BREAKING
'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●
Top Ad
පුවත්

22 වැනි සංශෝධනය සහ අධිකරණ ස්වාධීනත්වය: වෘත්තිකයෝ කොළඹදී හඬ නගති

T

The Leader Desk

August 20, 2026 • 8:16 AM

22 වැනි සංශෝධනය සහ අධිකරණ ස්වාධීනත්වය: වෘත්තිකයෝ කොළඹදී හඬ නගති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාකච්ඡාවකින් තොරව ගෙනෙන ව්‍යවස්ථා සංශෝධන අවදානම් සහගත බවට නීතිඥ ප්‍රජාවගෙන් අනතුරු ඇඟවීමක්
  • ද සිල්වා  පෙන්වා දුන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් සාමාන්‍ය පනතක් සම්මත කරගන්නා ආකාරයෙන් සරලව සිදු නොකළ යුතු බවයි.
  • රජය බලයට පත්වීමට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ පරිදි විද්වත් මණ්ඩල සහ වෘත්තිකයන් සමග ප්‍රමාණවත් ලෙස සාකච්ඡා කර අදහස් ලබාගැනීමේ ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව එතුමා සඳහන් කළේය.
  • අධිකරණ බලතල සහ ව්‍යුහාත්මක සංශෝධන නීතිඥ ගාමිණී අලවිස් සිය අදහස් දැක්වීමේදී සඳහන් කළේ මෙම සංශෝධනය හුදෙක් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පමණක් සීමා නොවූවක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස, පුරප්පාඩු සහ අධිකරණ බලය විමමධ්‍යගත කිරීම ගැන පුළුල් සංවාදයක්


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ අධිකරණ පද්ධතියට අදාළව සංශෝධන සිදු කිරීමේදී පාර්ශ්වකරුවන්ගේ පුළුල් එකඟතාව හා විනිවිදභාවය අත්‍යවශ්‍ය සාධකයක් බව නීති සහ සමාජ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අවධාරණය කරති. “අපේ පරමාධිපත්‍ය ආරක්ෂා කරමු!” (Save our Sovereignty – SOS) සංවිධානය විසින් අධිකරණයේ ස්වාධීනත්වය, ජනතා පරමාධිපත්‍ය සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තේමා කරගනිමින් කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන (OPA) ශාලාවේදී ඊයේ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී මෙම කරුණු සාකච්ඡාවට බඳුන් විය.

විද්වත් කතිකාවතක අවශ්‍යතාව

සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපති නීතිඥ යු. ආර්. ද සිල්වා  පෙන්වා දුන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් සාමාන්‍ය පනතක් සම්මත කරගන්නා ආකාරයෙන් සරලව සිදු නොකළ යුතු බවයි. රජය බලයට පත්වීමට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ පරිදි විද්වත් මණ්ඩල සහ වෘත්තිකයන් සමග ප්‍රමාණවත් ලෙස සාකච්ඡා කර අදහස් ලබාගැනීමේ ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව එතුමා සඳහන් කළේය.

 



ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීති විශාරදයන් මෙන්ම අදාළ ප්‍රතිලාභ ලබන විනිසුරුවරුන් සමග විවෘත සංවාදයක් පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති නීතිඥවරයා, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ නීති සංශෝධන හා බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා මීට පෙර සකස් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම කල්ගත වීම පිළිබඳවද කරුණු පැහැදිලි කළේය.

අධිකරණ බලතල සහ ව්‍යුහාත්මක සංශෝධන

නීතිඥ ගාමිණී අලවිස් සිය අදහස් දැක්වීමේදී සඳහන් කළේ මෙම සංශෝධනය හුදෙක් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පමණක් සීමා නොවූවක් බවයි.

| ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි ව්‍යවස්ථාව යටතේ අභියාචනාධිකරණයේ අධිකරණ බලය ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවලිය.

| ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමේ අවශ්‍යතාව.

| නීති ක්ෂේත්‍රයේ යෝජිත ව්‍යුහාත්මක වෙනස්කම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීම හෝ මහජන මතය විමසීම.



නීතිඥවරුන් අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමට හෝ නඩු කඩිනම් කිරීමට කිසිවිටෙකත් විරුද්ධ වී නොමැති බව සිහිපත් කළ නීතිඥ ගාමිණී අලවිස්, නව ප්‍රතිසංස්කරණ තුළින් අධිකරණ පද්ධතියේ ගෞරවය සහ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතු බව පෙන්වා දුන්නේය.

 



ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ජනවරම

අධිකරණයේ ස්වාධීනත්වය මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ පදනම බව පෙන්වා දුන් නීතිඥ චරිත් ගල්හේන, විනිසුරු පත්වීම් සහ විශ්‍රාම වයස පිළිබඳ තීරණ ගැනීමේදී විනිවිදභාවය උපරිමයෙන් පැවතිය යුතු බව ප්‍රකාශ කළේය.

සමාජ විචාරක විපුල කරුණාතිලක  අදහස් දක්වමින් කියා සිටියේ, විශාල ජනවරමකින් පත්වූ රජයකින් මහජනතාව අපේක්ෂා කරන්නේ විනිවිදභාවය සහ සියලු පාර්ශ්වයන්ගේ අදහස්වලට සවන්දෙන පාලන රටාවක් බවයි. බහුතර බලය මෙන්ම විරුද්ධ මතයන්ද සාධනීයව සලකා බලා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ යහපත් පූර්වාදර්ශ ආරක්ෂා කරමින් කටයුතු කිරීම පාලන තන්ත්‍රයේ ප්‍රධාන වගකීමක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...