නොවැම්බර් 6 දක්වා යළි රිමාන්ඩ්: ඇප ඉල්ලීම ඉවතට
විවාදාත්මක ක්රිෂ් (Krrish) සමාගම් ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කළේය.
ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේ, නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නොවැම්බර් 6 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබන ලෙසයි.
"දේශපාලනයට එනවා නම් හිරේ යන්න බලාගෙන එන්න"
අධිකරණ තීන්දුව ප්රකාශයට පත්වීමත් සමඟ, කොළඹ නවලෝක රෝහලේ ප්රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බන්ධනාගාරගත සිය වැඩිමල් පුතු වෙත සංවේදී ලිපියක් යොමු කර තිබේ.
2010 වසරේදී නාමල් ක්රියාකාරී දේශපාලනයට පිවිසීමට අවසර පැතූ අවස්ථාව සිහිපත් කරන හිටපු ජනාධිපතිවරයා, "කැමති නම් දේශපාලනයට එන්න; හැබැයි හිරේ යන්නත්, දුක් විඳින්නත් බලාගෙන එන්න" යනුවෙන් එදා තමන් දුන් අවවාදය මෙහිදී යළි මතක් කර දෙයි.
තමන් දේශපාලනයට පිවිසි මුල් යුගයේදී එවකට පැවති ආණ්ඩුව එල්ල කළ චෝදනා හමුවේ සිරගත වූ ආකාරය පෙන්වා දෙන ඔහු, බාහිර ප්රකාශ කුමක් වුවත් එකම විශ්වාසය තැබිය යුත්තේ නීතිය හා අධිකරණය කෙරෙහි පමණක් බව අවධාරණය කරයි.
යෝෂිතගේ නඩුව, තරුණ රැකියා සහ 'පළි නොගැනීමේ' ස්ථාවරය
යෝෂිත රාජපක්ෂ නාවික හමුදා සේවයට එක්වීම මුල්කරගෙන නීතිමය ක්රියාමාර්ග එල්ල වී ඇති බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා, තම පාලන සමයේ වත්මන් ආණ්ඩුවේ ප්රබලයින්ගේ දරුවන්ට පවා රැකියා ලබාදුන් අතීතය සිහිපත් කරයි.
එහෙත් ඉදිරියේදී හෝ රාජ්ය බලය හිමිවන කිසිදු මොහොතක එවැනි කිසිවෙකු පසුපස හඹා නොයන ලෙස ඔහු නාමල්ට උපදෙස් දෙයි. දෙමව්පියන් කළ ක්රියාවන්ට දරුවන් පළි නොවන බවත්, පළි නොගැනීම තම දේශපාලන භාවිතය විය යුතු බවත් එහි සඳහන් වේ.
නවලෝක රෝහලේ සිට සිරමැදිරියට ගිය පණිවිඩය
මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ දෙපළ මේ වන විට ප්රතිකාර ලබන්නේ නාමල් උපත ලැබූ නවලෝක රෝහලේමය. රෝහිත සහ යෝෂිත දෙදෙනා දෙමව්පියන්ගේ සුවදුක් සොයා බලන මොහොතක ලියැවුණු මෙම ලිපිය, පවුලේ බැඳීම සහ දේශපාලන උච්චාවචනයන් අතර දෝලනය වන ප්රබල සංවාදයකි.
යුද්ධය නිමවා රට නිදහස් කරදීමේ වරදට සමාජය වැරදිකරුවන් නොකරන බව පවසන හිටපු ජනාධිපතිවරයා, මැතිවරණයෙන් පරාජය ලැබුවද මෙරට ජනතාව කළගුණ දන්නා සමාජයක් බව විශ්වාස කරමින් කටයුතු කරන ලෙස දන්වමින් ලිපිය අවසන් කර තිබේ.
හිටපු ජනාධිපතිවරයා යැවූ සම්පූර්ණ ලිපිය
"ආදරණීය නාමල්!
