The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

සංහිඳියාවාදී ලෙස පෙනී ඉඳිමින් ආණ්ඩුව ‘සිංහල බෞද්ධකරණයේ’

T

The Leader Desk

March 21, 2024 • 3:55 PM

සංහිඳියාවාදී ලෙස පෙනී ඉඳිමින් ආණ්ඩුව ‘සිංහල බෞද්ධකරණයේ’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බවට ශිෂ්‍ය සංගමයක් ආණ්ඩුවට චෝදනා එල්ල කර තිබේ.
  • යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී මාර්තු 19 වැනිදා උද්ඝෝෂණයක් දියත් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ.
  • තුවාකරන් අවධාරණය කළේ එම පහත් ක්‍රියාව වහාම නැවැත්විය යුතු බවයි.
  • "ඇත්තටම මේ ආණ්ඩුව දැන් උතුරු නැඟෙනහිර පළාත්වල සැලසුම් සහගත සිංහල බෞද්ධකරණයක් කරගෙන යනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

බවට ශිෂ්‍ය සංගමයක් ආණ්ඩුවට චෝදනා එල්ල කර තිබේ.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී මාර්තු 19 වැනිදා උද්ඝෝෂණයක් දියත් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. තුවාකරන් අවධාරණය කළේ එම පහත් ක්‍රියාව වහාම නැවැත්විය යුතු බවයි.

"ඇත්තටම මේ ආණ්ඩුව දැන් උතුරු නැඟෙනහිර පළාත්වල සැලසුම් සහගත සිංහල බෞද්ධකරණයක් කරගෙන යනවා. ඒක අපි කවදාවත් පිළිගන්නේ නැහැ. ජාත්‍යන්තර ප්‍රජාවට සංහිඳියාවාදියකු ලෙස පෙනී සිට පිටරටින් හිඟාකමින් උතුරු-නැගෙනහිර දෙමළ ජනයාගේ සම්ප්‍රදායික සිද්ධස්ථාන ඉලක්ක කර සිංහල බෞද්ධකරණය නරකම ආකාරයෙන් සිදුකිරීම පහත් දෙයක්. මෙය වහා නැවැත්විය යුතුයි."

වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදි ලිංගේස්වර කෝවිලේ මහා ශිව රාත්‍රී වන්දනා කටයුතු සිදු කරමින් සිටියදී මාර්තු 8 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් හින්දු භක්තිකයන් අට දෙනකු අත්අඩංගුවට ගැනීම මෙම විරෝධයට ආසන්නම හේතුව වී තිබුණි.

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් හින්දු ආගමික වතාවත් පැවැත්වූ බවට චෝදනා කොට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි හින්දු බැතිමතුන් පිරිසට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලිසියට  කරුණු නොමැති වීමෙන් නඩුව නිෂ්ප්‍රභ කර ඔවුන් සියළු දෙනා නිදහස් කිරීමට වව්නියා දිසා  විනිසුරු පෘත්වී සුබ්‍රමානියම්  මාර්තු 19 වැනිදා  නියෝග කළාය.

“සැලසුම් සහගත දෙමළ වර්ග සංහාරය අත් හිටවනු, වෙඩුක්කුනාරී අපේ සම්පතයි, උතුර සහ නැගෙනහිර දෙමළ ජනයාගේ නිජභුමියයි, මයිලත්තමඩු අපේ සම්පතයි, සිංහල බෞද්ධකරණය වහා නවත්වනු,” ආදී සටන්පාඨ පෙරටු කරගනිමින් ශිෂ්‍යයන් විරෝධතාවය දියත් කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.


උතුරු, නැගෙනහිර දෙමළ ජනයාගේ සම්ප්‍රදායික සිද්ධස්ථාන ඉලක්ක කර සිදු කෙරන  සිංහල බෞද්ධකරණය සම්බන්ධයෙන් දෙමළ දේශපාලන නායකයන් ද අවධානය යොමු කළ යුතු බව එහිදී පැවැසු ශිෂ්‍ය සංගම් නායක කේ. තුවාකරන් වැඩි දුරටත් අවධාරණය කළේ, දෙමළ ජනයාගේ භුමියෙහි බලහත්කාරයෙන් වාඩිලා සිටින හමුදාව වහාම ඉන් ඉවත් විය යුතු බවයි.


"හමුදාව අපේ ආගමික ස්ථාන, තණබිම්, කෘෂිකාර්මික ඉඩම් ඇතුළු සියල්ල අත්හැර යා යුතුයි. මේ රජය අපේ ජනතාවට තමන්ගේ ඉඩම්වල නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව සලසා දිය යුතුයි."

පොලිසිය සහ පුරාවිද්‍යා නිලධාරීන් විසින් වෙඩුක්කුනාරි කන්දේ ආගමික වතාවත් පැවැත්වීමට බාධා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නායකත්වය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්ද ගොනුකර තිබේ.

සබැඳි පුවත් :
වෙඩුක්කුනාරි කන්දේදී පොලිසියෙන් අත් අඩංගුවට ගත් සියලුදෙනා උසාවියෙන් නිදහස්

kjft5

  


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...