BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

නිකිණි පොහෝදා දළදා සමිඳුන් වැඳ පුදාගත් ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

T

The Leader Desk

August 27, 2026 • 5:02 PM

නිකිණි පොහෝදා දළදා සමිඳුන් වැඳ පුදාගත් ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට පැමිණි ජනතාවගේ ද සුවදුක් විමසයි
  • පසුව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.
  • පසුගිය අගෝස්තු 18 වැනිදා කුඹල් පෙරහරින් ආරම්භ වූ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය, අගෝස්තු 23 සිට 26 දක්වා රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව අද (27) රාත්‍රියේ අවසන් රන්දෝලි පෙරහරින් උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශාසනික හා සංස්කෘතික උත්සවශ්‍රීයෙන් මහනුවර පුරවරය ඒකාලෝක වෙයි

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කෙරෙන නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) පස්වරුවේ මහනුවර ඓතිහාසික සිද්ධස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

පළමුව ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව, වාර්ෂික ඇසළ පෙරහර නැරඹීම වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් දළදා මාළිගා පරිශ්‍රයට සහ මහනුවර නගරයට පැමිණ සිටි විශාල බැතිමතුන් පිරිස අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් තොරතුරු විමසා බැලීය.

උභය මහා විහාරීය මහ නාහිමිවරුන්ගෙන් ආශිර්වාද

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක, මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන් වෙත ගොස් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සහ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැදැකීමට පියවර ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා, මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසමින් ආශිර්වාද ලබා ගත්තේය. පසුව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, රටේ වත්මන් තත්ත්වය සහ ආගමික කටයුතු පිළිබඳවද එහිදී සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

නිකිණි පොහොය සහ ඇසළ පෙරහර මංගල්‍යයේ සමාප්තිය

බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමියන් රහත් භාවය ලැබීම, සේරුවිල මංගල මහා සෑයේ ලලාට ධාතු නිදන් කිරීම මෙන්ම පසුවස් සමාදන් වීම ආදී ශාසනික වැදගත්කම් රැසකින් පරිපූර්ණ වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේදීම මෙවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර පැවැත්වීම විශේෂත්වයකි.

පසුගිය අගෝස්තු 18 වැනිදා කුඹල් පෙරහරින් ආරම්භ වූ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය, අගෝස්තු 23 සිට 26 දක්වා රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව අද (27) රාත්‍රියේ අවසන් රන්දෝලි පෙරහරින් උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්වේ. හෙට (28) අලුයම ගැටඹේ තොටේදී ඓතිහාසික දිය කැපීමේ මංගල්‍යය චාරිත්‍රානුකූලව සිදු කිරීමෙන් අනතුරුව දහවල් පෙරහර වීථි සංචාරය කර පෙරහර මංගල්‍යයේ නිල සමාප්තිය සනිටුහන් කෙරෙන සංදේශය ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.

 xfhgcdfr

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...