The Leader News
BREAKING
මෙල්බර්න් ළමා අපයෝජන නඩුව: නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්●පාස්ටර් ජෙරොම්ගේ නඩුව මාර්තු 3 වැනිදාට●ඩොලර් මිලියන 25ක ජාවාරම: විධායක නිලධාරියා රිමාන්ඩ්●ලංකා-ලිතුවේනියා මිතුදමට තිස් වසරයි: ඩිජිටල් ලොව දිනන්න නව දොරක්●ආයු සහ බහුචිතවාදියා: සිනමාවෙන් මතුකෙරෙන තිත්ත දේශපාලනය | අතුලසිරි සමරකෝන්●සිවුරක සිටිය යුත්තේ කවුද? | කුසල් පෙරේරා●EXCLUSIVE: පාස්කු මහ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ අභියෝගයට●ලංකා පොස්පේට් සමාගමේ වියදම් පාලනයට දැඩි පියවර●‘දැන් ජයකොඩිට මොකද කරන්නේ?’ - ගල් අඟුරු වාර්තාවක් පෙන්නමින් මරික්කාර් අසයි●නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම●
Top Ad
පුවත්

රටම පිරිසිදු කරන කම්කරුවන් ගැන ‘ලොක්කන් සංවේදී නෑ’

T

The Leader Desk

May 4, 2024 • 3:29 AM

 රටම පිරිසිදු කරන කම්කරුවන් ගැන ‘ලොක්කන් සංවේදී නෑ’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වගකිවයුත්තන් සංවේදී නොවීම සම්බන්ධයෙන් කම්කරුවන්ගේ නොසතුට පළ වී තිබේ.
  • ලෝක කම්කරු දිනයට පෙර දිනයේ යාපනය මාධ්‍ය සමාජයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් උතුරු පළාතේ සනීපාරක්ෂක කම්කරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ආශිර්වාදම් ජොන්සන් සදහන් කළේ, වෘත්තිය සමිති ව්‍යාපාර වල සහායෙන් රටේ ඉහළම පුටුවට පැමිණි අය පවා පසුව කම්කරු අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කළ බවයි.
  • අනාගතයේ දී කම්කරුවන් රෝගීන් බවට පත් වෙන්න ඉඩ තියනවා.
  • මේ ගැන ඒ ප්‍රදේශවල වගකිවයුත්තන් සහ ආණ්ඩුවේ අවධානය යොමු කරන්න ඕන.” උතුරු පළාතේ සනීපාරක්ෂක කම්කම්කරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ආශිර්වාදම් ජොන්සන් යාපනයේ දී වැඩි දුරටත් කියා සිටියේ කම්කරුවන්ට ලැබිය යුතු දේ ලබා දීම වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් විය යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

වගකිවයුත්තන් සංවේදී නොවීම සම්බන්ධයෙන් කම්කරුවන්ගේ නොසතුට පළ වී තිබේ.

ලෝක කම්කරු දිනයට පෙර දිනයේ යාපනය මාධ්‍ය සමාජයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් උතුරු පළාතේ සනීපාරක්ෂක කම්කරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ආශිර්වාදම් ජොන්සන් සදහන් කළේ, වෘත්තිය සමිති ව්‍යාපාර වල සහායෙන් රටේ ඉහළම පුටුවට පැමිණි අය පවා පසුව කම්කරු අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කළ බවයි.

“අපි පැරදිලා. අපේ අයිතිවාසිකම් ප්‍රතික්ෂේප වෙනවා. අපි අපේ අයිතිවාසිකම් ගැන සන්දේශයක් බාර දුන්නත් ඒක ප්‍රතික්ෂේප වෙනවා. මේ රටේ හැම ජනාධිපතිවරයෙක්ම ආවේ වෘත්තීය සමිතියෙන්. නමුත් ඔවුන් රටේ නායකයන් වුණාට පස්සේ කම්කරුවන්ගේ අයිතීන් ප්‍රතික්ෂේප කරන තත්වයක් තමයි තිබෙන්නේ.”

signal 2024 05 03 112941 002

 රාජකාරියේ නිරත සනීපාරක්ෂක කම්කරුවන්ට ප්‍රමාණවත් පරිදි ආරක්ෂිත ඇදුම් සහ පැලදුම් වගකිවයුත්තන් විසින්  ලබා නොදීම නිසා අනාගතයේ දී කම්කරුවන් රෝගීන් බවට පත් වීමට ඇති ඉඩ කඩ සම්බන්ධයෙන්ද ආශිර්වාදම් ජොන්සන් එහිදී අනතුරු අගවා තිබේ.

 
“කම්කරුවන් තමන් රැකියාව කරන කොට ආරක්ෂිත ඇදුම් ඇදින්න ඕන නමුත් ඒවා අඩුයි. අනාගතයේ දී කම්කරුවන් රෝගීන් බවට පත් වෙන්න ඉඩ තියනවා. වැඩ කරන කොට නිල ඇඳුම, පාවහන් සහ අත්වැසුම් අදින්න ඕන. මේ ගැන ඒ ප්‍රදේශවල වගකිවයුත්තන් සහ ආණ්ඩුවේ අවධානය යොමු කරන්න ඕන.”

උතුරු පළාතේ සනීපාරක්ෂක කම්කම්කරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ආශිර්වාදම් ජොන්සන් යාපනයේ දී වැඩි දුරටත් කියා සිටියේ කම්කරුවන්ට ලැබිය යුතු දේ ලබා දීම වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් විය යුතු බවයි.

“පාරේ වැඩ කරන සහ බොහෝ තැන්වල වැඩ කරන කම්කරුවන් ඉන්නවා. කොටසක් රජයේ සේවකයෝ, තවත් කොටසක් පුද්ගලික අංශයේ සේවකයෝ. ආණ්ඩුව අපට දිය යුතු දේ ලබා දෙන්න ඕන. අපේ වැටුප් වැඩි වෙන්න ඕන. ආර්ථික අර්බුදයකදීත් අපි වැඩ කරගෙන යනවා මිසක් අපේ පඩි වැඩි වෙලා නෑ.”

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...