The Leader News
BREAKING
කුණු කූඩය හිමි යැයි සිතූ ගීත මුළු රටක් ම වැලඳ ගත් අයුරු●අව්‍යාජ ආදරය ලැබීම සඳහා ගැහැනියක ගේ අරගලය: 'ලේඩි චැටර්ලිස් ලවර්'●ආසියාවේ ආර්ථික පිම්ම මැද ශ්‍රී ලංකාවට මඟහැරෙන තරගය●ණය ශ්‍රේණිය ඉහළ යාම සැබෑ ආර්ථික දියුණුවක්ද? දිලිත් පහදයි●Diginote | ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'B-' දක්වා ඉහළට●දිට්වා කුණාටුවෙන් බිඳුණු කඳුකර ගොවිබිම යළි පණගන්වන ජාත්‍යන්තර මෙහෙයුම●යුද සමයේ සහන සේවා ප්‍රහාර ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න: UN ඉල්ලයි●ලාෆ්ස් ගෑස් අර්බුදය: පාරිභෝගිකයාටත් කොටස් වෙළෙඳපොළටත් තීරණාත්මක සතියක්●එයාර්බස් ගනුදෙනුවේ නඩුවට ප්‍රංශ මූල්‍ය විමර්ශිකාවක් ශ්‍රී ලංකාවට●සුරේෂ් සලේගේ පෙත්සම් නියෝගය ජනවාරි 28 දක්වා කල් යයි●
Top Ad
පුවත්

ගුණදාස අමරසේකරගේ ‘ගන්ධබ්බ අපදානය’ වසර තිහකට පසු යළිත් දොරට වඩී

T

The Leader Desk

September 29, 2026 • 5:38 AM

ගුණදාස අමරසේකරගේ ‘ගන්ධබ්බ අපදානය’ වසර තිහකට පසු යළිත් දොරට වඩී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෘතහස්ත ලේඛකයකු මෙන්ම සාහිත්‍ය සහ දේශපාලන විචාරකයකු වන ගුණදාස අමරසේකරයන් විසින් රචිත 'ගන්ධබ්බ අපදානය' ප්‍රබන්ධ කෘතියෙහි නවතම මුද්‍රණය අද පෙරවරු 11:00ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ප්‍රධාන පීඨිකාවේ දී නිල වශයෙන් ජනගත කෙරේ.
  • පිටු 399කින් සමන්විත මෙම කෘතියේ පිටපතක මිල රුපියල් 1,850ක් වන අතර, විසිදුනු - කියවන නුවණ කුටිවලින් (D 19-20) 20%ක විශේෂ වට්ටමක් සහිතව මිල දී ගත හැකිය.
  • මෙහිදී ඇගේ අභාවප්‍රාප්ත පියා වෙනුවට ගුණරත්න ආදේශ වන අයුරු අපූරුවට නිරූපණය වේ.
  • පාඨක ප්‍රජාවට තවත් නව මුද්‍රණ එකතුවක් ‘ගන්ධබ්බ අපදානය’ කෘතියට අමතරව ගුණදාස අමරසේකරයන්ගේ තවත් කෘති කිහිපයකම නව මුද්‍රණ මේ වන විට පාඨක අයිතියට පත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



කෘතහස්ත ලේඛකයකු මෙන්ම සාහිත්‍ය සහ දේශපාලන විචාරකයකු වන ගුණදාස අමරසේකරයන් විසින් රචිත 'ගන්ධබ්බ අපදානය' ප්‍රබන්ධ කෘතියෙහි නවතම මුද්‍රණය අද පෙරවරු 11:00ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ප්‍රධාන පීඨිකාවේ දී නිල වශයෙන් ජනගත කෙරේ.

මෙම නවකතාව හරහා කතුවරයා මතු කරන සමාජ ගැටලු මෙන්ම සාරාර්ථ පිරි දිවියක් අපේක්ෂා කරන තරුණ පරපුර මුහුණ දෙන අර්බුදයන් එදාට මෙන්ම වත්මන් සමාජ යථාර්ථයට ද එකසේ අදාළ වේ. පිටු 399කින් සමන්විත මෙම කෘතියේ පිටපතක මිල රුපියල් 1,850ක් වන අතර, විසිදුනු - කියවන නුවණ කුටිවලින් (D 19-20) 20%ක විශේෂ වට්ටමක් සහිතව මිල දී ගත හැකිය.

සංකීර්ණ මානව සබඳතා විවරණය වන ආඛ්‍යානය

නවකතාවේ කතා පුවත දිගහැරෙන්නේ ද්‍රවිඩ හෙදියක වන රීටා බැස්ටියන් සහ ඉඩම් උප කොමසාරිස්වරයකු වන ගුණරත්න අතර ගොඩනැඟෙන සුවිශේෂී ප්‍රේම සබඳතාවක් වටා ය. රීටා ආඛ්‍යානයට පිවිසීමට පෙර වක්‍ර මාවතකින් ගුණරත්න සමඟ ගනුදෙනුවකට එළඹෙන අතර, ඔවුන් දෙදෙනා මුල්වරට හමුවන්නේ බොරැල්ල කනත්තේ රෝමානු කතෝලික කොටසේ පිහිටි ඇගේ පියාගේ සොහොන අසලදී ය. ඇය එහිදී පියා සිහිකර පහන් දල්වන මොහොත, ගුණරත්න සහ රීටා අතරත්, ඔවුන් අතරින් සමුගත් පියා අතරත් ගුප්ත බැඳීමක් නිර්මාණය කරයි.

කෘතියේ අගභාගයේදී එක්තරා තැනක ‘දැන් මට කරන්න තියෙන්නේ රීටාගේ පියා මෙන් ඇයට කවරෙක් හෝ සහකරුවෙක් සොයාදීම’ යැයි ගුණරත්න කල්පනා කරයි. ‘ඩැඩී හිටියා නම් ඔයාට කැමති වෙයි’ යනුවෙන් රීටා පවසන්නේ ද ඒ අදහස තහවුරු කරමිනි. මෙහිදී ඇගේ අභාවප්‍රාප්ත පියා වෙනුවට ගුණරත්න ආදේශ වන අයුරු අපූරුවට නිරූපණය වේ.

පාඨක ප්‍රජාවට තවත් නව මුද්‍රණ එකතුවක්

‘ගන්ධබ්බ අපදානය’ කෘතියට අමතරව ගුණදාස අමරසේකරයන්ගේ තවත් කෘති කිහිපයකම නව මුද්‍රණ මේ වන විට පාඨක අයිතියට පත් කර ඇත. එම කෘති සහ මිල ගණන් පහත පරිදි වේ:

* සභ්‍යත්ව රාජ්‍යය කරා (3 වන මුද්‍රණය) – රු. 350
* ජීවන සුවඳ (14 වන මුද්‍රණය) – රු. 990
* උයනක හිඳ ලියූ කවි (4 වන මුද්‍රණය) – රු. 450
* ගමනක අග (3 වන මුද්‍රණය) – රු. 1,240


ඉහත සියලුම කෘති ද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විසිදුනු - කියවන නුවණ ප්‍රදර්ශන කුටිවලින් (D 19-20) 20%ක සුවිශේෂී වට්ටමක් සහිතව ලබාගත හැක.


(පිටපත | ජයසිරි අලවත්ත)
jayasirialawatta11@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...