රටක විදේශ ණය ගෙවීම යනු ඉතා සූක්ෂමව හා දැඩි ආරක්ෂාවක් යටතේ සිදු විය යුතු ක්‍රියාවලියකි. නමුත් ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයට (Export Finance Australia) ගෙවීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් 2,509,426ක (රුපියල් මිලියන 825කට ආසන්න) මුදලක් සයිබර් අපරාධකරුවන් විසින් වෙනත් ගිණුමකට හරවා ගැනීමේ සිදුවීමක් හරහා රාජ්‍ය මූල්‍ය පාලනයේ බරපතළ හිඩැස් රැසක් අනාවරණය වී තිබේ.
2027 විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) නොවැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව මඟින් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇත.
වංචාව සිදුවූ ආකාරය සහ නොසලකා හැරි අනතුරු ඇඟවීම්
2025 නොවැම්බර් සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ වාරික හතරක් ඔස්සේ මෙම මුදල් ඇමරිකාවේ ඩෙලවෙයාර් (Delaware) ප්‍රාන්තයේ ව්‍යාජ බැංකු ගිණුමකට බැර වී ඇති බව කාරක සභා වාර්තාව පෙන්වා දෙයි. ඩොලර් 713,757ක්, 377,660ක්, 420,210ක් සහ 997,799ක් ලෙස මෙම ගෙවීම් සිදු කර තිබේ.
සයිබර් අපරාධකරුවන් මෙහිදී 'ව්‍යාපාරික විද්‍යුත් තැපැල් වංචා' (Business Email Compromise) ක්‍රමවේදය භාවිත කර ඇත. ඔවුන් ඕස්ට්‍රේලියානු ණයහිමි ආයතනයේ නිල ඊමේල් ලිපිනයට බෙහෙවින් සමාන ව්‍යාජ ලිපිනයකින් පණිවිඩයක් එවමින්, තම බැංකු ගිණුම් විස්තර වෙනස් වී ඇති බව දන්වා තිබේ.
කනගාටුදායක කරුණ නම්, නිලධාරීන් වෙනත් ආරක්ෂිත මාර්ගයකින් ඕස්ට්‍රේලියානු ආයතනය අමතා එය තහවුරු කර ගැනීම වෙනුවට, එම ව්‍යාජ ඊමේල් පණිවිඩයටම පිළිතුරු යවමින් නව ගිණුම් විස්තර පිළිගැනීමයි.
HSBC බැංකුව විසින් අවස්ථා දෙකකදී මෙම ගනුදෙනු සැකසහිත බවට අනතුරු අඟවා තිබියදීත්, භාණ්ඩාගාර නිලධාරීන් එම අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් ගෙවීම් අනුමත කර ඇති බව වාර්තාවේ සඳහන් වේ.
ආයතනික සංක්‍රාන්තිය සහ පද්ධති බිඳවැටීම
මෙය හුදෙක් තාක්ෂණික හැකර් ප්‍රහාරයකට වඩා සමස්ත පද්ධතියේම ආයතනික අසාර්ථකත්වයක් ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හඳුන්වයි. මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සතුව තිබූ ණය කළමනාකරණ වගකීම්, අලුතින් පිහිටුවූ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) වෙත පැවරීමේ සංක්‍රාන්ති සමය තුළ මෙම වංචාව සිදුව තිබේ.
එම වගකීම් පැවරීම සිදු කර ඇත්තේ භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා අතර විධිමත් අවබෝධතා ගිවිසුමක් (MOU) හෝ කාර්ය සාධන නිර්ණායක නොමැතිවය. අදාළ ගිවිසුම පවා අත්සන් කර ඇත්තේ මුදල් වංචා කිරීමෙන් මාස කිහිපයකට පසුව, එනම් 2026 මාර්තු 9 වැනිදාය.
මේ අතර, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව (ERD) භාවිත කළ Microsoft Exchange 2016 විද්‍යුත් තැපැල් පද්ධතියට ආරක්ෂක යාවත්කාලීන (Security Updates) ලැබීම 2025 ඔක්තෝබර් 14 වැනිදායින් අවසන් වී තිබුණි. යල්පැනගිය තාක්ෂණික පද්ධති භාවිත කිරීම හරහා සයිබර් ප්‍රහාරකයින්ට පහසුවෙන් ඇතුළු වීමට ඉඩ සැලසී ඇති බව පෙනී යයි.
