ආරක්ෂක නියෝජ්ය අමාත්ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්රාමික) පසුගියදා යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් නිලන්ත ප්රේමරත්න විසින් අමාත්යවරයා පිළිගෙන ඇත.
ඉදිරි සැලසුම් විමසීම:
මෙම සංචාරය අතරතුරදී ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයා යුද්ධ හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය වෙත ගොස්, ශ්රී ලංකා යුද්ධ හමුදාවේ වර්තමාන මෙහෙයුම් කටයුතු සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙන්ම, යුද්ධ හමුදා ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලිය පිළිබඳව ද, කරුණු පැහැදිලි කිරීම් ලබා ගත්තේය.
සේවය ඇගයීම:
අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් අමතමින් අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයා, රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ කැපවීම, වෘත්තීයභාවය සහ සේවය ඇගයීමට ලක් කළේය.
එමෙන්ම, යුද්ධ හමුදා මූලස්ථානයේ සේවය කරන සෙසු නිලයන් සහ සිවිල් සේවක සේවිකාවන් පිරිසක් ද, හමුවූ නියෝජ්ය අමාත්යවරයා, විවිධ ක්ෂේත්ර යටතේ සේවය කරන කාර්ය මණ්ඩලය සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ආයතනයේ ප්රගතිය සඳහා ඔවුන් ලබා දෙන දායකත්වය අගය කළේය.







