The Leader News
BREAKING
සදාචාරය වෙනුවෙනුත් පෙනී සිටින සිනමා ශාලා හිමියන්ගේ සංගමයට පිළිතුරක්●ඊශ්‍රායල මැතිවරණයේ තියුණු සටනක්: පැහැදිලි බහුතරයක් නෑ●කථානායක විශ්වාසභංගය වටා පාර්ලිමේන්තුවේ උණුසුම් අර්බුදයක්●කඩදාසි බට ඇත්තටම පරිසරයට හිතකාමී ද? කොරියානු විමර්ශනයෙන් හෙළිවූ තතු●එයාර්බස් නඩුව: නාමල්ගේ ඇප ඉල්ලීම නොවැම්බර් 19ට කල්යයි●කාඩර්වරුන් ගේ දරුවන් පිළිබඳ ව මාඔ් ගේ දැක්ම●ලූලාගෙන් අනුරට ප්‍රතිචාර: රාජ්‍ය තාන්ත්‍රික සීමා ගැන සංවාදයක්●සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත හකුළාගන්නැයි ඇම්නෙස්ටි ඉල්ලයි●සුළි කුණාටු අවදානම: ලංකාවේ බෝට්ටු 25කට ඉන්දීය මුහුද විවෘත වෙයි●ඥානසාර හිමි නිදහස් කරන්නැයි මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් නෑ●
Top Ad
පුවත්

කථානායක විශ්වාසභංගය වටා පාර්ලිමේන්තුවේ උණුසුම් අර්බුදයක්

Awara

Awara

October 28, 2026 • 12:09 PM

කථානායක විශ්වාසභංගය වටා පාර්ලිමේන්තුවේ උණුසුම් අර්බුදයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ලබන නොවැම්බර් 03 වැනිදා විවාදයට ගැනීමට නම්, එහි අඩංගු කරුණු සංශෝධනය විය යුතු බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීන්දු කර තිබේ.
  • අධිකරණයේ විභාග වන නඩු කටයුතුවලට බාධා වන බව පැවසෙන කොටස් ඉවත් කර යෝජනාව නැවත භාරදුනහොත් පමණක් විවාදය පැවැත්විය හැකි බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ස්ථාවරයයි.
  • යෝජනාවේ අඩංගු කිසිදු වචනයක් වෙනස් නොකරන බව පවසන විපක්ෂය, ආණ්ඩුවේ මෙම පියවර ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බරපතළ පහරක් ලෙස හඳුන්වමින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
  • චෝදනා 50 සහ 'Sub-judice' තර්කය අදාළ කරුණු අධිකරණමය ක්‍රියාවලියකට යටත් (Sub-judice) බවට ආණ්ඩුව ගෙන එන තර්කය නීති විශාරද මතය අනුව පදනම් විරහිත බව සමගි ජන බලවේගය ඇතුළු පාර්ලිමේන්තු විපක්ෂ කණ්ඩායම් පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ලබන නොවැම්බර් 03 වැනිදා විවාදයට ගැනීමට නම්, එහි අඩංගු කරුණු සංශෝධනය විය යුතු බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීන්දු කර තිබේ.

අධිකරණයේ විභාග වන නඩු කටයුතුවලට බාධා වන බව පැවසෙන කොටස් ඉවත් කර යෝජනාව නැවත භාරදුනහොත් පමණක් විවාදය පැවැත්විය හැකි බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ස්ථාවරයයි.

යෝජනාවේ අඩංගු කිසිදු වචනයක් වෙනස් නොකරන බව පවසන විපක්ෂය, ආණ්ඩුවේ මෙම පියවර ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බරපතළ පහරක් ලෙස හඳුන්වමින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

චෝදනා 50 සහ 'Sub-judice' තර්කය

අදාළ කරුණු අධිකරණමය ක්‍රියාවලියකට යටත් (Sub-judice) බවට ආණ්ඩුව ගෙන එන තර්කය නීති විශාරද මතය අනුව පදනම් විරහිත බව සමගි ජන බලවේගය ඇතුළු පාර්ලිමේන්තු විපක්ෂ කණ්ඩායම් පෙන්වා දෙයි.

මෙම චෝදනා සකස් වී ඇත්තේ කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් යොමු කළ ලිපියක් අනුව සකස් වූ අභ්‍යන්තර පාර්ලිමේන්තු වාර්තාවක් මූලාශ්‍ර කරගනිමින් බව විපක්ෂය අවධාරණය කරයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ විභාග වන පරීක්ෂණයක් පවතින පසුබිමක, කථානායකවරයා එම ධුරයෙන් ඉවත් විය යුතු බවත්, එසේ නොමැති නම් චෝදනා 50ට නොබියව මුහුණ දිය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

දින වකවානු සහ කාරක සභා අර්බුදය

ඔක්තෝබර් 09 වැනිදා භාරදී 12 වැනිදා න්‍යාය පුස්තකයට ඇතුළත් කළ මෙම යෝජනාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මුලින් එකඟතාවක් පළ විය.

එම පියවර මඟහැර, ඔක්තෝබර් 23 දින කථානායකවරයාගේම ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායක කමිටුවේදී නීතිපති උපදෙස් අනවශ්‍ය බවට තීරණය කිරීම සදාචාර විරෝධී බව විපක්ෂය පෙන්වා දෙයි. චෝදනාවට ලක්වූ පුද්ගලයා විසින්ම තමන්ගේ විවාදය වැළැක්වීමට මුලසුන දැරීම මෙහිදී ප්‍රධාන වශයෙන් විවේචනයට ලක්ව තිබේ.

සභා ගැබේ ඉදිරි තීරණය

ලබන නොවැම්බර් 03 වැනිදා සිට 06 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර තහවුරු කළාය.

විශ්වාසභංග යෝජනාව සංශෝධනය කිරීම ප්‍රතික්ෂේප වීම හමුවේ, ලබන සතියේ පාර්ලිමේන්තු සභාවාරය දැඩි උණුසුම් දේශපාලන ගැටුමකට මුලපුරනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විපක්ෂ මන්ත්‍රීවරුන් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය:


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...