The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ත්‍රස්ත පොලිසිය දෙමළ තරුණයන් හඹා යාම උත්සන්න කරයි

T

The Leader Desk

March 27, 2024 • 3:18 AM

ත්‍රස්ත පොලිසිය දෙමළ තරුණයන් හඹා යාම උත්සන්න කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) වෙත හිටපු LTTE සාමාජිකයන් මෙන්ම රජයේ සේවකයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු උතුරේ දෙමළ තරුණයන් කැදවීම් ද අඛණ්ඩව වාර්තා වන බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
  • වව්නියාව, ඕමන්ත ප්‍රදේශයේ පදිංචි මාපිය යුවලක් ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ වසර හයකට වැඩි කාලයක් විදේශ ගතව සිටින සිය පුතුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දීමත් සමග තමන් බියෙන් පසුවන බවයි.
  • වසරේ සිට විදෙස් ගතව සිටින වව්නියාව, ඕමන්ත ප්‍රදේශයේ පදිංචි කරුවකු වු ධර්මලිංගම් රදීපන් (32) ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ගිය වසරේදී කැදවීමක් සිදු කර ඇත.
  • මේ වසරේ ජනවාරි 10 වැනිදා ද සිංහල භාෂාවෙන් ලියන ලද ලිපියක් පොලීසිය තමන්ට භාර දුන් බව පළාත් බද වාර්තාකරුවන් සමග පවසා ඇති තරුණයාගේ දෙමාපියන් සඳහන් කර ඇත්තේ එහි ලියා ඇත්තේ කුමක්ද යන්න ගැන තමන්ට අවබෝධයක් නැති කමින් ඒ සම්බන්ධයෙන් තැකීමක් සිදු නොකළ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

භිතියට පත්ව සිටිති.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) වෙත හිටපු LTTE සාමාජිකයන් මෙන්ම රජයේ සේවකයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු උතුරේ දෙමළ තරුණයන් කැදවීම් ද අඛණ්ඩව වාර්තා වන බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

වව්නියාව, ඕමන්ත ප්‍රදේශයේ පදිංචි මාපිය යුවලක් ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ වසර හයකට වැඩි කාලයක් විදේශ ගතව සිටින සිය පුතුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දීමත් සමග තමන් බියෙන් පසුවන බවයි.

2018 වසරේ සිට විදෙස් ගතව සිටින වව්නියාව, ඕමන්ත ප්‍රදේශයේ පදිංචි කරුවකු වු ධර්මලිංගම් රදීපන්  (32) ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ගිය වසරේදී කැදවීමක් සිදු කර ඇත.

මේ වසරේ ජනවාරි 10 වැනිදා ද සිංහල භාෂාවෙන් ලියන ලද ලිපියක් පොලීසිය තමන්ට භාර දුන් බව පළාත් බද වාර්තාකරුවන් සමග පවසා ඇති තරුණයාගේ දෙමාපියන් සඳහන් කර ඇත්තේ එහි ලියා ඇත්තේ කුමක්ද යන්න ගැන තමන්ට අවබෝධයක් නැති කමින් ඒ සම්බන්ධයෙන් තැකීමක් සිදු නොකළ  බවයි.

පසුගිය සතියේ ද පොලිසිය තම නිවසට පැමිණ සිය පුතා සම්බන්ධයෙන් විමසු බව සදහන් කරන දෙමාපියන් පළාත් බද වාර්තාකරුවන්ට දැනුම් දී ඇත්තේ 2018 වසරේ සිට සිය දරුවා විදෙස් ගතව සිටින බව පොලීසියට දැන්වු බවයි.

වසර ගණනාවක් විදෙස් ගතව සිටින සිය දරුවාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමත් සමග ඔහුගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් බියක් පවතින බව එම දෙමාපියන් පළාත් බද වාර්තාකරුවන් සමග වැඩි දුරටත්  පවසා තිබේ.

