The Leader News
BREAKING
වරාය නගරයේ අනුමැති ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් ප්‍රශ්න●ලිංගික අතවර චෝදනාවට සුරංජිත් සිල්වා ඕස්ට්‍රේලියාවේදී වරදකරු වෙයි●ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපි ලක්ෂ දහයක පැටලැවිල්ලක්●චෙම්මනි සමූහ සුසානයේ පළමු විශේෂඥ වාර්තාව උසාවියට●රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●
Top Ad
පුවත්

චෙම්මනි සමූහ සුසානයේ පළමු විශේෂඥ වාර්තාව උසාවියට

Nethmini

Nethmini

October 20, 2026 • 9:06 AM

චෙම්මනි සමූහ සුසානයේ පළමු විශේෂඥ වාර්තාව උසාවියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ මෙතෙක් කණින ලද විශාලතම සමූහ මිනීවල පිළිබඳ මුල්ම විශේෂඥ වාර්තාව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට භාරදී තිබේ.
  • පුරා දින 110ක් කැනීමෙන් චෙම්මනියෙන් ගොඩගන්නා ලද මිනිස් සිරුරු 583ක් ඇතුළු පාරිහාරික වස්තු සම්බන්ධයෙන් විශ්ලේෂණය කරමින් වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ පුරාවිද්‍යාඥ අනුෂා වන්නිනායක විසින් සංගෘහිත වාර්තාව පිටු 190ක් පුරා දිවෙයි.
  • නඩුව යළි කැඳවීම සහ අතුරු වාර්තාව චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩුව ඔක්තෝබර් 19 වැනිදා යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ යළි විභාගයට ගැනීමෙන් අනතුරුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ වී.
  • නිරංජන් පළාත්බද මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේ කැනීම් කටයුතු භාරව සිටි වෝහාරික පුරාවිද්‍යාඥයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතුරු වාර්තාව බලපෑමට ලක්වූ හා අදාළ පාර්ශ්ව වෙතද යොමු කරන ලෙස අධිකරණය විසින් නියෝග කරන ලද බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ මෙතෙක් කණින ලද විශාලතම සමූහ මිනීවල පිළිබඳ මුල්ම විශේෂඥ වාර්තාව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට භාරදී තිබේ.

පුරා දින 110ක් කැනීමෙන් චෙම්මනියෙන් ගොඩගන්නා ලද මිනිස් සිරුරු 583ක් ඇතුළු පාරිහාරික වස්තු සම්බන්ධයෙන් විශ්ලේෂණය කරමින් වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ පුරාවිද්‍යාඥ අනුෂා වන්නිනායක විසින් සංගෘහිත වාර්තාව පිටු 190ක් පුරා දිවෙයි.

එමෙන්ම, චෙම්මනියේ වල දමන ලද ක්‍රිෂාන්ති කුමාරස්වාමි පාසල් සිසුවිය දූෂණය කොට දැරියද, ඇගේ මව සහ අසල්වැසියකුද මරාදැමීම සම්බන්ධයෙන් පෝරකයට නියම වී සිටින හමුදා සොල්දාදුවකුගෙන් කට උත්තරයක් ගැනීමටද අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී තිබේ.

නඩුව යළි කැඳවීම සහ අතුරු වාර්තාව

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩුව ඔක්තෝබර් 19 වැනිදා යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ යළි විභාගයට ගැනීමෙන් අනතුරුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ වී. එස්. නිරංජන් පළාත්බද මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේ කැනීම් කටයුතු භාරව සිටි වෝහාරික පුරාවිද්‍යාඥයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතුරු වාර්තාව බලපෑමට ලක්වූ හා අදාළ පාර්ශ්ව වෙතද යොමු කරන ලෙස අධිකරණය විසින් නියෝග කරන ලද බවයි.

ළමා ළපටින්ගේද ඇතුළු මිනිස් සිරුරු 600කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට පාදාගෙන තිබෙන චෙම්මනි සමූහ මිනීවල අවට කලාපයේ යුද හමුදාව විසින් සිරුරු සිය ගණනක් මරා වලදමා ඇති බවට තිස් වසරකට ඉහතදී අධිකරණයට ප්‍රකාශ කළ, මේ වනවිට මරණ දඬුවම ලැබ සිටින කෝප්‍රල් රාජපක්ෂගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් අවසරය හිමිවූ බවද නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සෝමරත්න රාජපක්ෂගෙන් කට උත්තරයක්

"ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙත්සම් දෙකක් ඉදිරිපත් කළා. ඒකෙන් පළමුවැනි එක C-14 පරීක්ෂාවට මේ සාම්පල ඉක්මනින් යොමු කරන්න ඕනේ කියලත්, දෙවැනි එක දැනටමත් බන්ධනාගාරයේ ඉන්න චෙම්මනි සමූහ මිනීවලේ නඩුව සම්බන්ධයෙන් වරදකරු වූ ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ කට උත්තරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නත්, එයාගෙන් වාචික ප්‍රකාශයක් ලබාගන්නත් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. සෝමරත්නගෙන් කට උත්තරය ලබාගන්න අනුමැතිය ලබා දුන්නා."

