BREAKING
Top Ad
පුවත්

දිලිත්ගේ රිට් පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

T

The Leader

September 30, 2026 • 12:53 AM

දිලිත්ගේ රිට් පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නිගමනයකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (30) තීන්දු කළේය.
  •   අදාළ පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව නිරීක්ෂණය කළ විනිසුරු මඩුල්ල, එය ආරම්භක අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.
  •   පෙත්සමට අදාළ පසුබිම   මෙම නඩු කටයුත්තට පාදක වී ඇත්තේ රූපවාහිනී සාකච්ඡාවකදී පළවූ අදහස් කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු වූ ක්‍රියාමාර්ගයකි.
  •   පෙත්සම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම නීතිඥවරුන් දැක්වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසු නියෝගය ප්‍රකාශයට පත් කිරීම අද දිනට නියමිතව තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව  

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇති නිගමනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබිණි.  

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, විනිසුරු චමත් මොරායස් සහ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම සලකා බැලීම සිදුවිය.  

අදාළ පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව නිරීක්ෂණය කළ විනිසුරු මඩුල්ල, එය ආරම්භක අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.  

පෙත්සමට අදාළ පසුබිම  

මෙම නඩු කටයුත්තට පාදක වී ඇත්තේ රූපවාහිනී සාකච්ඡාවකදී පළවූ අදහස් කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු වූ ක්‍රියාමාර්ගයකි.  

එම අධිකරණමය ක්‍රියාමාර්ගය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් මෙම රිට් ආඥා අයදුම්පත ඉදිරිපත් කර තිබුණි.  

පෙත්සම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම නීතිඥවරුන් දැක්වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසු නියෝගය ප්‍රකාශයට පත් කිරීම අද දිනට නියමිතව තිබිණි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...