කැළි කසල වලින් තොර පිරිසිදු රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් වෙහෙසී වැඩ කරන සනීපාරක්ෂක කම්කරුවන්ගේ අයිතිවාසිකම් පිළිබදව

වගකිවයුත්තන් සංවේදී නොවීම සම්බන්ධයෙන් කම්කරුවන්ගේ නොසතුට පළ වී තිබේ.

ලෝක කම්කරු දිනයට පෙර දිනයේ යාපනය මාධ්‍ය සමාජයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් උතුරු පළාතේ සනීපාරක්ෂක කම්කරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ආශිර්වාදම් ජොන්සන් සදහන් කළේ, වෘත්තිය සමිති ව්‍යාපාර වල සහායෙන් රටේ ඉහළම පුටුවට පැමිණි අය පවා පසුව කම්කරු අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කළ බවයි.

“අපි පැරදිලා. අපේ අයිතිවාසිකම් ප්‍රතික්ෂේප වෙනවා. අපි අපේ අයිතිවාසිකම් ගැන සන්දේශයක් බාර දුන්නත් ඒක ප්‍රතික්ෂේප වෙනවා. මේ රටේ හැම ජනාධිපතිවරයෙක්ම ආවේ වෘත්තීය සමිතියෙන්. නමුත් ඔවුන් රටේ නායකයන් වුණාට පස්සේ කම්කරුවන්ගේ අයිතීන් ප්‍රතික්ෂේප කරන තත්වයක් තමයි තිබෙන්නේ.”

signal 2024 05 03 112941 002

 රාජකාරියේ නිරත සනීපාරක්ෂක කම්කරුවන්ට ප්‍රමාණවත් පරිදි ආරක්ෂිත ඇදුම් සහ පැලදුම් වගකිවයුත්තන් විසින්  ලබා නොදීම නිසා අනාගතයේ දී කම්කරුවන් රෝගීන් බවට පත් වීමට ඇති ඉඩ කඩ සම්බන්ධයෙන්ද ආශිර්වාදම් ජොන්සන් එහිදී අනතුරු අගවා තිබේ.

 
“කම්කරුවන් තමන් රැකියාව කරන කොට ආරක්ෂිත ඇදුම් ඇදින්න ඕන නමුත් ඒවා අඩුයි. අනාගතයේ දී කම්කරුවන් රෝගීන් බවට පත් වෙන්න ඉඩ තියනවා. වැඩ කරන කොට නිල ඇඳුම, පාවහන් සහ අත්වැසුම් අදින්න ඕන. මේ ගැන ඒ ප්‍රදේශවල වගකිවයුත්තන් සහ ආණ්ඩුවේ අවධානය යොමු කරන්න ඕන.”

උතුරු පළාතේ සනීපාරක්ෂක කම්කම්කරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ආශිර්වාදම් ජොන්සන් යාපනයේ දී වැඩි දුරටත් කියා සිටියේ කම්කරුවන්ට ලැබිය යුතු දේ ලබා දීම වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් විය යුතු බවයි.

“පාරේ වැඩ කරන සහ බොහෝ තැන්වල වැඩ කරන කම්කරුවන් ඉන්නවා. කොටසක් රජයේ සේවකයෝ, තවත් කොටසක් පුද්ගලික අංශයේ සේවකයෝ. ආණ්ඩුව අපට දිය යුතු දේ ලබා දෙන්න ඕන. අපේ වැටුප් වැඩි වෙන්න ඕන. ආර්ථික අර්බුදයකදීත් අපි වැඩ කරගෙන යනවා මිසක් අපේ පඩි වැඩි වෙලා නෑ.”

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්