BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තා හා ළමා ඡායාරූප විකිණූ ජාවාරමක් කොටුවේ: සැකකරුවන් දෙදෙනෙක් දැලේ

T

The Leader Desk

August 28, 2026 • 4:46 PM

සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තා හා ළමා ඡායාරූප විකිණූ ජාවාරමක් කොටුවේ: සැකකරුවන් දෙදෙනෙක් දැලේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර දෙකක් තිස්සේ සාමාජිකයන් 8,000ක සමූහයක් හැසිරවූ කොළඹ තරුණයෙකුට ඇප; බෙලිඅත්තේ තවත් අයෙකු අත්අඩංගුවට.
  • මෙම ජාවාරම් සම්බන්ධයෙන් සිදුකෙරුණු මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට නීතියේ රැහැනට හසුකර ගැනීමට විමර්ශන අංශ සමත්ව ඇත.
  • එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
  • ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ශරෝමාලි ඇතුළු නිලධාරීන් අධිකරණයට වාර්තා කරමින් සඳහන් කළේ, සැකකරු පවත්වාගෙන ගිය අදාළ සමාජ මාධ්‍ය සමූහය තුළ සාමාජිකයන් 8,000කට අධික පිරිසක් සිට ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


AI තාක්ෂණයෙන් සකසන අසභ්‍ය දර්ශන ගැන විමර්ශන පුළුල්: තොරතුරු දීමට ක්ෂණික දුරකථන සහ ඊමේල් ලිපින විවෘතයි.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කාන්තාවන්ගේ සහ ළමුන්ගේ පෞද්ගලික ඡායාරූප මෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) මගින් සකස් කරන ලද අසභ්‍ය දර්ශන සංවිධානාත්මකව අලෙවි කිරීමේ සහ ප්‍රචාරය කිරීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම ජාවාරම් සම්බන්ධයෙන් සිදුකෙරුණු මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට නීතියේ රැහැනට හසුකර ගැනීමට විමර්ශන අංශ සමත්ව ඇත.

වසර දෙකක් තිස්සේ ක්‍රියාත්මක වූ ෆේස්බුක් ජාලයක් අධිකරණයට

මුහුණු පොත (Facebook) ඔස්සේ ව්‍යාජ ගිණුමක් හා සමූහයක් සකස් කර වසර දෙකක පමණ කාලයක සිට දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප මුදලට විකිණීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණයෙකු අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි හමුවට ඉදිරිපත් කෙරිණි. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ශරෝමාලි ඇතුළු නිලධාරීන් අධිකරණයට වාර්තා කරමින් සඳහන් කළේ, සැකකරු පවත්වාගෙන ගිය අදාළ සමාජ මාධ්‍ය සමූහය තුළ සාමාජිකයන් 8,000කට අධික පිරිසක් සිට ඇති බවයි.

බෙලිඅත්තෙන් තවත් සැකකරුවෙක් කොටුවෙයි

මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් ෆේස්බුක් සමූහ පවත්වාගෙන ගිය තවත් 21 හැවිරිදි තරුණයෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ ක්‍රියාවලිය සඳහා භාවිත කළ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබේ.

පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූපත් අලෙවියට: විදේශීය සම්බන්ධතා හෙළිවෙයි

කාන්තාවන් සහ ළමුන්ගේ පෞද්ගලික තොරතුරු හා ඡායාරූප විකිණීමේ මෙම ප්‍රවණතාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

සිදුකරන ලද මූලික සොයාබැලීම්වලදී අනාවරණය වී ඇත්තේ, සමහර පුද්ගලයන් ව්‍යාජ ගිණුම් උපයෝගී කරගනිමින් සිය සමීපතමයන්ගේ මෙන්ම පවුලේම සාමාජිකාවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට පවා මෙලෙස අලෙවි කිරීමට උත්සාහ කර ඇති බවයි. මීට අමතරව මෙම නීති විරෝධී සමූහ අතුරින් බහුතරයක් විදේශ රටවල සිට මෙහෙයවනු ලබන බවද හඳුනාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබේ.

පැමිණිලි හා තොරතුරු දැනුම් දීමට මාර්ග විවෘතයි

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන මෙවැනි අයථා ක්‍රියාකාරකම් හා අපරාධ වළක්වා ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරන බව ආරක්ෂක අංශ සහ අදාළ අමාත්‍යාංශය දැනුම් දෙයි.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය (Email): dir.cid@police.gov.lk
පරිගණක අපරාධ විමර්ශන දුරකථන අංකය: 011 2381058
ළමා උපකාරක සේවය (ගාස්තු රහිත): 1929
කාන්තා උපකාරක සේවය (ගාස්තු රහිත): 1938

දෙමව්පියන් සිය දරුවන්ගේ අන්තර්ජාල හා සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත්, යම් හෙයකින් එවැනි අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ දී ඇති පාර්ශ්ව වෙතොත් ඔවුන් කඩිනමින් මනෝ සමාජයීය උපදේශන සේවා වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් බලධාරීහු වැඩිදුරටත් දැනුම් දෙති.


වැඩිදුර තොරතුරු සහ නිල මූලාශ්‍ර:

ශ්‍රී ලංකා පොලිසිය - නිල වෙබ් අඩවිය: 

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT): 

ජාතික ළමාරක්ෂක අධිකාරිය (NCPA): 

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය: 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...