BREAKING
Top Ad
පුවත්

ඥානසාර හිමිට යළි වරෙන්තු: මහානායක මැදිහත්වීමක් සොයයි

T

The Leader

September 30, 2026 • 5:29 AM

ඥානසාර හිමිට යළි වරෙන්තු: මහානායක මැදිහත්වීමක් සොයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණයේ පෙනී නොසිටීම නිසා කොළඹ මහාධිකරණයෙන් වරෙන්තු නිකුත් වෙද්දී, ජනාධිපති සමාවක් අපේක්ෂාවෙන් සංඝ පාර්ශ්වය මල්වතු-අස්ගිරි යයි.
  • උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් සඳහන් කළේ, තම සේවාදායකයා ශල්‍යකර්මයකට භාජනය වී විහාරස්ථානයේ විවේක සුවයෙන් පසුවන බවයි.
  • ඊයේ (29) දින අභියාචනාධිකරණය හමුවේ කැඳවූ මෝසමකට ද පෙනී නොසිටීම නිසා උන්වහන්සේට වරෙන්තු නිකුත් විය.
  • එම මෝසම ගොනුකර තිබුණේ මීට පෙර හිමිව තිබූ ජනාධිපති සමාව අහෝසි වීමත් සමඟ සිරදඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණයෙන් පැමිණි වරෙන්තු නියෝගය

ඉස්ලාම් දහමට අපහාස වන අන්දමින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනුකළ නඩුවකට අදාළව, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (30) වරෙන්තු නිකුත් කළේය.

කොළඹ අංක 09 මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිමිනම අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම පියවර ගැනිණි.

උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් සඳහන් කළේ, තම සේවාදායකයා ශල්‍යකර්මයකට භාජනය වී විහාරස්ථානයේ විවේක සුවයෙන් පසුවන බවයි.

ඊයේ (29) දින අභියාචනාධිකරණය හමුවේ කැඳවූ මෝසමකට ද පෙනී නොසිටීම නිසා උන්වහන්සේට වරෙන්තු නිකුත් විය.

එම මෝසම ගොනුකර තිබුණේ මීට පෙර හිමිව තිබූ ජනාධිපති සමාව අහෝසි වීමත් සමඟ සිරදඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනි.

මල්වතු-අස්ගිරි පාර්ශ්වයට කරුණු දැක්වීමක්

මෙම නෛතික ක්‍රියාමාර්ග මධ්‍යයේ, ඥානසාර හිමියන් වෙනුවෙන් නව ජනාධිපති සමාවක් ලබාගැනීමේ අරමුණින් පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් අද මහනුවර බලා පිටත්ව ගොස් තිබේ.

උන්වහන්සේ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැදැක පවතින නීතිමය පසුබිම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට නියමිතය.

වත්මන් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර සමාවක් ඉල්ලා සිටීම සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහයෝගය ලබාගැනීම මෙම මැදිහත්වීමේ ප්‍රධාන අරමුණ වී ඇත.

නීතිමය පසුබිම කෙටියෙන්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඥානසාර හිමියන්ට ලබා දී තිබූ ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී තීන්දු කළේය.

එම තීන්දුවත් සමඟ මීට පෙර ක්‍රියාත්මක වූ සිරදඬුවම යළි බලාත්මක කිරීමේ නීතිමය ඉඩකඩ විවර වූ අතර, නීතිපති දෙපාර්තමේන්තුව ඒ අනුව අදාළ නීතිමය පියවර ගනිමින් සිටියි.

පසුගිය දින දෙක තුළ ඉහළ අධිකරණ දෙකකින්ම අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් වූයේ එම නීතිමය ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් වශයෙනි.

වැඩිදුර කියවීම සඳහා:

ද ලීඩර් වාර්තාව: ඥානසාර හිමිට වරෙන්තු

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...