එකිනෙකට පටහැනි මෝසම් දෙකක් අධිකරණයට
සිරදඬුවම් විඳින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවී උද්යාන පරිශ්රයේ දින කිහිපයක සිට පැවැත්වෙන සත්යග්රහය සම්බන්ධයෙන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ මෝසම් පත්ර දෙකක් ගොනු කෙරිණි.
උද්යාන භූමියෙන් ඉවත් වන ලෙස අපරාධ නඩු විධාන සංග්රහයේ 106 වගන්තිය ප්රකාරව ඊයේ නිකුත් කළ ආඥාව ඉවත් කරන ලෙස හෝ වෙනස් කරන ලෙස විරෝධතාකරුවන් සිය මෝසමෙන් ඉල්ලා සිටියේය.
ඊට ප්රතිවිරුද්ධව නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසම මඟින් ඉල්ලා සිටියේ, අධිකරණ නියෝගය කියවා දුන් පසුවත් ඉන් ඉවත් නොවී රැඳී සිටින පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසයි.
"විරෝධය දැක්වීම මූලික මිනිස් අයිතියක්"
විරෝධතාකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න පෙන්වා දුන්නේ, සාමකාමීව විරෝධය දැක්වීම පුරවැසියන් සතු පරම මූලික අයිතිවාසිකමක් බවයි.
බුදුපිළිම පර්යන්තයේ රැඳී සිටින පිරිස පොදු දේපළවලට කිසිදු හානියක් සිදු කර නොමැති බවත්, මේ දිනවල කඨින චීවර සකස් කිරීම ඇතුළු ආගමික වතාවත් සිදුවන බැවින් විරෝධතාව අඛණ්ඩව කරගෙන යාමට ඉඩ දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට කරුණු වාර්තා කිරීම සඳහා පූජ්ය උලපනේ සුමංගල හිමි, පූජ්ය බලංගොඩ කස්සප හිමි, ආචාර්ය පූජ්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, පූජ්ය තීනියාවල පාලිත හිමි ඇතුළු හිමිවරුන් පිරිසක් අධිකරණ පරිශ්රයට පැමිණ සිටියහ.
"අවසරයකින් තොරව මහජන පීඩා කළ නොහැකියි"
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ කලණ බුද්ධදාස කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ පිරිස ඔක්තෝබර් 16 වැනිදා සිට එම ස්ථානයේ රැඳී සිටින අතර පැමිණිල්ල ඉදිරිපත් වී ඇත්තේ නාගරික කොමසාරිස්වරයාගෙන් බවයි.
ඊයේ අධිකරණ ආඥාව කියවා දෙන අවස්ථාවේදී ශබ්ද විකාශන යන්ත්ර හරහා පිරිත් විකාශය කරමින් ඊට බාධා කර ඇති බවත්, මහා නගර සභාවේ අවසරයකින් තොරව ශබ්ද විකාශන යොදාගනිමින් මහාසෝන් යාග පැවැත්වීම මහජන පීඩාවක් බවත් රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.
එම ස්ථානයට පිහි දෙකක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට ඇප ලබා දී ඇති බව සිහිපත් කළ රජයේ නීතිඥවරයා, අධිකරණ ආඥාවට අකීකරු වීම දණ්ඩ නීති සංග්රහයේ 105 වගන්තිය යටතේ ගැනෙන බරපතළ වරදක් බැවින් නියෝගය වෙනස් නොකරන ලෙස ඉල්ලා සිටියේය.
මහේස්ත්රාත්වරයාගේ නිරීක්ෂණය සහ නියෝගය
දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම, විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමට තරම් කරුණු අනාවරණය වී නොමැති බව පවසමින් නීතිපති පාර්ශවයේ ඉල්ලීම ප්රතික්ෂේප කළේය.
එසේම ඊයේ ලබාදුන් ආඥාව වෙනස් කිරීම ප්රතික්ෂේප කළ මහේස්ත්රාත්වරයා, පොදු ස්ථානයක යම් වැඩසටහනක් කරන්නේ නම් අදාළ ආයතන නීතිවලට යටත්ව කටයුතු කළ යුතු බවත්, මෙම නියෝගය ලබා දුන්නේ මහජන සාමය රැකගැනීමට බවත් අවධාරණය කළේය.
අධිකරණ ආඥාවට එරෙහිව යම් ක්රියාවක් සිදුවුවහොත්, ඒ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්රහයේ විධිවිධාන ප්රකාරව අවශ්ය නීතිමය ක්රියාමාර්ග ගැනීමට පොලිසියට පූර්ණ බලය පවතින බව මහේස්ත්රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
විහාරමහාදේවී සත්යග්රහයේ ආඥාව වෙනස් නොවේ: වරෙන්තු ඉල්ලීමත් ඉවතට
Awara
October 23, 2026 • 5:17 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එකිනෙකට පටහැනි මෝසම් දෙකක් අධිකරණයට සිරදඬුවම් විඳින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවී උද්යාන පරිශ්රයේ දින කිහිපයක සිට පැවැත්වෙන සත්යග්රහය සම්බන්ධයෙන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ මෝසම් පත්ර දෙකක් ගොනු කෙරිණි.
- උද්යාන භූමියෙන් ඉවත් වන ලෙස අපරාධ නඩු විධාන සංග්රහයේ 106 වගන්තිය ප්රකාරව ඊයේ නිකුත් කළ ආඥාව ඉවත් කරන ලෙස හෝ වෙනස් කරන ලෙස විරෝධතාකරුවන් සිය මෝසමෙන් ඉල්ලා සිටියේය.
- ඊට ප්රතිවිරුද්ධව නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසම මඟින් ඉල්ලා සිටියේ, අධිකරණ නියෝගය කියවා දුන් පසුවත් ඉන් ඉවත් නොවී රැඳී සිටින පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසයි.
- "විරෝධය දැක්වීම මූලික මිනිස් අයිතියක්" විරෝධතාකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න පෙන්වා දුන්නේ, සාමකාමීව විරෝධය දැක්වීම පුරවැසියන් සතු පරම මූලික අයිතිවාසිකමක් බවයි.
අකුරු ප්රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්රී ලංකාව තුළ සහ ජාත්යන්තර ඩයස්පෝරාව අතර ක්රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


