BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

රවී හෙට අල්ලස් කොමිසම හමුවට !

T

The Leader Desk

August 30, 2026 • 4:29 AM

රවී හෙට අල්ලස් කොමිසම හමුවට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවකයින් බාහිර ව්‍යාපෘතියකට යෙදවූ බවට චෝදනා !
  • අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීම් තුනකට අදාළව ඔහු පෙනී නොසිටි බවට වාර්තා පළවීමත් සමඟ, කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (29) රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ නිවස වෙතද ගොස් තිබිණි.
  • කෙසේවෙතත්, තම සේවාදායකයා කිසිදු ආකාරයකින් කොමිසම හමුවට පැමිණීම මඟහැර නොමැති බවත්, සිය දියණියගේ විවාහ මංගල්‍යයට අදාළ කටයුතු හේතුවෙන් නීතිඥවරුන් මාර්ගයෙන් වෙනත් දිනයක් ඉල්ලා ඇති බවත් රවී කරුණානායක ගේ කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.
  • ඒ අනුව, අදාළ කරුණු සහ නීතිමය ලියකියවිලි සහිතව මන්ත්‍රීවරයා හෙට දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමින් නිල ප්‍රකාශයක් ලබාදීමට සූදානමින් සිටින බව ඔහුගේ නීතිඥවරු වැඩිදුරටත් තහවුරු කරති.
අකුරු ප්‍රමාණය (Font Size):


කොමිසම මඟහැර නැති බවත් නීතිඥවරුන් මාර්ගයෙන් වෙනත් දිනයක් ඉල්ලා ඇති බවත් රවී කරුණානායකගේ පාර්ශවය පවසයි.


ජාතික ලොතරැයි මණ්ඩලයේ (NLB) විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බවට එල්ල වී ඇතැයි පැවසෙන චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක හෙට (31) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීම් තුනකට අදාළව ඔහු පෙනී නොසිටි බවට වාර්තා පළවීමත් සමඟ, කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (29) රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ නිවස වෙතද ගොස් තිබිණි. කෙසේවෙතත්, තම සේවාදායකයා කිසිදු ආකාරයකින් කොමිසම හමුවට පැමිණීම මඟහැර නොමැති බවත්, සිය දියණියගේ විවාහ මංගල්‍යයට අදාළ කටයුතු හේතුවෙන් නීතිඥවරුන් මාර්ගයෙන් වෙනත් දිනයක් ඉල්ලා ඇති බවත් රවී කරුණානායක ගේ කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

චෝදනාවට ලක්වූ සේවක බඳවාගැනීම සහ ව්‍යාපෘති පසුබිම

මෙම සිදුවීමට අදාළ සැබෑ පසුබිම පැහැදිලි කරමින් රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ කාර්යාල ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අදාළ සේවකයින් තිදෙනා බඳවාගෙන ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ ප්‍රජා සත්කාරක (CSR) ව්‍යාපෘති සම්බන්ධීකරණය සඳහා බවයි.

විශේෂයෙන්ම ජනාධිපති කාර්යාලය යටතේ පැවති වකුගඩු අරමුදල ශක්තිමත් කිරීම වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දුන් ‘නීරෝගා’ ලොතරැයි ව්‍යාපෘතිය මෙන්ම, ‘සිරස News1st ගම්මැද්ද’ සංකල්පය හරහා උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ දැවැන්ත සමාජ සත්කාරක වැඩසටහන් මෙහෙයවීමේ වගකීම මෙම නිලධාරීන්ට පැවරී ඇත.

පරිපාලන වාර්තා සහ නීතිමය ක්‍රියාමාර්ග

අදාළ ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක වීම හේතුවෙන් ජාතික ඇගයීම් සහ සම්මාන පවා හිමිවූ බව පෙන්වා දෙන එම පාර්ශ්වය, මෙම සම්බන්ධීකාරකවරුන්ගේ දෛනික පැමිණීමේ වාර්තා නිසි පරිදි ජාතික ලොතරැයි මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවත්, නීත්‍යානුකූල පරිපාලන රාමුවක් තුළ සිදුවූ එවැනි සමාජ මෙහෙවරක් දේශපාලන වාසි තකා මෙලෙස විකෘති කර ප්‍රචාරය කිරීම කනගාටුදායක බවත් පවසයි.

ඒ අනුව, අදාළ කරුණු සහ නීතිමය ලියකියවිලි සහිතව මන්ත්‍රීවරයා හෙට දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමින් නිල ප්‍රකාශයක් ලබාදීමට සූදානමින් සිටින බව ඔහුගේ නීතිඥවරු වැඩිදුරටත් තහවුරු කරති.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...