BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
පුවත්

22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනපති සහ නීතිඥ සංගමය අතර හෙට (12) තීරණාත්මක සාකච්ඡාවක්!

T

The Leader Desk

August 11, 2026 • 5:17 AM

22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනපති සහ නීතිඥ සංගමය අතර හෙට (12) තීරණාත්මක සාකච්ඡාවක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන BASL ස්ථාවරය ජනාධිපතිවරයාට
  • එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පෙන්වා දුන්නේ, පවතින නඩු ගොඩගැසීමට විසඳුම වන්නේ විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීම නොව පහළ අධිකරණවල විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම සහ පවතින පුරප්පාඩු පිරවීම බවයි.
  • පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද අදහස් දක්වමින් සඳහන් කළේ අලුතින් අධිකරණ පිහිටුවීම සහ පුරප්පාඩු පිරවීම නොකර සේවා කාලය දීර්ඝ කිරීමෙන් පමණක් නඩු ඉක්මන් නොවන බවයි.
  • සමගි ජන බලවේගයේ මන්ත්‍රී අජිත් පී.
අකුරු ප්‍රමාණය (Font Size):


*අධිකරණ ස්වාධීනත්වය සහ නඩු ප්‍රමාදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර දේශපාලන සංවාදය තවදුරටත් උණුසුම්


ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුව

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කිරීමට සූදානම් වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) අතර විශේෂ සාකච්ඡාවක් හෙට, එනම් බදාදා (අගෝස්තු 12) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ රජීව් අමරසූරිය සඳහන් කළේ, අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ ස්ථාවරය පැහැදිලි කිරීමට සාකච්ඡාවක් ලබාදෙන ලෙස කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මෙම හමුව වෙන් කර ඇති බවයි.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ මහජන විශ්වාසයට ඇති විය හැකි බලපෑම පිළිබඳව නීතිඥ සංගමය මීට මාස කිහිපයකට පෙර සිටම ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කර තිබූ අතර, හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ පිළිබඳ නීතිමය කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිතය.

යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය සහ විශ්‍රාම වයස් සීමා    

| ශ්‍රේඨාධිකරණ විනිසුරුවරුන්: වයස අවුරුදු 65 සිට 67 දක්වා ඉහළ නැංවීම      

| අභියාචනාධිකරණ විනිසුරුවරුන්: වයස අවුරුදු 63 සිට 65 දක්වා ඉහළ නැංවීම    

| මහාධිකරණ විනිසුරුවරුන්: වයස අවුරුදු 61 සිට 63 දක්වා ඉහළ නැංවීම    

| දිසා විනිසුරුවරුන් සහ මහෙස්ත්‍රාත්වරුන්: වයස අවුරුදු 60 සිට 62 දක්වා ඉහළ නැංවීම  

| නීතිඥ සංගමයේ අවධානය: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව සහ අධිකරණ ස්වාධීනත්වය සුරැකීම                        

දේශපාලන වේදිකාවේ මතගැටුම සහ විපක්ෂයේ තර්ක

මේ අතර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම මගින් අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ප්‍රමාදය වැළැක්විය හැකිද යන්න පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රය තුළ ප්‍රබල සංවාදයක් නිර්මාණය වී ඇත.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පෙන්වා දුන්නේ, පවතින නඩු ගොඩගැසීමට විසඳුම වන්නේ විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීම නොව පහළ අධිකරණවල විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම සහ පවතින පුරප්පාඩු පිරවීම බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද අදහස් දක්වමින් සඳහන් කළේ අලුතින් අධිකරණ පිහිටුවීම සහ පුරප්පාඩු පිරවීම නොකර සේවා කාලය දීර්ඝ කිරීමෙන් පමණක් නඩු ඉක්මන් නොවන බවයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව යටතේ පවතින විශ්‍රාම යෑමේ වයස වෙනස් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුවම බලපාන බැවින් ආණ්ඩුව ඒ පිළිබඳව බරපතල ලෙස සැලකිලිමත් විය යුතු බවයි.  

ආණ්ඩුවේ ප්‍රතිචාරය  

එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ, අධිකරණ සංශෝධන හරහා රට ආඥාදායකත්වයකට යන බවට විපක්ෂය පදනම් විරහිත චෝදනා නගන බවයි. නීතියේ ආධිපත්‍යය තදින් ක්‍රියාත්මක වන විට විපක්ෂයේ පිරිස් කලබලයට පත්ව ඇති බවත්, අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා වන පියවරයන් වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...