The Leader News
BREAKING
සෙන්ට්‍රල් බෑන්ක් ඉන්දීය මහ බැංකු ගිණුමෙන් කෝටි 14ක අබිරහස් මංකොල්ලයක්●ඕස්ට්‍රේලියානු සංචාරක සටන: ජෙට්ස්ටාර් පෙරළියට ශ්‍රීලංකන් ප්‍රතිචාරය●මානව හිමිකම් නිර්දේශ හමස්පෙට්ටියට: කොමිසමෙන් දැඩි බලතල ඉල්ලීමක්●සිනමා ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්●ජලාශ පිරී ඉතිරෙද්දී විදුලි බිල අඩු කළ නොහැකිද?●'ඔර්නබ්' වක්‍ර බලපෑමෙන් දිස්ත්‍රික්ක 12කට මහ වැසි●‘පිට කවරය බලා’ තවත් දෙමළ පොත් තොග රේගු අඩස්සියේ●ඉන්දීය හමුදා ප්‍රහාරයකින් මරාදැමූ තවත් දෙමළ සමූහයක සමරුවක්●ඖෂධ නිෂ්පාදනයෙන් ඩොලර් බිලියන 10ක් උපයන මාවත●කෘෂි හා ජලජ නිෂ්පාදන නංවන්න ඩොලර් මිලියන 65ක ආයෝජන●
Top Ad
පුවත්

සිනමා ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්

Nethmini

Nethmini

October 27, 2026 • 9:47 AM

සිනමා ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශීය සිනමා ක්ෂේත්‍රයේ නියුතු සියලු ම වෘත්තිකයින් ගේ අනාගතය සහ සිනමාවේ අභිවෘද්ධිය උදෙසා "සිනමාව කර්මාන්තයක් බවට පත්කිරීම" වෙනුවෙන් සකස් කරන ලද විශේෂ යෝජනාවලිය ඊයේ ( 10/26 ) බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි වෙත නිල වශයෙන් පිළිගැන්වී ය.
  • ඒ අනුව ඉතා ඉක්මනින් කර්මාන්ත අමාත්‍යාංශය සහ සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධ වී මෙම යෝජනාවලිය අනුව ඉදිරි පියවර ගන්නා බවට අමාත්‍යවරයා සහතික විය.
  • මෙම අවස්ථාව සඳහා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සංගම් සහ ප්‍රවීණයින් රැසක් සම්බන්ධ වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශීය සිනමා ක්ෂේත්‍රයේ නියුතු සියලු ම වෘත්තිකයින් ගේ අනාගතය සහ සිනමාවේ අභිවෘද්ධිය උදෙසා "සිනමාව කර්මාන්තයක් බවට පත්කිරීම" වෙනුවෙන් සකස් කරන ලද විශේෂ යෝජනාවලිය ඊයේ ( 10/26 ) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි වෙත නිල වශයෙන් පිළිගැන්වී ය.

මෙම අවස්ථාව සඳහා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සංගම් සහ ප්‍රවීණයින් රැසක් සම්බන්ධ වූහ.

සිනමා අනුමණ්ඩලයේ සභාපති, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ, ශ්‍රී ලංකා කලා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති බිමල් දුෂ්මන්ත, ශ්‍රී ලංකා වෘත්තීය අංගරචනා ශිල්පීන්ගේ සංගමයේ සභාපති නයන් උජිත්, සහය අධ්‍යක්ෂවරුන්ගේ සහ නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංගමයේ ලේකම් චලින් මනුරංග, විදේශ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමය නියෝජනය කරමින් (චිත්‍රපට නිෂ්පාදක), යසස් රත්නායක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන් යන මහත්වරු එක්ව සිටියහ.

අමාත්‍යවරයා ගෙන් විශේෂ පොරොන්දුවක්

සිනමාවේ සංස්කෘතික, අධ්‍යාපනික, නියාමන සහ සංරක්ෂණ කටයුතු සංස්කෘතික අමාත්‍යාංශය සහ ජාතික චිත්‍රපට සංස්ථාව යටතටත්, එහි "ව්‍යාපාරික හා නිෂ්පාදන කර්මාන්ත" කොටස කර්මාන්ත අමාත්‍යාංශය යටතටත් වෙන් කරමින් නීතිමය රාමුව සකස් කිරීමට සියලුම වෘත්තීය සංගම් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යවරයා ගේ මහත් ඇගයීමට ලක්වූ අතර, ඒ සඳහා ඔහු ඉතා යහපත් ප්‍රතිචාරයක් දැක්වී ය.

ඒ අනුව ඉතා ඉක්මනින් කර්මාන්ත අමාත්‍යාංශය සහ සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධ වී මෙම යෝජනාවලිය අනුව ඉදිරි පියවර ගන්නා බවට අමාත්‍යවරයා සහතික විය.

සිනමා කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී වෘත්තීය සංගම් ඉටුකරන මෙම අප්‍රතිහත සේවය සහ කැපවීම අමාත්‍යවරයා ගේ විශේෂ ඇගයීමට සහ ප්‍රශංසාවට ලක් විය.

 

මූලාශ්‍ර - තෙසර - Thesara face book පිටුවෙන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...