ඔබ දේශපාලනයට පිවිසීම අදහස් කළ වර්ෂ 2010 දී ඊට මගෙන් අවසර පැතුවා මතක ඇති. ඒ අවස්ථාවේ මම ඔබට දුන් අවවාදය ද මතක ඇතැයි සිතමි. 'කැමති නම් දේශපාලනයට එන්න. හැබැයි හිරේ යන්න වගේම දුක් විඳින්න බලාගෙන එන්න. ඒකට මට කමක් නෑ.'
මම එලෙස කීවේ මා දේශපාලනයට පිවිසි ටික කලකින් එදා පැවති ආණ්ඩුව විසින් පදනම් විරහිත චෝදනාවක් දමා මා බන්ධනාගාරගත කළ නිසාය. ඒ වන විට ඔබ ඉපදී නැත. එදා මගේ එකම විශ්වාසය තිබුණේ අධිකරණය ගැන පමණයි. කවුරුන් කුමක් කිව්වද ඔබත් අධිකරණය ගැන පමණක් විශ්වාසය තබන්න.
දෛවෝපගත ලෙස අම්මාත් මමත් මේ දිනවල ඔබ ද උපන් නවලෝක රෝහලේ රෝහල්ගත වී සිටිමු. ඔබේ සහෝදරයන් වන යෝෂිත සහ රෝහිත අපේ සුවදුක් විමසා බලයි. යෝෂිතට එක් නඩුවක් වැටී ඇත්තේ ඔවුන් නාවික හමුදාවේ රැකියාවට යෑම නිසාය. එකල අපි රැකියා ලබා දුන් දහස් ගණන් තරුණයන් අතර මේ ආණ්ඩුවේ උදවියගේ තරුණ දරුවන්ද සිටි වග ඔබට ද මතක ඇතැයි සිතමි. එහෙත් ඔබලාට බලය ඇති කිසිම අවස්ථාවක ඒ අය පසුපස යන්න එපා.
මාගේ මතය දෙමව්පියන් කරන දේට දරුවන් පලි නැති බවයි. පලි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්රමයයි. සම්ප්රදායයි.
මේ රටේ දුක් විඳින ලක්ෂ සංඛ්යාත ජනතාවට රට නිදහස් කර දීමේ වරදට රාජපක්ෂවරුන් මේ සමාජය වැරදිකරුවන් කරන්නේ නැත. අප ඡන්දයෙන් පරාජය කරන ලද නමුත් රටේ ජනතාව කළගුණ සලකන සමාජයක් බව සිතා කටයුතු කරන්න.
ඔබට තෙරුවන් සරණයි!"
බන්ධනාගාරගත නාමල්ට මහින්දගෙන් ලිපියක්: පළිගැනීම් එපා; අධිකරණය විශ්වාස කරන්න
Awara
October 23, 2026 • 3:12 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- නොවැම්බර් 6 දක්වා යළි රිමාන්ඩ්: ඇප ඉල්ලීම ඉවතට විවාදාත්මක ක්රිෂ් (Krrish) සමාගම් ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කළේය.
- බෝදරගම නියෝග කළේ, නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නොවැම්බර් 6 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබන ලෙසයි.
- "දේශපාලනයට එනවා නම් හිරේ යන්න බලාගෙන එන්න" අධිකරණ තීන්දුව ප්රකාශයට පත්වීමත් සමඟ, කොළඹ නවලෝක රෝහලේ ප්රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බන්ධනාගාරගත සිය වැඩිමල් පුතු වෙත සංවේදී ලිපියක් යොමු කර තිබේ.
- තමන් දේශපාලනයට පිවිසි මුල් යුගයේදී එවකට පැවති ආණ්ඩුව එල්ල කළ චෝදනා හමුවේ සිරගත වූ ආකාරය පෙන්වා දෙන ඔහු, බාහිර ප්රකාශ කුමක් වුවත් එකම විශ්වාසය තැබිය යුත්තේ නීතිය හා අධිකරණය කෙරෙහි පමණක් බව අවධාරණය කරයි.
අකුරු ප්රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
#theleader.lk#theleadernews
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්රී ලංකාව තුළ සහ ජාත්යන්තර ඩයස්පෝරාව අතර ක්රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


