BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

නේපාල වැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහාය: ජනපති අනුරගෙන් සහන මෙහෙයුම් සඳහා සෘජු සහයෝගයක්

T

The Leader Desk

August 26, 2026 • 4:08 PM

නේපාල වැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහාය: ජනපති අනුරගෙන් සහන මෙහෙයුම් සඳහා සෘජු සහයෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ව්‍යසනයෙන් විපතට පත් නේපාල වැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බලවත් ශෝකය
  • "නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ ඛේදනීය ජීවිත හානි පිළිබඳව මා දැඩි කම්පනයට පත්වුණා.
  • මීට මාස 10කට පෙර දරුණු සුළි කුණාටු ව්‍යසනයකට මුහුණ දුන් රටක් ලෙස, අප නේපාල ජනතාවගේ මෙම වේදනාව ගැඹුරින් බෙදාගන්නවා.
  • විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොඩ්‍රිගෝ සඳහන් කළේ, කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නේපාල ආරක්ෂක හා ආපදා අංශ සමග සමීපව කටයුතු කරමින් සිටින බවත්, පවතින තත්ත්වය පිළිබඳව පැය විසිහතර පුරා දැඩි අවධානයෙන් පසුවන බවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

හිම කඳු නායයෑමෙන් සිය ගණනක් අතුරුදන්; ලාංකිකයන් සියලු දෙනා ආරක්ෂිතයි

නේපාලයේ හිමාලයානු දේශසීමා ආශ්‍රිතව සිදුවූ දැවැන්ත හිම කඳු නායයෑම සහ ග්ලැසියර ජල ගැලීම් හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

නේපාලයේ හටගත් මෙම හදිසි ආපදා තත්ත්වය සහ සිදුවූ ජීවිත හානි පිළිබඳව දැඩි කම්පනය පළ කරමින් ජනාධිපතිවරයා සිය නිල ‘X’ ගිණුම ඔස්සේ විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.


ශ්‍රී ලංකාවේ ශෝකය සහ සහන මෙහෙයුම් සඳහා දායකත්වය

නේපාල ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සමස්ත නේපාල ජනතාව වෙත සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර ඇත්තේ, ස්වාභාවික ව්‍යසනයක වේදනාව හොඳින් හඳුනන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව මෙම දුෂ්කර මොහොතේ නේපාලය සමග නොසැලී සිටින බවයි.

"නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ ඛේදනීය ජීවිත හානි පිළිබඳව මා දැඩි කම්පනයට පත්වුණා. එහි මුදාගැනීමේ සහ සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටිනවා. මීට මාස 10කට පෙර දරුණු සුළි කුණාටු ව්‍යසනයකට මුහුණ දුන් රටක් ලෙස, අප නේපාල ජනතාවගේ මෙම වේදනාව ගැඹුරින් බෙදාගන්නවා. නේපාල ජනාධිපති කාර්යාලය, එරට අග්‍රාමාත්‍යවරයා සහ සමස්ත නේපාල ජනතාව වෙත ශ්‍රී ලංකාවේ බලවත් ශෝකය පළ කර සිටිනවා."
— අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා ජනාධිපති

xfdfgrttr
ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරුයි - විදේශ අමාත්‍යාංශය

මේ අතර, නේපාලයේ රසුවා ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපෑ මෙම ගංවතුර තත්ත්වයෙන් එරට වෙසෙන හෝ සංචාරයේ නිරත කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ හානියක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොඩ්‍රිගෝ සඳහන් කළේ, කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නේපාල ආරක්ෂක හා ආපදා අංශ සමග සමීපව කටයුතු කරමින් සිටින බවත්, පවතින තත්ත්වය පිළිබඳව පැය විසිහතර පුරා දැඩි අවධානයෙන් පසුවන බවත්ය.

