BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
පුවත්

22 වැනි සංශෝධනය සහ විනිසුරු විශ්‍රාම වයස: මහා නාහිමිවරුන් ජනාධිපතිට ලිපියක් යැවූ බව හෙළිවෙයි!

T

The Leader Desk

August 9, 2026 • 8:30 AM

22 වැනි සංශෝධනය සහ විනිසුරු විශ්‍රාම වයස: මහා නාහිමිවරුන් ජනාධිපතිට ලිපියක් යැවූ බව හෙළිවෙයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒකාබද්ධ විපක්ෂයේ සහ නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිතයින් මහනුවර මහා නාහිමිවරුන් බැහැදකියි
  • පීරිස් සඳහන් කර ඇත්තේ, වත්මන් පාලන තන්ත්‍රයේ මෙම ක්‍රියාමාර්ග අධිකරණයේ ස්වාධීනත්වයට අහිතකර ලෙස බලපාන බවයි.
  • ආණ්ඩුවේ මෙම ප්‍රවේශය පිළිබඳව සමාජය තුළ දැඩි සංවාදයක් ගොඩනැගෙමින් පවතින බව ද ඔහු පෙන්වා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණයේ ස්වාධීනත්වය සහ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව පැවැත්වූ දීර්ඝ සාකච්ඡාව



මහනායක හිමිවරුන් හමුවේ විපක්ෂයේ සහ බහුජන සංවිධානවල කරුණු දැක්වීම

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ඊයේ පස්වරුවේ දී ද සහ 'නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය' නියෝජනය කරන නීතිඥවරුන් හා බහුජන සංවිධාන නියෝජිත පිරිසක් ඊයේ පෙරවරුවේ දී ද අස්ගිරි සහ මල්වතු මහනායක හිමිපාණන් වහන්සේලා බැහැදැක තිබේ.

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ සහ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් වහන්සේ හමුවූ මෙම නියෝජිත පිරිස්, ආණ්ඩුව මගින් ගෙන ඒමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.

මහනුවර සංචාරයට එක්වූ ප්‍රධාන දේශපාලන හා බහුජන නියෝජිතයෝ        

| ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයෝ: මහාචාර්ය ජී. එල්. පීරිස්, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ලසන්ත අලගියවන්න        
| නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය: ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නීතිඥ ශිරාල් ලක්තිලක, රවී කුමුදේශ්                  
| එක්වූ සංවිධාන: දිනන දකුණ සාමූහිකය, Free Lawyers සංවිධානය, ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය සහ වෘත්තීය සමිති        
| ප්‍රධාන හෙළිදරව්ව: විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපති වෙත යැවූ ලිපිය    


ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය සහ මල්වතු මහනාහිමියන්ගේ අවධාරණය

මෙහිදී නියෝජිත පිරිස ඇමතූ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ , උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව අදහස් යොමු කර ඇති බව සඳහන් කළ බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.

සාකච්ඡාව අතරතුර අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් සඳහන් කර ඇත්තේ, වත්මන් පාලන තන්ත්‍රයේ මෙම ක්‍රියාමාර්ග අධිකරණයේ ස්වාධීනත්වයට අහිතකර ලෙස බලපාන බවයි. ආණ්ඩුවේ මෙම ප්‍රවේශය පිළිබඳව සමාජය තුළ දැඩි සංවාදයක් ගොඩනැගෙමින් පවතින බව ද ඔහු පෙන්වා දී ඇත.

WhatsApp Image 2026 08 09 at 09.35.02WhatsApp Image 2026 08 09 at 09.35.03WhatsApp Image 2026 08 09 at 09.35.03 1

අධිකරණ පද්ධතියේ ප්‍රායෝගික ගැටලු සහ නීතිඥ සංගම්වල ස්ථාවරය

සාකච්ඡාවට එක්වූ 'Free Lawyers' සංවිධානයේ නියෝජිත ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පෙන්වා දී ඇත්තේ , අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ පහළ අධිකරණවල නඩු ලක්ෂ ගණනින් ගොඩගැසී තිබීම සහ යටිතල පහසුකම් නොමැතිකම බවයි. මහනුවර අධිකරණ සංකීර්ණයේ විදුලි සෝපානය පවා දීර්ඝ කාලයක් තිස්සේ අක්‍රියව පැවතීම ඊට නිදසුනක් ලෙස දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, රජය විසින් සිදුකළ යුත්තේ මහේස්ත්‍රාත් සහ දිස්ත්‍රික් අධිකරණ සඳහා අවශ්‍ය විනිසුරුවරුන් පත්කරමින් යටිතල පහසුකම් නැංවීම මිස උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නොවන බවයි.

දිනන දකුණ සාමූහිකය, Free Lawyers සංවිධානය, ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය ඇතුළු බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති රැසක් එක්ව 'නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය' හරහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද සමඟ එක්ව මෙම ව්‍යවස්ථාපිත සංශෝධනයට එරෙහිව සියලු පාර්ශ්වයන් ඒකරාශී කරගනිමින් කටයුතු කරන බව ද නීතිඥ පිරිස මෙහිදී මහනායක හිමිවරුන් හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.

WhatsApp Image 2026 08 09 at 09.37.30WhatsApp Image 2026 08 09 at 09.37.31WhatsApp Image 2026 08 09 at 09.37.31 1

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...