ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුවේ සහ විධායක සභාවේ සාමාජිකයෙකු වූ වාමාංශික දේශපාලඥයෙකු මෙන් ම ජ්යේෂ්ඨ නීතිඥයෙකු වන ලාල් විජේනායක ඊයේ අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට ඒ 86වන වියෙහි පසුවූ හෙතෙම දේශපාලනයට පිවිස ඇත්තේ 1963 වසරේ දී ය. ඒ, ලංකා සමසමාජ පක්ෂයෙනි.
1988 පළාත් සභා මැතිවරණයෙන් මධ්යම පළාත් සභාවට තේරී පත්වූ විජේනායක එහි විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කර ඇත. 2016 වසරේ දී නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත්කෙරුණු ආණ්ඩුක්රම ව්යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපතිවරයා වූයේ ද ලාල් විජේනායක ය.
දීර්ඝ කාලයක් ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ හෙතෙම පසු කලක දී, එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් වාමාංශික පෙරමුණ ගොඩනැගීමට ද මූලිකත්වය ගෙන ඇත.
මහනුවර ධර්මරාජ විද්යාලයෙන් මූලික අධ්යාපනය හෙතෙම අනතුරුව පේරාදෙණිය විශ්වවිද්යාලයේ විද්යා පීඨයේ සහ ශ්රී ලංකා නීති විද්යාලයේ ද අධ්යාපනය ලැබී ය. නීතිඥ වෘත්තියට පිවිස ඇත්තේ ඉන් අනතුරුව ය.
දේශපාලන ක්ෂේත්රයේ දීර්ඝ කාලයක් සක්රීයව කටයුතු කළ ලාල් විජේනායක මධ්යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කර ඇත. ජාතික ජන බලවේගයේ ජාතික මෙහෙයුම් කමිටුවේ සහ විධායක කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළ හෙතෙම ජාතික ජන බලවේගය ආණ්ඩුවෙන් එළියට පැමිණි පළමු පුරවැසියා ලෙස ද ඉතිහාසයට එක් විය.



