BREAKING
බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●
Top Ad
පුවත්

යල කන්නයේ වී මිලදී ගැනීමට මෝල් හිමියන්ට රුපියල් මිලියන 25ක පොළී රහිත ණය

T

The Leader Desk

August 19, 2026 • 3:50 PM

යල කන්නයේ වී මිලදී ගැනීමට මෝල් හිමියන්ට රුපියල් මිලියන 25ක පොළී රහිත ණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහතික මිල යටතේ සෘජු මිලදී ගැනීම්: නාඩු කිලෝවක් රු. 120කට සහ සම්බා කිලෝවක් රු. 130කට ගොවීන්ගෙන් ලබාගැනීම අනිවාර්ය කෙරේ.
  • මේ  වසරේ (2026) යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් රජයේ වැඩපිළිවෙළ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සහ සමුපකාර සමිතිවලට රුපියල් මිලියන 25ක පොළී රහිත සහන මූල්‍ය පහසුකම් ලබා දෙයි.
  • වසර 2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා රජය විසින් සුවිශේෂී කඩිනම් වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර තිබේ.
  • රජයේ සහතික මිල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ගොවීන්ට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබාදීමත්, පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට වෙළෙඳපොළ තුළ සහල් මිලදී ගැනීමට ඇති හැකියාව තහවුරු කිරීමත් මෙහි ප්‍රධාන අරමුණකි.
අකුරු ප්‍රමාණය (Font Size):

පොළී රහිත සහන කාලය: සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සහ සමුපකාර සමිතිවලට අමතර ගාස්තුවලින් තොරව දින 240ක් ඇතුළත ණය පියවීමේ පහසුකම හිමිවේ.

මේ  වසරේ (2026) යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් රජයේ වැඩපිළිවෙළ යටතේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සහ සමුපකාර සමිතිවලට රුපියල් මිලියන 25ක පොළී රහිත සහන මූල්‍ය පහසුකම් ලබා දෙයි.

වසර 2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා රජය විසින් සුවිශේෂී කඩිනම් වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර තිබේ. රජයේ සහතික මිල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ගොවීන්ට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබාදීමත්, පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට වෙළෙඳපොළ තුළ සහල් මිලදී ගැනීමට ඇති හැකියාව තහවුරු කිරීමත් මෙහි ප්‍රධාන අරමුණකි. මීට අමතරව, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් නඟා සිටුවීම ද මෙම වැඩසටහන මඟින් අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සහය ඇතිව, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සෘජුවම ක්‍රියාත්මක කරනු ලබයි. වැඩසටහනේ සමස්ත අධීක්ෂණ කටයුතු ජනාධිපති කාර්යාලය සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් සිදු කිරීමට නියමිතය.

 දෛනිකව වී මෙට්‍රික් ටොන් 25ක උපරිම කෙටුම් ධාරිතාවයකින් යුත්, ලියාපදිංචි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්. එම ධාරිතාවයෙන්ම යුතු වී මෝල් හිමිකාරිත්වය දරන සමුපකාර සමිති. ඇතුලු මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහභාගී වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත උපරිම වශයෙන් රුපියල් මිලියන 25ක් දක්වා වූ පොළී රහිත සහනදායී මූල්‍ය පහසුකමක් රජය විසින් ලබා දෙනු ඇත.

 අරමුදල් ලබාගත් දින සිට උපරිම වශයෙන් දින 240ක කාලයක් ඇතුළත මිලදී ගන්නා ලද වී, සහල් බවට පත්කර වෙළෙඳපොළ තුළ අලෙවි කර ලබාගන්නා සමස්ත මුදලින් මෙම ණය මුදල පියවිය යුතුය. මෙම සහන කාලසීමාව සඳහා කිසිදු පොළියක්, කොමිස් මුදලක් හෝ වෙනත් අමතර ගාස්තුවක් අය කරනු නොලැබේ.

මෙම වැඩසටහන යටතේ ලියාපදිංචි වන මෝල් හිමියන් සහ සමුපකාර සමිති විසින් අදාළ ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා විසින් නිර්දේශ කරනු ලබන වී ප්‍රමාණය රජයේ සහතික මිල යටතේ ගොවීන්ගෙන් සෘජුවම මිලදී ගත යුතුය. රජය විසින් නියම කර ඇති සහතික මිල ගණන් පහත පරිදි වේ.

ප්‍රමිතියෙන් යුතු රතු හා සුදු නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120.00, ප්‍රමිතියෙන් යුතු සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130.00 කට ලබා ගත යුතු වේ.

වසර 2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ මෙම විශේෂ වැඩසටහන 2026 අගෝස්තු මස 12 වන දින සිට නිල වශයෙන් ආරම්භ කර ඇත.

 ඒ අනුව, ඉහත සඳහන් සුදුසුකම් සපුරා ඇති සියලුම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිතිවලට මෙම වැඩසටහන සමඟ එක්වන ලෙසත්, ඒ සඳහා තම ප්‍රදේශයේ අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් කඩිනමින් ලියාපදිංචි වන ලෙසත් රජය දැනුම් දෙයි.

(සටහන | ජේ.මුණසිංහ) 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...