BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ගංවතුරෙන් විපතට පත් නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක හදිසි සහන

T

The Leader Desk

August 28, 2026 • 3:35 AM

ගංවතුරෙන් විපතට පත් නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක හදිසි සහන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ජනපති අනුරගේ උපදෙසින් මානුෂීය මෙහෙයුම් වෙනුවෙන් ක්ෂණික මුදල් ප්‍රතිපාදන
  • එහිදී ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාව නේපාලය සමඟ නොසැලී සිටින බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, අඛණ්ඩ ප්‍රතිසාධන කටයුතුවලදී තවදුරටත් සහාය ලබාදිය හැකි මාර්ග සම්බන්ධයෙන් සොයා බලන බවද තහවුරු කළේය.
  • දකුණු ආසියානු සහයෝගීතාව අගයමින් UN ඇගයීමක් ශ්‍රී ලංකාවේ මෙම ක්ෂණික මානුෂීය පියවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) විශේෂ ඇගයීමට පාත්‍ර වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


*අසීරු මොහොතක පෑ මිත්‍රත්වයේ දෑත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට

නේපාලයට බලපා ඇති විනාශකාරී ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාවගේ හදිසි සහන සහ මානුෂීය මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක (USD 1 Million) මූල්‍ය ආධාරයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ.  

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ සෘජු උපදෙස් මත මෙම මුදල් ආධාරය නිදහස් කර ඇති අතර, ආපදාවෙන් ජීවිත අහිමි වූ සහ අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ මෙරට ජනතාවගේ බලවත් ශෝකය නේපාලය වෙත පළ කර ඇත.  

රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මැදිහත්වීම

දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය සිහිපත් කරමින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් නේපාල විදේශ අමාත්‍ය ෂිසිර් ඛනාල් (Shisir Khanal) සමඟ දුරකථනයෙන් ඍජු සාකච්ඡාවක නිරත වී තිබේ. එහිදී ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාව නේපාලය සමඟ නොසැලී සිටින බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, අඛණ්ඩ ප්‍රතිසාධන කටයුතුවලදී තවදුරටත් සහාය ලබාදිය හැකි මාර්ග සම්බන්ධයෙන් සොයා බලන බවද තහවුරු කළේය.

දකුණු ආසියානු සහයෝගීතාව අගයමින් UN ඇගයීමක්

ශ්‍රී ලංකාවේ මෙම ක්ෂණික මානුෂීය පියවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) විශේෂ ඇගයීමට පාත්‍ර වී ඇත. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche)  'X' පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අහිමිවීම් මෙන්ම අන්‍යයන්ගේ කරුණාව අත්විඳ ඇති රටකින් සිදු වූ මෙම ජීවිතාරක්ෂක මැදිහත්වීම "දකුණු-දකුණු සහයෝගීතාවයේ" (South-South solidarity) විශිෂ්ටතම ආදර්ශයක් බවයි.

Screenshot 2026 08 28 085816

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...