BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

22 වැනි සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයට හානි: සාලිය පීරිස්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

T

The Leader Desk

August 25, 2026 • 3:42 AM

22 වැනි සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයට හානි: සාලිය පීරිස්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් නඩු කටයුතු වේගවත් නොවන බවට තර්කයක්
  • මේ සංශෝධනයේ ප්‍රශ්නේ 2/3ක් ඕනෙද, 2/3යි ජනමත විචාරණයකුත් ඕනෙද කියන එක නෙවෙයි.
  • සමහර සංශෝධන තියෙනවා 2/3කුයි ජනමත විචාරණයයි දෙකෙන්ම සම්මත කරපු.
  • ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, මේ රටේ ජනතාවට, මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන කාරණාවක්," යනුවෙන් ඔහු සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


*ජනතාවගේ පරමාධිපත්‍යය සුරැකීමට පාර්ලිමේන්තු බහුතරයට අමතරව ජනමත විචාරණයක් ද අත්‍යවශ්‍යයි

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට දැඩි බලපෑමක් එල්ල වන බැවින් එය කිසිසේත්ම සිදු නොකළ යුතු සංශෝධනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කරයි.

ටීවී දෙරණ නාලිකාවේ විකාශය වූ '360' කාලීන දේශපාලන සංවාදයට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, අධිකරණයේ පැවැත්මට හා ස්වාධීනත්වයට සෘජුව බලපාන මෙවැනි ප්‍රතිසංස්කරණ හුදෙක් නීතිමය ක්‍රියාවලියකට පමණක් සීමා නොවිය යුතු බවත්, ඒවා ජනතාවගේ පරමාධිපත්‍යය හා බැඳී පවතින බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අමතරව ජනමත විචාරණයක් ද අත්‍යවශ්‍ය සාධකයක් වන බවත්ය.

විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ නඩු කටයුතුවල ප්‍රමාදය

ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම මඟින් නඩු කටයුතු කඩිනම් වන බවට සමාජගත වන මතය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, අධිකරණ ක්‍රමයේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය පැහැදිලි කළේය.

"අපේ තර්කය වෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන ඕනෑම සංශෝධනයකට ජනමත විචාරණයක් ඕනේ. මොකද ඒකේ බලපෑමක් වෙනවා ජනතාවගේ පරමාධිපත්‍යයට. මේ සංශෝධනයේ ප්‍රශ්නේ 2/3ක් ඕනෙද, 2/3යි ජනමත විචාරණයකුත් ඕනෙද කියන එක නෙවෙයි. මේ සංශෝධනය නොකළ යුතු සංශෝධනයක්. සමහර සංශෝධන තියෙනවා 2/3කුයි ජනමත විචාරණයයි දෙකෙන්ම සම්මත කරපු. සමහර දේවල් තියෙනවා සදාචාරාත්මක නොවෙන. ඒ නොකළ යුතු දේවල් මේ වගන්තිවලට අනුව තීරණය වෙන්නේ නැහැ. ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, මේ රටේ ජනතාවට, මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන කාරණාවක්," යනුවෙන් ඔහු සඳහන් කළේය.

සාමාන්‍ය මහජනතාවට සෘජුව බලපාන මෙන්ම මූල්‍ය හෝ දූෂණ චෝදනා සම්බන්ධ බොහෝ නඩු විභාග වන්නේ මහෙස්ත්‍රාත් සහ මහාධිකරණ වැනි බිම් මට්ටමේ පහළ අධිකරණවල බව පැහැදිලි කළ ජනාධිපති නීතිඥවරයා, ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම හරහා පහළ අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කළ නොහැකි බව පෙන්වා දුන්නේය.

"කොහොමද විශ්‍රාම වයස වැඩි කිරීම තුළින් නඩු වේගවත් වෙන්නේ? මොකද හොරුන්ගේ නඩු කොහෙද තියෙන්නේ? හොරුන්ගේ නඩු තියෙන්නේ මහේස්ත්‍රාත් උසාවිවල. පහළ උසාවිවල. නැත්තම් මහාධිකරණයේ. එතකොට මහාධිකරණයේ හරි මහේස්ත්‍රාත් අධිකරණයේ හරි අපි හොරු කියලා කියන අයගේ නඩු ඉක්මන් වෙන්නේ කොහොමද විශ්‍රාම වයස වැඩි කරලා? මේ ඊළඟ අවුරුදු දෙකේ හෝ තුනේ ඔය හොරුන්ගේ නඩු අහන මහාධිකරණ විනිශ්චයකාරවරු විශ්‍රාම යනවාද? ඒකයි මම කියන්නේ මේක සම්පූර්ණ බොරු කතාවක්."

නීති ක්ෂේත්‍රයේ මතය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ භූමිකාව

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීති ප්‍රජාව තුළ පවතින විවිධ අදහස් පිළිබඳව අදහස් දක්වමින් සාලිය පීරිස් අවධාරණය කළේ, වෘත්තීය නීතිඥවරුන්ගේ ප්‍රධානතම නියෝජනය වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය තුළ තම ස්ථාවරය ප්‍රකාශ කිරීමට සාමාජිකයන්ට විවෘත අවස්ථාව පවතින බවයි.

"නීතිඥවරු නියෝජනය කරන්න එක ප්‍රධාන සංගමයයි තියෙන්නේ. ඒ තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය. නීතිඥවරු බහුතරයක් විරුද්ධ නම් ඒ අය ඔය මහා සභා රැස්වීමට ඇවිල්ලා විරුද්ධ වෙනවා. විරුද්ධ වෙලා ඔය 22ට විරුද්ධව ගෙනාපු යෝජනාව පරාද කරනවා. නීතිඥ සංගමයේ සාමාජිකයන් මේ සභාපතිතුමා කියන විදියට නටන්නේ නෑ. තමුන්ලා විරුද්ධ නම් ඇවිල්ලා කියනවා. ඔය ජනප්‍රිය නීතිඥවරු කියලා තැනින් තැන මේ ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙන නීතිඥවරු කීප දෙනෙක් ඉන්නවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ. එක මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්තයා කටක් ඇරලා කිව්වේ නෑ එක විධායක කමිටු රැස්වීමකවත් මම මේකට විරුද්ධයි කියලා."

අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ස්වාධීන අධිකරණ ආචාරධර්ම ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ වැදගත්කම මෙන්ම, ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළ පුළුල් පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීම ප්‍රජාතන්ත්‍රවාදී යහපැවැත්මට අත්‍යවශ්‍ය වන බව ද නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ පොදු නිරීක්ෂණය වී තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

22 වැනි සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයට හානි: සාලිය පීරිස්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක් | The Leader