරන පුද්ගලයන්ගේ වගවීම විමසා බැලීමට මහජනතාවට හා මාධ්‍යයට ඇති ප්‍රවේශය අහිමි නොවිය යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි.

ඒ අනුව, 2023 දී නීතිගත වූ ප්‍රගතිශීලී ප්‍රතිපාදන ආරක්ෂා කර ගනිමින්, යෝජිත සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර පුළුල් මහජන හා පාර්ශ්වකරුවන්ගේ සංවාදයකට යොමු කර යෝග්‍ය පරිදි යාවත්කාලීන කරන ලෙස පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...