The Leader News
BREAKING
විකල්පය වෙනුවෙන් පෙනී සිටිමු, සිනමාවේ අලුත්ම startup එක රැකගනිමු●මීගමුව බන්ධනාගාර ගැටුම: මානව හිමිකම් කොමිසමෙන් හෙළිදරව්වක්●නාමල්ගේ මිලියන 15 නඩුවට නීතිපති උපදෙස් තවමත් නෑ●රාජ්‍ය ආයතන 527ක් විසුරුවන ආණ්ඩුවේ තීරණාත්මක මූල්‍ය මෙහෙයුම●ශෂිකලා සිරිවර්ධන මෙල්බර්න් ක්‍රිකට් පුහුණුකාරිත්වයට පිවිසෙයි●රසාත්මක වාක්‍යයෙන් ආකුල “මුහුලු මුක්තක”●ජනක මහබෙල්ලනගේ 'සංගායනා': මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය●හේඩන්ගේ වියෝව සහ කලාවේ මත්ද්‍රව්‍ය උවදුර ගැන කතාබහක්●රග්බි අර්බුදය උග්‍ර වෙයි: රිස්ලිගෙන් දින 14ක අවසන් නිවේදනයක්●දැඩි රස්නයෙන් ශ්‍රම බලකායට තර්ජනයක්: ජාත්‍යන්තර කම්කරු සංවිධානය●
Top Ad
පුවත්

නාමල්ගේ මිලියන 15 නඩුවට නීතිපති උපදෙස් තවමත් නෑ

Awara

Awara

October 29, 2026 • 4:53 PM

නාමල්ගේ මිලියන 15 නඩුවට නීතිපති උපදෙස් තවමත් නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණ නියෝගය සහ නීතිපති ප්‍රමාදය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පවතින රුපියල් මිලියන 15ක මුදල් විශුද්ධිකරණ නඩුකරය ලබන පෙබරවාරි 11 වන දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.
  • පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇතත් ඊට අදාළ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.
  • ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ලබන නඩු දිනයේදී විමර්ශන ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කළේය.
  • ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් පෙනී සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අධිකරණ නියෝගය සහ නීතිපති ප්‍රමාදය

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පවතින රුපියල් මිලියන 15ක මුදල් විශුද්ධිකරණ නඩුකරය ලබන පෙබරවාරි 11 වන දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇතත් ඊට අදාළ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ලබන නඩු දිනයේදී විමර්ශන ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කළේය.

සැකකරුවන් පෙනී සිටීම සහ නෛතික තත්ත්වය

නඩුව කැඳවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාරය වෙත නියෝගයක් නිකුත් කර නොතිබිණි.

නඩුවේ සෙසු සැකකරුවන් වන සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක සහ සුදර්ශන බණ්ඩාර ගනේගොඩ යන ඇප මත මුදාහැර සිටින සැකකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ. ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් පෙනී සිටියේය.

මිලියන 15 චෝදනාව සහ පසුබිම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් NR Consultancy නමැති සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.

නීතිවිරෝධීව හෝ හෙළිදරව් නොකළ මාර්ගවලින් උපයාගත් කළු සල්ලි, ව්‍යාපාරික ආයෝජනයක් ලෙස පෙන්වා නීත්‍යානුකූල මුදල් බවට පත්කිරීමට තැත් කිරීම මෙහි ප්‍රධාන චෝදනාවයි.

යහපාලන සමයේ ඇරඹි විමර්ශනයේ කාලරාමුව

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත මුල් පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ 2015 ජූලි 28 වනදාය.

ඉන්පසු 2016 වසරේදී විමර්ශන කටයුතු අවසන් කර නීතිපතිවරයා වෙත උදෘත යොමු කර තිබුණද, මේ දක්වා ඊට අදාළ අවසන් නීතිපති උපදෙස් ලැබී නොමැති වීම විශේෂත්වයකි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews#namal rajapaksha
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...