The Leader News
BREAKING
Top Ad
පුවත්

චම්පික 'සිරිකොතට' ගොස් ජනපතිව හමුවෙයි

T

The Leader Desk

February 24, 2024 • 6:29 PM

චම්පික 'සිරිකොතට' ගොස් ජනපතිව හමුවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
  • ජනාධිපතිවරයා ඒ බව පවසා සිටියේ, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීය.
  • පසුගිය පෙබරවාරි 14 වනදා එක්සත් ජනරජ පෙරමුණ විසින් 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' නමින් ජනගත කරනු ලැබූ පොදු අවම වැඩපිළිවල යටතේ සියලු පක්ෂ සමඟ සාකච්ජා සිදුකිරීමට යෝජනා වූ අතර එහි එක් පියවරක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනරජ පෙරමුණ වෙත ආරාධනයක් සිදුකර තිබිණි.
  • එම ආරාධනය අනුව ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හා එහි නායකයන් අද (24) දින සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයෙදී සාකච්ජාවක් පැවැත්විණ.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා ඒ බව පවසා සිටියේ, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීය.

පසුගිය පෙබරවාරි 14 වනදා එක්සත් ජනරජ පෙරමුණ විසින් 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' නමින්  ජනගත කරනු ලැබූ පොදු අවම වැඩපිළිවල යටතේ සියලු පක්ෂ සමඟ සාකච්ජා සිදුකිරීමට යෝජනා වූ අතර එහි එක් පියවරක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනරජ පෙරමුණ වෙත ආරාධනයක් සිදුකර තිබිණි.

එම ආරාධනය අනුව ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හා එහි නායකයන් අද (24) දින සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයෙදී සාකච්ජාවක් පැවැත්විණ.

මේ අවස්ථාව සඳහා එක්සත් ජාතික නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, පක්ෂ මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර, රොනල්ඩ් පෙරේරා හා එක්සත් ජනරජ පක්ෂය වෙනුවෙන් දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් වන නීතිඥ ශිරාල් ලක්තිලක හා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල සම්බන්ධ විය.


ජනාධිපතිවරයා ජනරජ පෙරමුණේ යෝජනාවන් ඉහලින්ම අගයයි

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජනරජ පෙරමුණේ මෙම වැඩපිළිවල අධ්‍යනය කළ බවත් එය ඉතා වැදගත් වැඩපිළිවලක් බවත් මේ මොහොතේ ආර්ථික ස්ථායිකරණය සඳහා රාජ්‍ය අදායම ඉහළ දැමීමට තමන්ද කටයුතු කරමින් සිටින බවත් ජනරජ පෙරමුණේ යෝජනාවන් සේම අදායම් අධිකාරියක් වැනි වැඩපිළිවලක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

lkjdsjsdjg


එමෙන්ම දේශපාලන ක්‍රියාමාර්ගය පිළිබඳව දෙපාර්ශයේ සාකච්ජා සිදුවූ අතර එහිදී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ ඉදිරියේදී පවතින මැතිවරණ සඳහා මෙවැනි පොදු අවම වැඩපිළිවලක් බලගැන්විය හැකි සන්ධානයක් අවශ්‍ය බවයි. ඒ අනුව ජනාධිපතිවරයාද පවසා සිටියේ එවැනි අදහසකට තමන්ගේද කැමැත්තක් ඇති බවයි. විශේෂයෙන්ම IMF ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මාර්තු මස අග බාගයේදී සියලු පක්ෂ සමඟ සාකච්ජා කිරීමට තමන්ද අරමුණු කරගෙන ඇති බව රනිල් වික්‍රමසිංහ පවසා සිටියේය.


තවද වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ඉදිරියේදී මහ මැතිවරණයක් හෝ  ජනමත විචාරණයක් නොපවත්වන බවත් පවත්වනු ලබන්නේ ජනාධිපතිවරණය බවත්ය.

ඒ අනුව ජනරජ පෙරමුණේ නායකයන් පවසා සිටියේ ඉදිරි මැතිවරණයකදී මෙවැනි පොදු වැඩපිළිවලක් ඉදිරියට පැමිණිය යුතු බවත් එමගින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වියයුතු අපේක්ෂකයා ජනතා මනාපයෙන් ජයග්‍රහණය කළ හැකි අයෙකු වීම හා ජයග්‍රහණයෙන් පසු රට පාලනය කළ හැකි නායකයෙකු වියයුතු බවත්ය. එහිදී ජනරජ පෙරමුණේ නායකයන්ගේ එම අදහස ජනාධිපතිවරයාද අනුමත කරන ලදී.

එමෙන්ම මෙම සාකච්ජා පක්ෂ ලේකම්වරු මාර්ගයෙන් ඉදිරියටත් කරගෙන යාම සඳහා දෙපාර්ශවයේම එකඟතාවය ඇතිවිය.

සාකච්ජාවෙන් අනතුරුව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වන ලදී.

''ඕනෑම මැතිවරණයකට ගැලපෙන අපේක්ෂකයන් තෝරා ගැනීමට සුදානම්''

"දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩපිළිවෙළ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළා. සමගි ජන බලවේගය වෙත එය ඉදිරිපත් කෙරෙන්නේ සඳුදායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද එය ඉදිරිපත් කළා. සෙසු සියලු දේශපාලන පක්ෂ සහ සංවිධාන වෙත ද, දේශය වෙනුවෙන් එක්වන පියවරක් ප්‍රායෝගික වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම එක්සත් ජනරජ පෙරමුණේ අපේක්ෂාවයි. යෝජිත වැඩපිළිවෙළ සඟවාගෙන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් ජනරජ පෙරමුණට නොමැත. සමස්ත ජනතාව වත්මන් අර්බුදවලින් මුදා ගැනීම අරමුණ නිසා, පුළුල් ක්‍රියාත්මක වීමක් අවශ්‍ය වෙයි. ඒ සඳහා පුළුල් මනුෂ්‍යත්වයේ සන්ධානයක් ගොඩනැගීම අපේක්ෂාවයි.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් සෑම පාර්ශ්වයක් වෙතම ලබා දීම එහි මූලික පියවරකි. ජනතාව පිළිබඳ සිතන පාර්ශවවලට මෙම වැඩපිළිවෙළට ක්‍රියාකාරීව එක්විය හැකිය. වංචනිකයන්, සොරුන් සහ රට බංකොලොත් කිරීමට සම්බන්ධ කණ්ඩායම් සහ පුද්ගලයන් ද පාර්ලිමේන්තුවේ සිටී. එහෙත් අවංක, නිවැරදි, පිරිසුදු සාමාජිකයෝ ද පාර්ලිමේන්තුවේ සිටිති. නව වැඩපිළිවෙළ සමග එක්ව ජනතාව පීඩනයෙන් මුදා ගැනීමට ඔවුන්ට අවකාශයක් තිබෙනවා. ඉදිරි සති කිහිපයේදී මනුෂ්‍යත්වයේ සන්ධානය විධිමත් ලෙස ගොඩ නැගේ. එමගින් ඉදිරි ඕනෑම මැතිවරණයකට ගැලපෙන අපේක්ෂකයන් තෝරා ගැනීමට සුදානම්. වසර 5 කදී, පවතින අර්බුදයෙන් රට මුදාගෙන, සංවර්ධනය කළ හැකි පුද්ගලයන් මැතිවරණ සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ." 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...