The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට බලතල ඉල්ලා උද්ඝෝෂණ

T

The Leader Desk

March 27, 2024 • 4:43 AM

නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට බලතල ඉල්ලා උද්ඝෝෂණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුර්ණ බලතල සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරමින් එම ප්‍රදේශයේ පාරම්පරික ජීවත් වන දෙමළ ජනතාව මුහුණ දී සිටින පීඩාවන්ගෙන් ඔවුන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස බල කරමින් අරගලයක් දියත් කර තිබේ.
  • පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිය ඉල්ලීම් ඇතුලත් සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් ප්‍රදේශවාසීන් අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මාර්තු 25 වැනිදා ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය 26 වැනිදා දෙවැනි දිනටත් ක්‍රියාත්මක කළ බවයි.
  • විරෝධතාවයට එක්ව සිටින ප්‍රදේශයේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන තාමෝදරම් ප්‍රදීපන් පෙන්වා දුන්නේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා පවා කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රතිපාදන වෙන් නොවන බවයි.
  • කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 1993 දී කැබිනට් පත්‍රිකාවක් මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස උසස් කරනු ලැබුවත් එය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු රැසක් පවතිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පුර්ණ බලතල සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරමින් එම ප්‍රදේශයේ පාරම්පරික ජීවත් වන දෙමළ ජනතාව මුහුණ දී සිටින පීඩාවන්ගෙන් ඔවුන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස බල කරමින් අරගලයක් දියත් කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිය ඉල්ලීම් ඇතුලත් සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් ප්‍රදේශවාසීන් අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මාර්තු 25 වැනිදා ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය 26 වැනිදා දෙවැනි දිනටත් ක්‍රියාත්මක කළ බවයි.

 

අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක් ලෙසට උසස් නොකිරීම නිසා එම ප්‍රදේශයේ ජීවත් වන දෙමළ ජනයා ගැටළු රැසකට මුහුණ දී සිටිති.

 

විරෝධතාවයට එක්ව සිටින ප්‍රදේශයේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන තාමෝදරම් ප්‍රදීපන් පෙන්වා දුන්නේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා පවා කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රතිපාදන වෙන් නොවන බවයි.

“කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන කටයුතුවලට එරෙහිව මර්දනය, දේශපාලන ඇඟිලි ගැසීම් දිගින් දිගටම සිදුවෙද්දී මෙවර අම්පාර දිස්ත්‍රික්කයට DCB ප්‍රතිපාදනයෙන් අපේ කල්මුණේ උතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සතයක්වත් වෙන්කරලා නැහැ. කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 1993 දී කැබිනට් පත්‍රිකාවක්  මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස උසස් කරනු ලැබුවත් එය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු රැසක් පවතිනවා. ”

පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි අම්පාර දිස්ත්‍රික්කයේ, කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 1986 වසරේදී ස්ථාපනය කර තිබෙන අතර 1993 වසරේ අමාත්‍ය මණ්ඩල රැස්විමේදී එම උප කාර්යාලය, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක් බවට පරිවර්තනය කිරිමට තීරණය වී තිබේ.

එම තීරණය ක්‍රියාත්මක කරන ලෙස එවකට ස්වදේශ කටයුතු හා පළාත් රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ එස්. ඒ. ඕබඩගේ විසින් කල්මුණේ ප්‍රාදේශීය ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇතත් එය මෙතෙක් ඉටු වී නැත.

 

කල්මුණේ උතුරු කොට්ඨාසයේ ජීවත් වන දෙමළ ජනයා පවසන්නේ සිය පරිපාලන අවශ්‍යතා ඉටු කරගැනීම වෙනුවෙන් බොහෝ අවස්ථා වලදී මුස්ලිම් ජනයා වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශයක පිහිටි කල්මුණේ දකුණ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය වෙත යෑමට සිදු වන බවයි.

 

කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මුදල් සහ ඉඩම් බලතල අහිමි අතර සංවර්ධන කටයුතුවල දී දෙමළ ප්‍රදේශවලට මුදල් නොලැබිමේ තත්වයකට මුහුණ දී සිටින බවත් ඔවුහු පවසති.

ලියුම් තුන්සීයක්

තාමෝදරම් ප්‍රදීපන් සිවිල් සංවිධාන ක්‍රියාධරයා විරෝධතාවය අතර තුරදී මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් පවසා තිබුනේ මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට ලිපි 300 ට අධික ප්‍රමාණයක් යොමු කර ඇතත් කිසිදු ප්‍රතිළුලයක් අත් නොවු බවයි.

“අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාට සහ විෂයභාර අමාත්‍යවරයාගේ ලේකම්වරයාට ලිපි 300කට අධික ප්‍රමාණයක් ලිව්වත් කිසිම ප්‍රතිචාරයක් ලැබී නැහැ. මේ සම්බන්ධයෙන් මහජනතාව අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා හමුවී සෘජුවම පැමිණිලි කළ නමුත් දිස්ත්‍රික් ලේකම්වරයා තමන්ට මේ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බව පැවසූවා. විෂය භාර ඇමැතිවරයා ලේකම්වරයා සමඟ කතා කර විසඳුමක් ලබා දෙන බව කිව්වා . නමුත් මාස හයක් ගතවී ඇතත් තවමත් ඔහුට නිසි විසඳුමක් ලැබී නැහැ.”

ගණකාධිකාරීවරුන් ඇතුළු වැදගත් පත්වීම් ලබා දී කල්මුණේ උතුරු උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පුර්ණ බලතල සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ද 2023 වසරේ නොවැම්බර් 28 වැනිදා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා තිබුනි.

කල්මුණේ උතුරු උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ග්‍රාම සේවා වසම් 29 ක්‍රියාත්මක  වේ.

 

pro 678138712313123132 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...