චෙම්මනි සමූහ සුසානයෙන් මේ වනවිට ගොඩගෙන තිබෙන මිනිස් අස්ථිවල කාල නිර්ණයට අදාළ පරීක්ෂණ වෙත යොමු කිරීම සම්බන්ධයෙන් මාසයකින් තීරණය කිරීමට නියමිත බවද වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ වී. එස්. නිරංජන් පළාත්බද මාධ්‍යවේදීන්ට වැඩිදුරටත් දැනුම් දී තිබුණි.

"ඒ වගේම C-14 පරීක්ෂණයට යොමු කරන එක සම්බන්ධයෙන් ලබන මාසයේ 19 වැනිදා පරිපාලන කමිටු රැස්වීමේදී තීරණය ගත්තට පස්සේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන බවට කියැවුණා."

කිරි බෝතල් සහ බෝනික්කන් අතරින් මතුවූ සාක්ෂි

චෙම්මනි සමූහ සුසානයේ වසරකට වැඩි කාලයක් තිස්සේ අදියර තුනකින් දින 110ක් පුරා සිදු කළ කැනීම්වලින් පාදාගත් කුඩා දරුවන්ගේද ඇතුළු මිනිස් සිරුරු 583කට අයත් අස්ථි ගොඩගැනීමෙන් අනතුරුව එහි කැනීම් කටයුතු 2026 අගෝස්තු 19 වැනිදා තාවකාලිකව අත්හිටුවන ලදි.

යුක්තිය ඉටු නොකරම වැලි තලාවකින් වසා දමා තිබූ මහා මිනිස් සංහාරයක තතු ලොවට කියා පාමින් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම සමූහ සුසානයෙන් 2025 මැයි 15 වැනිදා සිට වසරකට වැඩි කාලයක් තුළ සිදු කළ කැනීම්වලින් ගොඩගත් හින්දු චාරිත්‍රානුකූලව වලදමා නැති බව තහවුරු වී ඇති මිනිස් අස්ථිවලට අමතරව ළදරු කිරි බෝතල්, පාසල් ගමන් මලු, වැහි කබා හා බෝනික්කන්ද ඇතුළු 160කට වැඩි පාරිහාරික වස්තු දැකගන්නට ලැබුණි. ඒ සියල්ල දැන් ඇත්තේ අධිකරණය භාරයේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම 2025 සැප්තැම්බරයේදී නිගමනය කළ පරිදි චෙම්මනි සමූහ සුසානයේ වලදමා ඇත්තේ නීතිවිරෝධී හෝ බහිර්නීතිකව මරා දමන ලද මිනිසුන්ය, ගැහැනුන්ය, දරුවන්ය, බිළිඳුන්ය.

ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලීම සහ ආණ්ඩුවේ ස්ථාවරය


උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ මෑණිවරුන්, පියවරුන්, සහෝදර සහෝදරියන්, බිරින්දෑවරුන් හා දරු දැරියන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ කාලයේත්, චෙම්මනියේත් වැලි තලාවෙන් යටකොට ඇති මේ මහා මිනිස් කන්දරාවේ තම ආදරණීයයන්ගේ ඉරණමද සඟවා ඇතිදැයි සැකහැර දැනගැනීම සඳහා ජාත්‍යන්තර විමර්ශනයකි.

ආණ්ඩුවේ බාධා මැද 2025 ජූනියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාද, එයින් අවුරුද්දකට පසු යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක්ද චෙම්මනි සමූහ සුසානය වෙත ගිය අවස්ථාවලදී ඥාතීන් උද්ඝෝෂණය කරමින් තම ඉල්ලීම ඉදිරිපත් කළද, ඒ පිළිබඳ සහතිකයක් ජාත්‍යන්තර බලවතුන්ගෙන් මේ දක්වාම ලැබී නැත.

වර්ෂයකට වැඩි කාලයක් සිදුකළ කැනීම්වලින් සිරුරු 400කට ආසන්න සංඛ්‍යාවක් ගොඩගැනීමෙනුත් පසුව මුල්ම වතාවට චෙම්මනි දැකබලාගැනීමට ගිය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර නීතිඥවරයා ජාත්‍යන්තර මැදිහත්වීම තරයේ ප්‍රතික්ෂේප කරමින් පෙරළා ඥාතීන්ගෙන් ඉල්ලා සිටියේ අපරාධකරුවන් කවුදැයි නම් කරන ලෙසයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...