ග්ලැසියර විලක් පිටාර ගැලීමෙන් හටගත් ආපදාව

dvdffdsf

නේපාල කාලගුණ සහ ජලවිද්‍යා අංශ වාර්තා කරන ආකාරයට, මෙම ආපදාව සාමාන්‍ය වර්ෂාපතනයක් ඉක්මවා ගිය ග්ලැසියර විලක් එකවර බිඳී යාම (Glacial Lake Outburst Flood - GLOF) හේතුවෙන් හටගෙන ඇත. ටිබෙට් දේශසීමාවේ පිහිටි හිම කඳු නායයෑමෙන් ගල් සහ අයිස් තට්ටු එක්රැස් වී භෝටේ කෝෂි ගංගාවේ ඉහළ අතු ගංගාවක් අවහිර වීමෙන් පසු, එම ජල කඳ පෙරවරු 8:30 ට පමණ ක්ෂණිකව පහළට කඩා වැදී තිබේ.

මෙම සැඩ ජල පහරට හසුවීමෙන් රසුවා දිස්ත්‍රික්කයේ තිමුරේ සහ සියබෲබෙසි නගරවල පිහිටි පාලම්, නිවාස, රේගු ගොඩනැගිලි මෙන්ම ප්‍රධාන ප්‍රවාහන මාර්ග රැසක් ජලයෙන් යටවී දැඩි හානි සිදුව ඇත.

සංචාරකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් සෙවීමේ මෙහෙයුම්

නේපාල සංචාරක මණ්ඩලයේ (NTB) දත්තවලට අනුව, ආපදාවට ලක්වන අවස්ථාවේ කලාපයේ රැඳී සිටි විදේශීය සංචාරකයින් 291 දෙනෙකු සහ මඟපෙන්වන්නන් 93 දෙනෙකු ඇතුළුව 384 දෙනෙකු පිළිබඳ තොරතුරු සොයා විශේෂ මෙහෙයුම් දියත් කර තිබේ. මොවුන් අතර ඉන්දියාව, බ්‍රිතාන්‍යය, අමෙරිකාව සහ මැලේසියාව ඇතුළු රටවල් රැසක සංචාරකයින් සිටින බව වාර්තා වේ.

තිමුරේ රේගු මුරපොළේ සේවයේ නියුතුව සිටි නිලධාරීන් 14 දෙනෙකු පිළිබඳ මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැත.

ආපදා ස්ථානවල සිටි පොලිස්, සන්නද්ධ පොලිස් සහ යුද හමුදා සාමාජිකයන් පිරිසක් ද ජල පහරට හසුව අතුරුදන්ව ඇති බව නේපාල ආරංචි මාර්ග තහවුරු කරයි.


ත්‍රිශූලි ගං ඉවුරෙන් මේ වන විට පුද්ගල මළසිරුරු කිහිපයක් හමුවී ඇති අතර, බේරාගත් පිරිස් කත්මණ්ඩු නුවර රෝහල් වෙත ගුවනින් රැගෙන ඒම සිදු කෙරේ.

ගුවන් මෙහෙයුම් සහ බලශක්ති පද්ධතියට එල්ල වූ බාධා
අයහපත් කාලගුණය සහ ඝන මීදුම මධ්‍යයේ වුවද නේපාල යුද හමුදාව සහ පෞද්ගලික අංශය එක්ව හෙලිකොප්ටර් යානා 14ක් යොදවා මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරමින් පවතී.

ගංවතුර හේතුවෙන් ත්‍රිශූලි සහ දේවිඝාට් ජලවිදුලි බලාගාරවලට හා මෙගාවොට් 25ක සූර්ය බලශක්ති පද්ධතියකට දැඩි අලාභහානි සිදුව ඇති අතර, පහළ නිම්න ප්‍රදේශවල වෙසෙන ජනතාවට වහාම ආරක්ෂිත උස් ස්ථාන කරා යන ලෙස නේපාල රජය හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.


වැඩිදුර තොරතුරු සහ වාර්තා සබැඳි:

President Anura Kumara Dissanayake Official X Statement
 
 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...