කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් සමගි

ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කර තිබේ.

මාර්ගගත සුරක්ෂිතතා පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ සහ යෝජනා මුළුමනින්ම බැහැර කොට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සම්මත වී ඔහු එයට අත්සන් තබා රටේ නීතියක් බවට පත් කර ඇත්තේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අනීතික ක්‍රමවේදයක් තුළ බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ඒ තුළින් කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පවා උල්ලංඝනය කර ඇති බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධනට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේය.

 

කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති ආකාරයට උත්තරීතර නීතිය අනුගමනය කරමින් නිවැරදිව ක්‍රමවත්ව අණපනත් සම්මත කර ගැනීම සිදු කළ යුතු වුවත් එය ඔහු හිතාමතාම උල්ලංඝනය කර ඇති බවත්, එම නිසා මාර්ගගත සුරක්ෂිතතා පනත සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය තුළ කතානායකවරයාගේ ක්‍රියාකලාපය ගැන ඔහුට අප්‍රසාද පළ කරමින් ඔහු තුළ ඇති විශ්වාසය භංග වී ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.

 

අවස්ථා ගණනාවකදී සභාගර්බය තුළ හා ඉන් පිටත මේ වැරදි දේ නිවැරදි කර ගන්නා ලෙස තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනා ඉදිරිපත් කළත් ඔහු හිතාමතාම එම යෝජනා බැහැර කිරීම නිසා මෙවැනි විශ්වාසභංග යෝජනාවකට මුල පුරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

විශ්වාස භංග යෝජනාව සම්බන්ධව ඊළඟ පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡාවට ලක් කරන බවත් ඉන් පසුව කඩිනමින් එය විවාදයට ගෙන ඔහුව තනතුරෙන් ඉවත් කිරිමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

bhanga 1bhanga 2
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්