මේ හේතුවෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල්වරුන් තම රාජකාරිය පැහැර හැර ඇති බවට කාරක සභාව නිරීක්ෂණය කර ඇත.
වගවීම සහ ඉදිරි පියවර
මෙම සිදුවීම නිසා මුදල් අහිමි වීමට අමතරව, ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය හිඟ මුදල් (Arrears) ගොඩගැසීමෙන් රටට අමතර පොලී සහ දඩ මුදල් බරක් ද දැරීමට සිදුව තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), ශ්‍රී ලංකා CERT ආයතනය, FBI සහ ඉන්ටර්පෝල් පොලිසිය පවා විමර්ශනවලට සම්බන්ධ වී සිටියද, අහිමි වූ මුදල් නැවත අයකර ගැනීමේ සැලකිය යුතු ප්‍රගතියක් මෙතෙක් පෙනෙන්නට නැති බව කාරක සභා සභාපතිවරයා පෙන්වා දෙයි.
ආයතන කිහිපයකම ඉහළ මට්ටමේ පරිපාලන දුර්වලතා පැවතියදී, මේ දක්වා විනය ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ මධ්‍යම මට්ටමේ සේවකයින් සිව්දෙනෙකුට පමණක් වීම පිළිබඳවද කාරක සභාව ප්‍රශ්න කර තිබේ.
මේ තත්ත්වය මත, පහත නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යෝජනා කර ඇත:
| විශේෂ විගණනයක්: ජාතික විගණන කාර්යාලය හරහා විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම සහ ස්වාධීන වෝහාරික විගණනයක් (Forensic Audit) සිදු කිරීම.
| අලාභය අයකර ගැනීම: විමර්ශනවලින් පසු මුදල් රෙගුලාසි 105 (FR 105) යටතේ වගකිවයුතු නිලධාරීන්ගෙන් අදාළ මුදල පෞද්ගලිකව අයකර ගැනීම.
| නීති සංශෝධනය: මාස තුනක් ඇතුළත මුදල් රෙගුලාසි යාවත්කාලීන කිරීම සහ සියලුම ණය ගෙවීම් මාර්ග දෙකකින් තහවුරු කිරීමේ ක්‍රමවේදයකට (Two-channel verification) යටත් කිරීම.
රජය විසින් මේ වන විටත් නව ආරක්ෂක පියවර කිහිපයක් හඳුන්වා දී ඇතත්, ඒවා මෙවැනි විශාල මූල්‍ය අපරාධයක් සිදුවීමට පෙර සිටම පැවතිය යුතු මූලික ආරක්ෂක විධිවිධාන බව කාරක සභාවේ ස්ථාවරයයි.
ඕස්ට්‍රේලියාවට ගෙවූ ණය වාරික අතරමඟ අතුරුදන්: පද්ධති දුර්වලතා හෙළිවේ
Awara
November 23, 2026 • 10:19 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- රටක විදේශ ණය ගෙවීම යනු ඉතා සූක්ෂමව හා දැඩි ආරක්ෂාවක් යටතේ සිදු විය යුතු ක්‍රියාවලියකි.
- නමුත් ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයට (Export Finance Australia) ගෙවීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් 2,509,426ක (රුපියල් මිලියන 825කට ආසන්න) මුදලක් සයිබර් අපරාධකරුවන් විසින් වෙනත් ගිණුමකට හරවා ගැනීමේ සිදුවීමක් හරහා රාජ්‍ය මූල්‍ය පාලනයේ බරපතළ හිඩැස් රැසක් අනාවරණය වී තිබේ.
- විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) නොවැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව මඟින් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇත.
- වංචාව සිදුවූ ආකාරය සහ නොසලකා හැරි අනතුරු ඇඟවීම් 2025 නොවැම්බර් සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ වාරික හතරක් ඔස්සේ මෙම මුදල් ඇමරිකාවේ ඩෙලවෙයාර් (Delaware) ප්‍රාන්තයේ ව්‍යාජ බැංකු ගිණුමකට බැර වී ඇති බව කාරක සභා වාර්තාව පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
#theleader.lk#theleadernews
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


