BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

22 සංශෝධනයට ජනමත විචාරණයක් ඉල්ලා නීතිඥ සංවිධානයකින් පෙත්සමක්

T

The Leader Desk

August 29, 2026 • 12:17 PM

 22 සංශෝධනයට ජනමත විචාරණයක් ඉල්ලා නීතිඥ සංවිධානයකින් පෙත්සමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව පවසමින් ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ පෙත්සමක් ගොනු කරති
  • පෙත්සමෙන් මතු කරන ප්‍රධාන නෛතික තර්ක 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ' සංවිධානය අවධාරණය කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වය යනු තනි තනි විනිසුරුවරුන්ට හිමි වරප්‍රසාදයක් නොව, සමස්ත මහජන පරමාධිපත්‍යය සුරක්ෂිත කෙරෙන මූලික ආරක්ෂණ පවුරක් බවයි.
  • රජය සහ අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති ලක්ෂ සංඛ්‍යාත නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා පළපුරුදු සහ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය අඛණ්ඩව ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
  • 1978 ව්‍යවස්ථාව සම්පාදනය කළ අවධියට සාපේක්ෂව වර්තමානයේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව ඉහළ ගොස් තිබීම ද මෙම තීරණයට හේතුවක් ලෙස සාකච්ඡාවට බඳුන්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

* අධිකරණයේ ස්වාධීනත්වය සහ පරමාධිපත්‍ය බලය පිළිබඳ නෛතික සංවාදය යළි කරළියට


ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ තීරණයක් අපේක්ෂාවෙන් පෙත්සමක් ගොනු කර තිබේ. ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ (Lawyers for Democracy) සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදත් නෙත්තිසිංහ විසින් මෙම පෙත්සම (SC/SD/73/26) ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 යන වගන්ති ප්‍රකාරව ගොනු කරන ලද මෙම පෙත්සම මගින් පෙන්වා දෙන්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය සමග නොගැළපෙන බැවින්, එය සම්මත කිරීමට නම් 83 වන වගන්තිය යටතේ ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බවයි. නීතිඥ දිනුෂ් රන්දෙණියගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ අස්තික දේවේන්ද්‍ර සහ නීතිඥ අභීත දිනේත්‍රි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිති.


පෙත්සමෙන් මතු කරන ප්‍රධාන නෛතික තර්ක

'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ' සංවිධානය අවධාරණය කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වය යනු තනි තනි විනිසුරුවරුන්ට හිමි වරප්‍රසාදයක් නොව, සමස්ත මහජන පරමාධිපත්‍යය සුරක්ෂිත කෙරෙන මූලික ආරක්ෂණ පවුරක් බවයි.

දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ට ද බලපාන පරිදි උසස් අධිකරණවල ධුර කාලය හෝ සංයුතිය වෙනස් කිරීම, පුළුල් මහජන උපදේශනයකින් තොරව සිදුවීම, අධිකරණ ඇසිරීම (court packing) පිළිබඳ මතු විය හැකි සැක සංකා සහ අධිකරණ ක්ෂේත්‍රය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳවැටීමේ අවදානම පිළිබඳව ද පෙත්සම මගින් කරුණු මතු කර තිබේ.


රජයේ ස්ථාවරය සහ ඉදිරිපත් වන තර්ක


ඉදිරිපත් කර ඇති 22 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් වසර දෙකකින් දීර්ඝ කිරීමට යෝජනා කර ඇත.

රජය සහ අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති ලක්ෂ සංඛ්‍යාත නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා පළපුරුදු සහ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය අඛණ්ඩව ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි. 1978 ව්‍යවස්ථාව සම්පාදනය කළ අවධියට සාපේක්ෂව වර්තමානයේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව ඉහළ ගොස් තිබීම ද මෙම තීරණයට හේතුවක් ලෙස සාකච්ඡාවට බඳුන්ව ඇත.  


නීති ක්ෂේත්‍රයේ සහ ජාත්‍යන්තර අවධානය


මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරට නීතිඥ ප්‍රජාව, විනිසුරුවරුන්ගේ සංගම් මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ද විවිධ මතභේද මතු වී තිබේ. දැනට සේවයේ සිටින විනිසුරුවරුන්ට ද බලපැවැත්වෙන පරිදි මෙවැනි ප්‍රතිසංස්කරණ හදිසියේ සිදුකිරීම හරහා විධායකයේ බලපෑම් පිළිබඳ සංවාදයක් නිර්මාණය විය හැකි බව එක්සත් ජාතීන්ගේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිතවරිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් පෙන්වා දී ඇත.  

ඒ සමගම, 21 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා පත්වීම් විනිවිදභාවයකින් යුතුව සිදුවන බැවින්, සේවා කාලය දීර්ඝ කිරීම නෛතික අඛණ්ඩතාවයට සහායක් වන බවට තවත් පාර්ශ්ව තර්ක කරති.  

ව්‍යවස්ථානුකූලව මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව, කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් පමණක් ප්‍රමාණවත් ද නැතහොත් ජනමත විචාරණයක් ද අත්‍යවශ්‍ය වන්නේ ද යන්න පිළිබඳ සිය තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරියේදී කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිතය. 

Suda 2026.08.29 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...