 මේ අතර මන්නාරම දිස්ත්‍රික් වාර්තාකරුවන් පවසන්නේ දහසය වසරක් තිස්සේ විදෙස් රටක ජීවත් වන හිටපු කොටි සාමාජිකයකුගේ නිවසට ගිය යුද හමුදාව ඔහු සම්බන්ධයෙන් තොරතුරු විමසීමත් සමග ඔහුගේ ඥාතීන්ද භිතියට පත්ව සිටින බවයි.

පළාත් බද වාර්තාකරුවන්ට අනුව 2004 වසරේ සිට දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සමඟ එක්ව කටයුතු කර ඇති මන්නාරමේ පදිංචිකරුවෙකු වන උයිර් මාරන් නමින් හඳුන්වන සකායනාදන් සන්ධ්‍යාප්පු 2008 වසරේ සිට විදේශයක ජීවත් වේ.

පසුගියදා ඔහුගේ නිවසට ගිය යුද හමුදා සාමාජිකයන් ඔහු සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම නිසා ඔහුගේ  ඥාතීන් ද බියට පත්ව සිටින බව පවසන ප්‍රදේශයේ වාර්තාකරුවන් අවධාරණය කරන්නේ  සකායනාදන් සන්ධ්‍යාප්පු යුද හමුදාව වෙතින් පුනරුත්ථාපනය නොවු අයකු බවයි.

අධිකරණ පටිපාටියකින් තොර සිරගත කිරීමක් ලෙස මානව හිමිකම් ක්ෂේත්‍රයේ හෙලා දැකීමට ලක්ව තිබෙන හමුදා පාලනයක් යටතේ පවත්වාගෙන යනු ලැබූ ආණ්ඩුවේ පුනරුත්ථාපන වැඩ පිළිවෙල පවත්වාගෙන ගිය කඳවුරු තුල ලිංගික ප්‍රචණ්ඩතා ඇතුළු වධහිංසා කරන ලද බවට විශ්වසනීය සාක්ෂි ලේඛනගත වී තිබේ.

CTID කැදවීම් දිගටම


මේ අතර දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) හිටපු සාමාජිකයකු සහ හිටපු සටන්කාමීන්ගේ සුබසාධක සංගමයේ සාමාජිකයෙකු වන අරවින්දන් නමින් ප්‍රකට සෙල්වනායගම් ආනන්දවර්ණන් ට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර තිබුනි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ඔහුගේ ෆේස්බුක් ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මාර්තු 12 වැනිදා කොළඹ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මාර්තු 9 වැනිදා ඔහුට දැනුම් දී තිබු බවයි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ  වව්නියාව ශාඛාවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ.යූ.එස්.කේ. හේවාවසම්ගේ අත්සනින් යුත් ලිපියක්  මගින් එම කැඳවීම සිදු කර තිබු බව ඔවුහු වැඩි දුරටත් පවසති.

තම රාජකාරි කාලසටහනට අනුව එදිනට එම විමර්ශනයට සහභාගී විය නොහැකි බව CTID ට දන්වා ඇති  සෙල්වනායගම් ආනන්දවර්ණන් ඒ වෙනුවෙන් වෙනත් දිනයක් ඉල්ලා ඇති අතර මේ දක්වා තමන් එම විමර්ශනය සදහා නොගිය බව ඔහු පළාත් බද වාර්තාකරුවන් සමග පවසා තිබේ.  

 මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මුලතිව් දිස්ත්‍රික් මාධ්‍ය නිලධාරියා ලෙස කටයුතු කරන තිරුචෙල්වම් දිවාකර් ද මාර්තු 15 වැනිදා කොළඹ පිහිටි  ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID)  ය වෙත කැදවා තිබුනේ එම කැඳවීමට හේතු නොදන්වමිනි.

නිදහස් මාධ්‍යවේදියෙකුද වන තිරුචෙල්වම් දිවාකර් ද තමා කොළඹ ට කැදවීමට හේතුව කුමක්දැයි මුලතිව් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත ගොස් එහි සිටින ස්ථානාධිපතිවරයාගෙන් විමසා ඇතත් ඊට හේතුව ඔහුට දැන ගන්නට ලැබී නැත.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ තිරුචෙල්වම් දිවාකර් මාර්තු 15 වැනිදා කොළඹ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දී ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද දැනුම් දීමක් කර ඇති බවයි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...