BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
පුවත්

22 වන ව්‍යවස්ථා සංශෝධනය සහ මහානාහිමිවරුන්ගේ ලිපිය ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

T

The Leader Desk

August 11, 2026 • 4:31 PM

22 වන ව්‍යවස්ථා සංශෝධනය සහ මහානාහිමිවරුන්ගේ ලිපිය ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර මහානාහිමිවරුන් හමුවූ බවට තහවුරු කිරීමක්
  •   ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර ඇත.
  • එමෙන්ම අග්‍රවිනිශ්චයකාරවරයා වයස අවුරුදු 67ට එළඹෙන දිනය හෝ විනිශ්චයකාර ධූරයට පත්වූ දින සිට වසර 06ක කාලසීමාව සම්පූර්ණ වන දිනය යන දිනයන්ගෙන් කලින් එළඹෙන දිනයේදී විශ්‍රාම යා යුතු බවට වන නව ප්‍රතිපාදනයක් ද ඇතුළත් කර තිබේ.
  • මීට අමතරව ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කරමින්, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 19 දෙනෙකුගේ සිට 24 දෙනෙකු දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


22 වන සංශෝධනය මගින් උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සහ අභියාචනාධිකරණ විනිසුරු සංඛ්‍යාව ඉහළ නැංවීමට යෝජනා


මහානාහිමිවරුන්ගේ ලිපිය සහ රජයේ පැහැදිලි කිරීම

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව පවසමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමුකරන ලද ලිපිය ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තහවුරු කළේය. 2026 අගෝස්තු 11 වන දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අදාළ සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට පෙර, තමන් සහ අධිකරණ අමාත්‍යවරයා (හර්ෂණ නානායක්කාර ) මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහානායක හිමිවරුන් හමුවී ඊට අදාළ අරමුණු සහ කරුණු පැහැදිලි කිරීමට පියවර ගත් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

 
      22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ප්‍රධාන යෝජනා    

| ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස: අවුරුදු 65 සිට 67 දක්වා ඉහළ නැංවීම                                        

| අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස: අවුරුදු 63 සිට 65 දක්වා ඉහළ නැංවීම                                        

| අග්‍රවිනිශ්චයකාරවරයාගේ විශ්‍රාම යාම: වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ ධූරයට පත්වී වසර 6ක් පිරෙන දිනයෙන් කලින් එළඹෙන දිනය

| අභියාචනාධිකරණ විනිසුරු සංඛ්‍යාව: විනිසුරුවරුන් 19 දෙනාගේ සීමාව 24 දෙනෙකු දක්වා ඉහළ නැංවීම                          

| මහාධිකරණ සහ පහළ අධිකරණ විනිසුරුවරුන්: විශ්‍රාම වයස අවුරුදු 61 සිට 63 දක්වා ඉහළ නැංවීම (අධිකරණ සංවිධාන පනත සංශෝධනයෙන්)


22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතුළත් කරුණු

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි 2026 අගෝස්තු 07 වන දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාවේ 5 වන අනුව්‍යවස්ථාව සහ 137 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජිතය.  

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර ඇත. එමෙන්ම අග්‍රවිනිශ්චයකාරවරයා වයස අවුරුදු 67ට එළඹෙන දිනය හෝ විනිශ්චයකාර ධූරයට පත්වූ දින සිට වසර 06ක කාලසීමාව සම්පූර්ණ වන දිනය යන දිනයන්ගෙන් කලින් එළඹෙන දිනයේදී විශ්‍රාම යා යුතු බවට වන නව ප්‍රතිපාදනයක් ද ඇතුළත් කර තිබේ.

මීට අමතරව ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කරමින්, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 19 දෙනෙකුගේ සිට 24 දෙනෙකු දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.


අධිකරණ සංවිධාන පනත් සංශෝධනය සහ අධිකරණ පද්ධතියේ වෙනස්කම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමාන්තරව නිකුත් කර ඇති අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත මගින් මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල සේවය කරන සසු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 61 සිට 63 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

අධිකරණ පද්ධතියේ දැනට පවතින ලක්ෂ 11කට අධික නඩු ප්‍රමාදය අවම කිරීම, ජ්‍යෙෂ්ඨ සහ පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීම සහ විනිසුරු පුරප්පාඩු හේතුවෙන් සිදුවන නඩු විමර්ශන ප්‍රමාදයන් වැළැක්වීම මෙම සංශෝධනයන්හි මූලික අරමුණ බව රජය පෙන්වා දෙයි. කෙසේවෙතත්, මෙම සංශෝධනයන්හි පවතින නීතිමය සහ ප්‍රායෝගික පැති සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ විද්වතුන් සහ විපක්ෂය අතර සංවාදයක් නිර්මාණය වී ඇත.  

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...